එකිනෙකට වෙනස් ආකාරයේ දඩයමි අප සමාජයේ දක්නට ඇත.මෙයත් එවැනි එක් දඩයමකි.
දුර ඉදන් එන රැව හදුනා ගැනිමට චුටික්කිට හැකි ව්ය.
ඇය පෙර මගට දිවගොස් උපාලිගෙ අතේ වෙලුණි.උපාලිගේ එක් අතක තිප්පිලි මාලු වැලකි.
අහකට වෙයන් චුටියෝ.මගේ ඇගේ දහඩිය.
ඒත් ඇය අත අතනොහැර ගේ දෙසට පියනැගුවෙිය.
“අමිමෝ තියන හුරතලේ මෙිකිගෙ”උපාලිගෙ අතේ එල්ලි එන තම ගොලු දියණිය දුටු සෝමවතිට කියවිණි.
අතේ තිබුණ තිප්පිලි මාලු වැල සෝමවති අත තැබු උපාලි වටපිට විපරමින් බැලුවෙිය.
“කෝ නැන්දෙ ලොක්කි”
සෝමවතිට රෑමත් දියණියන් දෙදෙනෙකි.ඒ ලොක්කි සහ චුටික්කි.මිට අවුරැදු දෙකහමාරකට පෙර සෝමවතිගෙ සැමියා මරැවැලකට අසුවි මියදුණි.
එතැන් පටන් තමන්ගෙ කියන උන් අහක බලද්දී පිට එකා උන උපාලි සෝමවති සහ දියණියන් දෙදෙනා රැකබලා ගත්තේ පියෙකු මෙණි.
“ලොක්කි”
අමිමාගෙ කටහඩ ඇසුණ ලොක්කි ඒ දෙසට ආවෙිය.
උපාලිට කහට කෝප්පයක් අරන් වරෙන් පුතේ.මෙි මාලු වැලත් ගෙනිහින් කුස්සියෙන් තියපන්.
නැවත ගෙට ගිය ලොක්කි දෙස බැලු උපාලි”මොකෝ නැන්දෙ ලොක්කිට අසනිපයක්වත්ද?වෙනද වගේ නෙමෙයි මුහුණ අමුතුයි.
තියන ඇදුමි පරණයි කියල ඇදුමි දෙකක් අරන් ඔින කිය නාහින් අඩනව.කොහේ තියන සල්ලිද පුතේ පැදුරක් දෙකක් වියාගන්න පන් ගහක් නෙලා ගන්න ලැබුනෙත් නැහැ මෙි වරැසාව නිසා කියාගෙන ගිය සෝමවති සුසුමක් පිට කලේ දුක තුනි කර ගැනිමට මෙනි.
දෙන්නටම ඇදුමි මහන්න රෙදි ගෙනත් දෙන්නමි මම ලබන සතියෙ ටවුමට ගියාම උපාලි කිවෙිය.
මෙි කරන උදවිපදවි වලට හිලවි වෙන්න ලොකු කෙලි උපාලිට විවාහකර දිමට සෝමවති තිරණය කර අවසන්ව තිබිණ.ඒ ගැන උපාලිටත් ඒත්තු ගැන්වුයේ සෝමවති විසිනි.
උපාලිගෙ පියා උපාලි කුඩා කාලයෙදිම ඔවුන් හැරදමා ගොස් තිබිණ.පසු කලෙක මවද වකුගඩු රෝගය උත්සන්නව මිය ගිය පසු උපාලිව හදාවඩා ගත්තෙ අමිමාගෙ මව විසිනි.ඇයද දැන් මාස හයකට පෙර වයෝවෘද්ධව මියදුණ නිසා උපාලි තනියම පැලේ තනිවිය.
චුටි තවමත් උපාලිගේ අසලය.චුටික්කිට කතා කිරිමට නොහැකි මුත් කන් දෙක ඇසුණ නිසා යමක්කමක් වටහා ගැනිමට පුලුවන් විය.
