ඩෙන්මාකය ලංකාවට වඩා කුඩා රටක්. ජනගහනය ලක්ෂ 58 ක්
දල වශයෙන් අපේ රටේ ජනගහනයෙන් හතරෙන් එකක්.
මෙවර ඔවුන් ලබාගත් ඔලිම්පික් පදක්කම් ප්රමානය 11 ක් . රන් පදක්කම් 3, රිදී 4 සහ ලෝකඩ 4 වශයෙන්. එය ලෝක මට්ටමින් 25වන ස්ථානය මම අන්තර්ජාලයේ දැක්ක විදියට.
ඔලිම්පික් ඉතිහාසයේ මෙතෙක් ඔවුන් ලබාගෙන තිබෙන මුළු පදක්කම් සංඛ්යාව 205 ක්. රන් පදක්කම් 48, රිදී 78 සහ ලෝකඩ 79.
ඇමරිකාව එංගලන්තය වැනි රටවලට වගේ ක්රීඩාවට දක්ෂ කළු ජාතිකයන් ඔවුනට නැහැ. ඔවුන් බොහෝ දෙනෙක් සාමාන්ය ඩැනිෂ් ජාතිකයන්.
මේ තරම් පුංචි ජනගහනයක් කොහොමද මේ තරම් ජයග්රහනයක් ලබාගන්නෙ ?
ඔබ කියයි ක්රිඩාවට වෙන් කරන්න ඕනි තරම් ඔය රටවලට මුදල් තියෙනවා. අපි එහෙමද. හුඟක් දුප්පත් .
නැහැ මුදල් වලට බැහැ දක්ෂතාවයක් ඇතිකරන්න. මම හිතන්නෙ නැහැ. නමුත් දක්ෂයන් යම් ප්රමානයකට ඔප මට්ටම් කරන්න මුදල් බලපානව.
මගේ දුව දැන් ඉගෙන ගන්නෙ පහ වසරේ. හැම සිකුරාදම ඔවුන්ට උදේ වරුව ක්රීඩා විෂය. සිකුරාද උදේම ඔවුන් යන්නෙ sports by (ක්රීඩා නගරය) කියන ගෘහස්ත සහ එලිමහන් ක්රීඩාගාහරයට. පහසු ක්රීඩා ඇඳුමකින් සැරසිලා. ක්රීඩාගාරය හුඟක් පහසුකම් සපිරි ඉහල මට්ටමේ එකක් උනත් ඔවුන් මේ කාලයේ පුහුණුවීම් කරන්නෙ පිටත. ඔවුන් කරන්නෙ මහා මුදල් වැයවෙන ක්රීඩා නෙවෙයි. උස පැනීම, දුර පැනීම, යගුලිය විසි කිරීම සහ මීටර් 400 දිවීම. හැම සිකුරාදම පුහුණු වීම්. දවල් 11 ට ඇඟ සෝදගෙන ඇඳුම් මාරුකරගෙන සියළුම දරුවන් බයිසිකල්වල නැඟල කිලෝමීටර් තුනක විතර දුර ඉස්කෝලෙට යනවා. තනිවම.
ඒ අතරෙ ඒ දුර දුවන්න කැමති ලමයි පාසැලට දුවන බව දියණිය මට කිව්වා. ඇයගෙ එක් යෙහෙලියකුත් එහෙම දුවනවා. දුවන්න කැමති නිසා එදිනට ඇය එන්නෙ බස් එකේ උදේට. දරුවො ස්වාධීනයි. යාළුවා කරන දෙයම අනුකරණය කරන්නෙ නැහැ.
පහුගිය අවුරුදු කිහිපයේ ඔවුන් පාපන්දු, බැට්මින්ටන්, පිහිනුම් වැනි ක්රීඩා පුහුණු වුනා.
