දෙයියෝ! (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ලස්සන ගමක තමයි අපේ පාසල් නිවාඩු කාලේ ගෙවුනේ. මේ කතාව වුනේ මගෙ අම්මගෙ පුංච් අම්මෙක්.. ඒ කියන්නෙ මගෙ කිරි අම්මෙකුයි අත්තෙකුයි ඉන්න ගෙදර. ඔය ගෙදර හිටිය අක්කෙක්. නෑ කමට නැන්දා උනාට අපි කියන්නෙ අක්කා කියලා.
ඉතින් නිවාඩු කාලෙ ඔය අක්කලාගෙ ගෙදර ගිහින් හිටියා මන්. එහෙ තියෙනවා දේවාලයක්.හරිම ලස්සනයි වටපිටාව ගෙදර තිබ්බෙ වෙලක් මැද්දෙ. දේවාලෙ තිබ්බෙ ගෙදරට එන පාරෙ මිදුලෙ වෙලත් එක්කම..ඔය වෙලෙයි දේවාලෙ ලගයි තියනවා උල් දිය දාන ලිදක්.. දේවලෙයි ලිදයි එකටම තියෙන්න. දේවාලෙ පල්ලෙහා තමා ලිද තියෙන්නේ . මාරම ලස්සනයි පරිසරය.
කොහොමහරි මේ අත්තා පාට් ටයිම් දෙයියෙක්. දෙයියගෙ ට්රාන්ස්ලේට තමයි අක්කා. අක්කා එතකොට උසස්පෙල කරනවා. මට අවුරුදු නවයක් වගේ. ඔය අවුරුදු නවය ගෙවා ගන්න මන් විතරක් නෙමෙයි අම්මලත් නොසෑහෙන්න මහන්සි උනා. සමන්මලි අක්කගෙ කේස් එකෙන් පස්සෙ අනිත් ගමට යන්න බැරි නිසා මේ පාර නිවාඩුව මෙහෙ තමයි ගෙවා ගත්තෙ.
මන් ඉතින් එදා ඉදන්ම හොල්මන් වලට සුලුදිය පහවෙන්න තරමටම බයයි. කොටින්ම රෑට කාමරේකින් කාමරේකට මාරුවෙන්නෙ පිරිත් පොත ඔලුවෙ තියාගෙන. ඒත් ඔය හොල්මන් ගැන අදටත් පුදුම කුතුහලයක් තියෙන්නේ. අහන්න අහන්න ආසයි…ඒත් ආසයි බයයි සීන් එකක් තමයි තියෙන්නේ.
ඔය කියන දවසෙ රෑ ඉතින් අර අක්කට දස වදෙන් තුන් කාල බැගින් දවසට තුන් වරක් දීල දීල් රෑට හොල්මන් කතාවක් අහගත්තා. ඒ පැත්තෙ ආච්චියක් ඉදලා තියනවලු ඒ ආව්චිට අර බ්ලැක් ප්රින්ස්ගෙ සීන් එකක් තිබිලා තියනවා. ඉතින් අදුර වැටීගෙන කලුවර වී ගෙන එන වෙලාවට තමයිලු මෙයා නාන්න යන්නෙ..රැහැයියො කෑගහන සද්දෙ එහෙමත් එනකන් එහෙම ඉදලා මහා රෑ උනාමලු ගෙදර එන්නෙ… ඔය කතාව දිගට දිගට කියාගෙන හිහින් කලු කුමාරයාගෙන් කතරගම දෙයියන්නාන්සෙට මාරු වෙල එතනින් කලුබන්ඩාර හිටිබන්ඩාර දේවතාවුන් වහන්සේලාවත් වැද්ගෙන කරගෙන තමයි කතාව ඉවර උනේ. මෙච්චර මේ මිදුල මැද්දෙ දේවාලයක් තියාගෙන මන් මොකටද බය වෙන්නෙ කියලා හිතාගෙන නින්දට ගියා මාත්. කොහොමත් එන යකෙක් මිදුල මැද්දෙන් දේවාලෙත් පහුකරගෙන සාලෙ මැද්දෙ බුදියන් ඉන්න කපුවත් පහුකරගෙන එහා පැත්තෙ නිදන් ඉන්න ආවතේව ගෝලබාලයවත් පහු කරගෙන තමයි මං ලගට එන්න ඕනෙ. ගමන දුෂකරයි කියලා තේරුම් ගත්තු මංතුමී අක්කා ලගින් එන කට්ටකුමංජල් සුවද ආග්රාහනය කරමින් නින්දට වැටුනා. වැටුනා නෙමෙයි පත බෑ උනා. ඔයාලා දැන් කට ඇරැන් කියෙව්වට වැඩක් නැ පිංවතුනි එදා රෑ මුකුත් උනේ නෑ සුභ සිහින දකිමින් මන් හොදට නිදාගත්තා. උදේ නැගිටිනකොට අක්කා තේ එකත් තියාගෙන…
” විල්තෙර ඉන්නෙ ඔයා… නැගිටින්න මංද පමා…” කියලා නැගිට්ටෙව්වා. ගංගා නදියෙ ඔබලා ගත්තු එලදෙන වගේ බාගෙට නාගෙනම මාත් නැගිට්ටා.
