කොළඹට අම්බානක වහිනව. පට්ටම බඩගිනී එලියට යන්න විදිහක් නෑ නාගෙන එන්න වෙනවා ශුවර්. හෙම්බිරිස්සාවක් උනක් හැදුනොත් ඒකත් සාපයක්
කරන්නම දෙයක් නැති තැන මන් ubereats එකෙන් කොත්තුවක් ඕඩර් කරා .කඩේ 300 කොත්තුව මේකේ 420යි ඩිලිවරි චාජ් එක 90 යි . කරන්න දෙයක් නෑ බැන බැන හරි කනවා කියලා ඕඩර් කරා
දැන් විනාඩි 45 කට කිට්ටුයි . ඇප් එකේ පෙන්නවා කෑම එක හදලා ඉවරයි ඒත් ඩිලිවරි කරන එකා මගෙ කෑම එක අරන් නෑ කියල.
මට ඌට කෝල් කරලා බනින්න හිතුනා. ඒකටත් රුපියලක් හරි යනවනෙ මටනෙ පාඩු. ආවම ඕකට සතේක ටිප් එකක් දෙන්නෙ නෑ. එක තරුවක් දාලා රේට් කරල රිපෝට් එකක් ගහනවා කියලා හිතාගත්තා. සල්ලි වැඩියෙන් ගෙවලා බඩගින්නෙත් ඉන්න ඕනෙ .
ඔන්න විනාඩි 20 කට පස්සෙ මූ ආවා අපේ ලේන් එක ඉස්සරහට . ඇවිල්ලා මැසේජ් එකක් දැම්මා im arrived කියලා. ඌට ඕනෙ නම් කෝල් කරලා අපේ ගේ ඉස්සරහට එයි . විනාඩි දෙකකින් විතර කෝල් එකක් එනවා
“සර් මන් ඇවිල්ලා ඉන්නෙ”
“කෝ අපෙ ගේ ඉස්සරහ නම් මොකෙක්වත් පේන්න නෑ”
“සර් මන් ලේන් එක ඉස්සරහ ඉන්නෙ “
“ඇප් එක බලනවකො. ඕකෙ තියෙන්නෙ ගෙදර නම්බර් එක එක්ක ඇඩ්රස් එක දාලා . ඩිලිවරියත් පරක්කුයි . හරියට වැඩක් කරන්න බැරිද?ආහ් මන් ගාව 1000ක් තියෙන්නෙ ගානට මාරු අරගෙන එන්න ඇවිල්ලා මාරු නෑ කියන්න එපා”
“සොරි සර් “
“කලු පාට ගේට්ටුව ලගට එන්න . මට තෙමෙන්න බෑ “
මන් ගේට්ටුව ලගට ගියා . මට වඩා අවුරුදු 2 ක් විතර වැඩිමල් කොල්ලෙක් ස්කූටියක . වැස්සට නෑවිලා ගිහිල්ලා.
“සොරි සර් වැස්ස නිසා පොඩ්ඩක් පරක්කු උනා”
ඌව දැක්කම මට මතක් උනා මට හම්බෙලා තියන චරිත ටිකක්.
අපි ඉස්කෝලේ යද්දී කීයක් හරි හොයාගන්න ඕන උනාම (බොන්න,ට්රිප් යන්න ගෙදරින් සල්ලි ඉල්ලන්න හිතට මොකද්ද වගේ නිසා) ගෙවල් වලට හොරෙන් මෑන් පවර් එකක වැඩ කරා . දවසට 1000 ක් හම්බෙනවා. අපි සෙට් එක ඉතින් ඩල්ලි ඕන උනාම ඒකට ගිහිල්ල දවස් දෙකක් විතර වැඩ කරනවා.
එතන වැඩ කරපු කොල්ලෙක් හිටියා අනුරාධපුරේ ඉදලා ඇවිල්ලා අවුරුදු 5 ක් වැඩ එතන . එකෙක් 1500 ගානෙ දාලා බොන්න තමයො වැඩ කරන්නෙ කියලා දැන ගත්තම ඌඋඩ ගියා ඌ දවසට 400 ක් තියාගෙන ඉතුරු 600 ගෙදරට යවනවා . රෑට සිකියුරිටි ජොබ් එකක් කරනවා. උදේට ප්ලේන්ටියයි දවල්ට බනිස් එකයි කිරි තේකයි බොන්නෙ. රෑට කෑම නිනක් හම්බෙන්වලු. ඌටයි මටයි තිබුනෙ බෝතල් අදින්න. බෝතල් ගන්න රැක් එක්ක් උඩට නගින්න ඕනෙ. වැරදිලා වත් වාටුනොත් වැටෙන්නෙ වීදුරු බෝතල් ගොඩක් උඩට.ඌ මට කවදාවත් බෝතල් ගන්න නගින්න දුන්නෙ නෑ,ඌ නැග්ගා මිසක.
ඌ ගාව රුපියල් 20 ක දුම්කුඩු තිබිලා අහුවෙලා ජොබෙන් අයින් කරා.