ඊට අමතරව සෑම වසරකම මැරතන් දුවන දවසකුත් තියෙනව. දිව්ව දුර ප්රමානය සහිත සහතිකයක් දරුවන්ට පිරිනමනවා. මගේ දුවත් කිලෝමීටර් 8කට ආසන්න හෝ වැඩි ප්රමානයේ දුරවල් සහිත සහතික ගෙනාව පසුගිය වසර කිහිපයේදීම.
මේ ඔවුන් දරුවෝ ක්රීඩාවට යොමු කරන විදිය. දක්ෂයෝ උකහා ගන්නා විදිය. සෑම සතියකටම වරක් ක්රීඩා වරුවක් පාසැල් විෂය නිර්දේශයට ඇතුලත් කිරීම. මේ ක්රීඩා කරවන්නෙ විශේෂ පුහුණුකරුවො නෙවෙයි. ඔවුන්ගේම ගුරුවරු. සමාන වසරවල පන්ති සියල්ලටම එකම වෙලාවක. එනිසා සෑම විෂයක්ම උගන්වන ගුරුවරු මාරුවෙන් මාරුවට සහභාගි වෙන බව දුව කිව්වා.
මේ කොරෝනා ඉවරවුන අනාගතයක අපේ දරුවනුත් නිතිපතා ක්රීඩාවට යොමුකරන විෂය නිර්දේශයක් සැකසීම ගැන බලධාරීන්ගේ අවධානය යොමුවෙනවා නම් හොඳයි නේද? හුඟක් මුදල් වැයවෙන පටිපාටියක් නෙවෙයි. ක්රීඩා නගර නැතිවුනාට අපේ බොහොමයක් පාසැල් වලට පිට්ටනියක් තියෙනවා. නිති පුහුණුවීම් තුලින් දක්ෂයෝ මතු කරගන්න ක්රමයක්. සෑම දරුවෙකුටම උරගාන්න අවස්ථාව දෙන ක්රමයකින් මෙවැනි ක්රමයකින් අපේ රටේ මිණි කැට මතුකරගන්න අපිටත් පුළුවන්.
සමහරු කියයි අපේ දරුවන්ට කොයින්ද ක්රීඩා ඇඳුම් , ක්රීඩා සපත්තු. මගේ පාසැලේ දරුවො මේ තරම් දුප්පත්.
ඒකට මම කතාවක් කියන්නම්. මගේ දුව දෙක වසරෙදි ඔවුන් රඟ දැක්වූවා නාට්යයක්. “Pirates of the Caribbean “. මුහුදු මංකොල්ලකාරයොන්ගෙ කතාවක්. දුව කිව්වා ඒකෙ ඇයගෙ චරිතයට පරණ කලිසමක් සහ ටී ෂර්ට් එකක් ගෙන්න කිව්ව බව. මට ඒක හිතට මදි. ඉතින් මම අන්තර්ජාලය පීරල ඇනවුම් කරල මිලදී ගත්ත මුහුදු මංකොල්ලකාරයන්ගෙ ඇඳුම් කට්ටලයක්.
නමුත් නාට්යය දවසෙ අනිත් හැම දරුවෙක්ම ඇඳල හිටියෙ පරණ ටීෂර්ට් කලිසම්.
රෙදිපටි බැඳල, නොයෙකුත් රළු පින්තාරු කරල , ඇඳුම් ඉරල, හිල්කරල හරිම ලස්සනට රළු මුහුදු මංකොල්ලකරුවන්ගෙ සැබෑ පෙනුම ගුරුවරු අරගෙන තිබුණා. මම එදා ඇත්තටම ලැජ්ජා වුනා.
එනිසා ගුරුවරුන්ට පුළුවන් මේ ක්රීඩා පුහුණුව ඇති හැකි, නැති බැරි කොයි දරුවටත් සහභාගි වෙන්න පුළුවන් තැනක් කරන්න. නයික්, ඇඩිඩාස් වත්කම් ප්රදර්ශනයක් නොකර. ඒකත් හුඟක් වැදගත්.

උපුටා ගැනීම: Nandani Wijayabandara