කොහොමහරි කොට්ට මෙට්ට හොදලා මාත් ලෑස්ති වෙලා ගියා අත්තා ගාවට. සෙනසුරාදා දවසක් නිසා දෙයියො ඔන්ලයින්. එහෙ ඉස්තොප්පුවේ තිබුන පොඩි බූරු ඇදක්. ඔන්න ඕකෙ දැන් අත්තා ඉන්නවා බාගෙට නිදාගෙන. මටත් වස කම්මැලියි. ඔතෙන්ට ගිහින් අත්තගෙන් දැන් ප්රශ්න අහනවා මන්..
දෙයියො කියන්නෙ කාගෙ කවුද.. දුර නෑකමක්ද…..ලග නෑකමක්ද… දෙයියො කොහොමද ඔයාව අදුනන්නෙ..දෙයියො එන්නෙ අටේ බස් එකේද.. පහේ බස් එකේද.. ඇයි දෙයියො ඔයා ගෙදර ඉන්න වෙලාවට විතරක් එන්නේ…ඔයා දෙයියන්ට කතා කරන්නෙ කොහොමද….ඔහොම අහලා අහලා.. අත්තත් දැන් දෙයියන්ගෙ අත්තා මුත්තා පනත්තා ගැනත් කියලා දීලා ටිකක් උගුර පාදලා..
ඕංංං ශ්රි විෂ්ණු විභීෂණ කතරගමං යාග චරණන්..මුරුංගා ගහේ අත්ත වැටියං…ටිකිරි ලියාට කබරයා කාපන්.. පෙත්තා බත් කාලා බුදියාපන්….යට ලීයෙ පානාවා උඩ ලීයේ ගහාපන්…තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා දිවසින් හිටගෙන බලාපං…කියනකොටම මෙන්න බොලේ දෙයියො කෙලින්…දැන් අත්තා ඇස්දෙකෙන් දුම්දාගෙන වැනියං කලු වැනියං කියලා වැනෙනවා…
කිරි අප්පොච්ට ඉක්කා වැටෙන්න දැන් මක් කොරන්නද… මේන් ආතා ආවේස වෙලා…හීන් හඩින් අක්කේ අක්කේ කියලා දෙපාරක් කිය ගත්තා..අක්කට ඇහුනද නැද්ද මන්දා…දෙයියට නම් නහුතෙටම තද වෙලා කියලා තේරුනා..
හෙයි සත්තා.. හොයි සත්තා.. හයි සත්තා….. දරුවා දරුවා කිය කියා ස්පැනිශ් වලින් සට සට ගාලා වනනවා..වනලා නිකන් ඉන්නවා නම් මදෑ…මේන් බොලේ සරමත් ඇදගෙන පහතරට අඩව්වක් අල්ල අල්ල ලගටම එනවා….හැමදාම වගේ වැන්දා කකුල් දෙකට සාදු කාරයක් දීලා…මෙදා පොටේ දෙයියන්ට කියන්න දෙයක් නෑ. ඒ වෙනකොටත් දෙයියො දරුවා සරි දරුවා සරි කිය කියා හිටගෙන ඉන්නවා . ගෙට දුවාගන්නත් බෑ දෙයියො දොර ඉස්සරහා.. දකුනට හෝන් ගහලා වමට කපලා පිටපස්සට රිවස් අරන් නිරිතට හැරිලා දිව්වා දිවිල්ලක්…සාය වෙලේ මන් මිදුලේ… අම්මටසිරි දෙයියොත් පිස්සා නම් ඔලුව වනයි වනයි කිය කියා එනවා දැන්….දෙයියො දරුවා දරුවා ගෑවට මන් ළදරුවාටත් හපන් මුත්රා බොක්ක සුලැගිල්ලෙ වැදි වැදි සාය ලෙල දි දී මන් දැන් දුවනවා. වඩිග පටුන උඩරට තාලෙන් නට නටා දෙයියන්නාන්සෙත් ලග ලගම වඩිනවා..