මම ඒලෙවල් ඉවර වෙලා කෝස් එකක් කරා . ඒකට ආපු කෙල්ලෙක් හිටියා කෝස් එකට සල්ලි ගෙවන්න මදිවෙලා කරාබු දෙක උකස් තියලා 5000 ක් ගත්ත. අපි අන්තිම දවසෙ පාටියක් දැම්මා . 3000ක් වියදම් කරලා ගෲප් ෆොටෝ එකක් අරන් රාමු කරලා සර් ට දුන්නා. ඊට පස්සෙ ඒ කෙල්ලට මොනවා උනාද දන්නෙ නෑ . ඒත් අපිට පාටිය දාපු සල්ලි වලින් ඒ කෙල්ලගෙ කරාබු දෙක බේරලා දෙන්න තිබ්බා .
කෝච්චි ස්ට්රයික් දවසක මම ගමේ යද්දී අන්කල් කෙනෙක් මට ෆුට් බෝඩ් එකෙ ඉඩ දීලා ජනේලෙක එල්ලිලා ගියා. මොරටුව පැත්තෙන් යද්දී වහලෙකට දාපු ටකරමක් ඇගේ වැදුනනම් එහෙම ඉවරයි ඒ මනුස්සය .දකුණු කලුතරින් බැහැලා “පරිස්සමෙන් යන්න පුතා ” කියලා ගියා.
(කවුරු හරි කියනවා නම් ලංකාව දියුනු කරන්න බැරි මේ මිනිස්සු නිසා කියලා ඌ පට්ට වැරදී. උදේ 2.40 ට මාතරින් එන ට්රේන් එකේ 3rd class එක අම්බලන්ගොඩට එද්දී කට කපලා.2 nd Class එකේ පොඩ්ඩක් ඉඩ තියනවා . ඒ මිනිස්සුන්ට 2nd class යන්න රුපියල් 70 ක් වැඩියෙන් වියදම් කර්න්න අමාරු නිසා. ඒ මිනිස්සු මන්ත්රීලට බනින එක සාදාරනයි)
කැම්පස් එකේ හොස්ටල් එකේ දවල්ට ඉන්න බෑ රස්නෙයි . මම විනාඩි 10 න් දහයට වතුර බොන්න ඩිකැනටරේ ගාවට යනව (ෆිල්ටර් එක). එතනට පේනව එලියෙ කොල්ලො දෙන්නෙක් බ්ලොක්ගල් වගයක් බානවා. අපිට ෆෑන් දාලත් ඉන්න බැරි වෙලාවෙ උන් කට්ට අව්වෙ වැඩ. එකෙක් ගෙ දාඩිය ලොරියෙ යකඩ තට්ටුව (ටේලර් එක ) උඩට වැටිලා බලන් ඉද්දි වාශ්ප වෙලා යනවා. බාද්දි බ්ලොක් ගලක් කැඩුනොත් ලොරියෙ ඩ්රයිවර් බනිනවා . ශුවර් එකට අලුතෙන් වැඩට ආපු කොල්ලො දෙන්නෙක්.පඩියෙන් කපනවා ඇති. උන්ගෙ ඇගේ සයිස් එක තියන අපේ කැම්පස් එකේ කොල්ලෙක් මන්දපෝෂණේට බෙහෙත් ගන්නවා.
යුද්දෙ ඉවර වෙච්ච කාලෙ අපි යාපනේ ගියා .කොටි අල්ල ගත්ත නැවක් තියනවා. ඒ කාලෙ ඒක බලන්න යද්දී පැත්තම කාන්තාරෙ වගේ. පැත්තෙම කොටින්ගෙ වාහනයි කැඩුනු ගෙවලුයි විතරයි .එක ගෙදරක වහලෙට පොලිතින් එකක් ගහගෙන පවුලක් ජීවත් වෙනවා. අම්මයි පුතාලා දෙන්නයි. ඒ ලමයි අපේ වාහනෙටත් අත දාලා කන්න මොනවහරි ඉල්ලුවා. අපි රුපියක් 4000 ක් දුන්නම කිව්වා පාන් ගෙඩියක් තියන්වනම් දෙන්න සල්ලි හම්බුනාට කඩයක් හොයාගන්න කිලෝමීටර් 7 ක් වත් යනවා කියලා. තිබ්බෙ බිස්කට් පැකට් 1 යි වේපස් 1 ක් විතරයි ඒ දෙක හම්බුනාම ඒ ලමයෙන්ගෙ මූනෙ 4000 ක් හම්බුනාට වඩා සතුටක් තිබ්බා
ඒ මිනිස්සුන්ට දැන් මොනවා වෙලා ඇතිද? කොරෝනා නිසා ජොබ් නැති උනාද? වෙන තැනක වැඩ කරන්වා ඇතිද? ජීවත් වෙනවද කියලා මන් දන්නෙ නෑ.
ඒ මිනිස්සුන්ට මට ආයෙ උදව් කරන්න හම්බෙයිද දන්නෙත් නෑ.
තමන්ගෙ සල්ලි තමන්ට ඕන විදිහට වියදම් කරන්න පුලුවන් ඒක ඇත්ත .කාටවත් බල කරන්න බෑ උබේ සල්ලි වලින් අසරන උන්ට උදව් කරපන් කියලා.ඒත් අපිට උදව් කරන්න බැරි කමක් නෑ නේද? …………………
“සර් ගාන 510 යි “
“මෙතන දාහක් තියනවා ඉතුරු තියාගන්න”
උපුටා ගැනීම: Dulana Susangith