දැන් මිදුල මැද්ද මාරක ලිද වගේ…දන්න වෙට්ටු සේරම දාලා මන් දුවනවා.. දෙය්යන්නාන්සෙට වංගු ගන්න අමාරුයි ටිකක්.. තඩි බඩක් තිබ්බ උන්නාන්සෙට.
ගේ කුරුල්ලා නම් ඌ ඉන්න ඕනේ ගේක.. ගිරවෙක් නම් ඌ ඉන්න ඕනෙ බෙනේක. පත්තෑයෙක් නම් ඌ ඉන්න ඕනෙ අස්සක. දෙයියෙක් නම් ඌ ඉන්න ඔනෙ.. සමාවෙන්න උන්නාන්සෙ ඉන්න ඕනෙ දේවාලෙක. ඉතින් මාත් සුක්කානමට අත දාලා කැරකුවා දේවාලෙට. දෙයියොත් තාලෙට අම්බිලි පැන පැන මගෙ පස්සෙන් එනවා. දෙයියන්ට ඇතුලට යන්න දීලා මන් පැත්තකට උනා. අපේ බල්ලටත් ඉව තියනවා දෙයියන්ට වඩා. දේවාලෙ උස්සන් දෙයියො ලගට ගෙනාවත් මෙයා නෙමෙයි ඒක ඇතුලට ගියේ. සමහරවිට මාව පාර්වතී වගේ පෙවුනා වෙන්න බැරි කමකුත් නෑ. අමන්දානන්දයට පත් වූ දෙයියන්නාන්සෙ මගෙ ශරීර කූඩුවටම ඇදිලා ඉනවා. ඔන්න ඉතින් දැන් ආයෙ නටන්න ගන්නවා.
ලෙසටම නටනවා දැන්… හෙයි සත්තා හේයි… හොයි සත්තා හෝයි…
ඈත ටන් එන්නෙ සෙල්ලි සෙල්ලියේ….
මෑත හිටන් එන්නෙ සෙල්ලි සෙල්ලියේ…
දෙයියානම් ඉන්නෙ සෙල්ලි සෙල්ලියේ….
හිච්චි කෙල්ල මුත්රා කරයි පස් කන්ඩියේ…
මන් දෙපාරක් විතර වටපිට බැලුවා…ම්ම්හ්ම්ම් යන්න තැනක් නෑ….දේවාලෙ ඇතුලට රිංගා ගත්තොත් හුබහට රිංගා ගත්තා කොට්ටෝරුව වගේ ආයෙ එලියට එනවා බොරු..ඒ හින්දා පොඩ්ඩක් සයිඩ් එකට උනා. ඒ අස්සෙ දෙයියන්ගෙන් අණක් ආවා.. වදගනින් කියලා…අවසාන මොහොත මාගෙ දේවාලෙ දෑස මානෙ… පෙනේවි රූපෙ ඔබගෙ… කුරුරු උ දෙයියො ඔබනෙ.. කියලා වැදගත්තා දොහොත් මුදුන් තියලා.
මන් දැන් වදිනවා. දෙයියො වැනෙනවා.. කුරුල්ලො බඩගානවා.. කූඹි පියාඹනවා… වටපිටාව කලුවර වෙලා මගෙ දර්ශන පතය කැලඹිලා. බෙංගාල බොක්ක අදීපීඩනය වෙලා සුලුදිය මගයි ගියෙ ඉතිරුටික බ්ලොක් වෙලා…
දෙයියො- ( ඔලුව වන වනා තුනටිය අල්ලගෙන..)
දරුවා… ම්ම්ම්හ්හ්හ් හ්ම්ම්ම්හ් දරුවා.!!!. දෙයියන්ට හැති දැන්..
මන්- ඉහි…. ඉහී…කොහොමද ඔබ වහන්සේට..
ඔයිට කලින් මන් දෙයියෙක් එක්ක තියා කපුටෙක් එක්කවත් කතා කරලා තිබ්බෙ ඉස් ඉස්සරලම කවුරු කතා කරත් හායි හව් ආ යු! අයිම් ෆයින්.. තැක් යු! හව් අබවුට් යු! කියලා අහලා පුරුද්දක් තිබුනා.
දෙයියො- දරුවා අධ්යාපනයට දුර්වලයි …
මන්-: (අම්මා තමයි කියලා ඇත්තෙ සුවර් එකටම) ඉහි…ඉහී…
දෙයියො- දෙමව්පියන්ට අකීකරු දරුවෙක්..
මන් -: අනේ යන්න දෙන්නකෝ.. ඉහී ඉහී ඉහී…
දෙයියො – නට නට ලගට ඇවිත් ඔලුව අල්ලාගත්තා අම්මා ඉතින් එතනමයි බ්ලොක් අන්බ්ලොක් උනා බොක්ක වේගෙන් කැරකුනා…..
ගංගා දිය වැල් ගලා.. යන ලෙස වෙල දිහා බලා… කරන්න දෙයක් නෑ අතින් තද කරගත්තා…
දෙයියො-: දේව භූමිය අපවිත්ර කරන්න එපා.. කියනකොටම මන් බයටම දැන් පිටිපස්සෙන් පිටිපස්සට ගියා.. මාව අල්ලාගන්න දෙයියොත් ආවා.. මන් දැන් මුත්තා මැරිලා වගේ අඩනවා…
අඩන්න එපා දරුවා අඩන්න එපා දරුවා….අඩවලා අඩවලා අඩන්න එපාලු දෙන්නම් දෙයියන්ට කියලා කදුලුයි හොටුයි කෙලයි සේරම පිහදාලා…. දුවනවා ඇර කරන්න දෙයක් තිබ්බෙම නෑ මට. සුර අසුර යුද්දෙට කොමාවක් තියලා දෙයියව පොඩ්ඩක් අහකට තල්ලු කරලා දිව්වා මන්. අඩි හතරක් තියන්න ඇති උපරිම …
ජබොග්..බොග්…. අම්මෝ…….. කියලා බැක්ග්රවුන්ඩ් එක සවුන්ඩ් පලාගෙන දෙදුරුවා…
හුටා දෙයියෝ ලිදේ.. දෙයියන්නාන්සෙටම පෙනියන්!!! දැන් ඉතින් මොන දෙයියන්ට කියන්නද… ආයෙ ඇවිල්ලා පල්ලෙහා බලද්දි ඇත්තටම අත්තා ලිදේ බැම්මෙ එල්ලිලා.. ඒක බලලා ආයෙ දුවන් ගිහින් කදුලුත් දේවාලෙ රෙද්දෙන්ම පිහගෙනම…. තද නිල් සීකුවින්ස් අල්ලපු ලස්සන රෙද්දක්.. ආසාවෙ බෑ… අක්කේ කියාගෙන ගේ ඇතුලට ගියා. ගිහින් විස්තරේ කියලා අක්කව එක්කන් ආවා. ඒ එනකොටත් අත්තා ගොඩට ඇවිත්. ඒ ලිං ගැඹුරු ඒවා නෙමෙයි. උල්පත් දිය දාන පොඩි ලිං.
ඇත්තටම මන් දෙයියන්ව අහකට තල්ලු කරා මිසක් හානියක් කරන්න හිතුවෙ නෑ.. පස් කන්ඩියට කකුල තියාගෙන හිටපු අත්තා ඒකත් කඩාගෙන බැලන්ස් නැතුව පල්ලෙ තිබ්බ ලිදට වැටිලා.
මේ කතාව දෙමව්පිය වැඩිහිට ඈයන්ගෙන් මට අහන්න ලැබුනෙ එදා අත්තා මට කෝචොක් එකක් කරන්න ගිහින් තමයි වැඩේ දෙක වෙලා තියෙන්නේ . ඒත් උනු ලැජ්ජාව අත්තගෙ අකවුන්ට් එකට දාගන්න බැරි හින්දා අදටත් ඒ දෙයොයො දෙයියො ලෙසින්ම පෙනී ඉන්නවා. ඒ උනාට ඔය ගෙදර තව ලස්සන ලස්සන මතක ගොඩාක් තියනවා. වැඩිපුරම තියෙන්නේ එහෙ ගිහින් සුලුදිය පහ උන ඒවා.
ඕන් මන් නම් ඉල්ලංකෑවෙ න මෙදා පාර දෙයියො තමා ඉල්ලන් නා ගත්තේ. පොඩි එවුන් එක්ක සෙල්ලම් කරද්දි පරිස්සමින් ඈ….

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!