කහට කෝප්පය ගෙනත් උපාලි අතට දුන් ලොක්කි නැවත ගේ ඇතුලට ගියේය.
ඊට දින කිහිපයකට පසු ලොක්කි සහ චුටි ඔයෙන් නාගෙන එද්දි අලුත් රැවක් දක්නට ලැබුණි.
ඔහුද නැවත හැරි බැලුයේ මෙතරමි හැඩකාර ලමිස්සියන් දෙදෙනා දෙසරයක් බැලිමට තරමි රෑමත් නිසා වෙනි.
දින දෙකකට පසු ගේ දෙසට එන ඒ රැව ලොක්කිට අමතකව නැත.
“අමිමා”
මොකද ලොක්කියෙ.
කවුද බලන්න ඇවිත් ඉන්නෙ.ලොක්කි අමිමාට කිවෙිය.
සෝමවතිද ඒ අසල නැවතිණ.
“කවුද මෙි මහත්තයා” මිට කලින් මම දැකලනමි නැහැ.
මෙි අපේ ගමෙි පාර හදන්න බාරව ඉන්න ඉන්ජිනේරු මහත්තය ඔහු සමග ආව ගමෙි මිනිසෙක් වු අප්පුහාමි කිවෙිය.
ඇයිද දන්නෙ නැහැ ආව කාරණාව.සෝමවති ඇසිය.
පාර පලල් කර අලුතින් හදද්දි ඔයාලගෙ මෙි කොහොඹ ගහයි ඇටඹ ගහයි කැපෙනව.ඒකට ඔයාලට රජයෙන් වන්දියක් ලැබෙනව.ගස් දෙක කපන්න කැමති කියල මෙතන අත්සනක් දමන්න.සරත් සෝමවති අතට පෝරමය දිගු කලේය.
ඊටත් දින කිහිපයකට පසු නැවත නිවසට සරත් මහත්තයා සමග අප්පුහාමි ආවෙිය.
සෝමවති උබට පුලුවනිද මෙි මහත්තයට දවල්ටයි රාත්රියටයි කෑමට යමක් දෙන්න.ඒ වෙනුවෙන් මුදල් ගෙවයි.
ටික වෙලාවක් කල්පනා කර සෝමවති ඊට කැමති උයේ යමිකිසි මුදලක් උපයාගත හැකි නිසා වෙනි.
සතියක් දෙකක් කෑම පාර්සල් ගෙන ගිය සරත් සෝමවතිට යෝජනාවක් කරේය.
අමිමටත් කරදරයිනෙ කෑම පාර්සල් ගහන එක මම ඇවිත් කාල යන්නමිද ඒක අමිමටත් ලේසි නොව.
ඒකට කමක් නැහැ මහත්තයා.
දැන් සරත් ගෙදර අයට හිතවත්ය.කෑම කන අතරතුර හොරහින් ලොක්කි දෙස බලයි.
චුටික්කිටනමි උපාලි දැක්කම සියල්ල අමතකයි.දිවගොස් පුරැදු පරිදි අතේ වෙලෙයි.ඇය අතින් කියාපාන සියලු සංනිවේදන උපාලි හොදින් දනි.කාලෙක ඉදන් ගෙදර එන අමුත්තා ගැන සෝමවති උපාලිව දැණුවත් කල පසු මෙසේ කිවෙිය.
අතට කියක් හරි ලැබෙනවනෙ පුතේ.උබටයි කිය හැම දේටම වියදමි කරන්න බැහැ නොවැ.
වෙනදා මෙන් ලොක්කි උපාලි සමග කුලුපග නොවෙති.එය උපාලිට හොදින් වැටහිණ.
ලොක්කිට තෑගිබෝගද සරත්ගෙන් නොඅඩුව ලැබෙයි.පියරු නිමි ඇදුමි කොණ්ඩා කටු වැනි දෑ සෑම නිවාඩුවටම ගම ගොස් එද්දි සරත් ගෙන එයි.
හරිම හොද මහත්තයෙක් නේද අමිමා.
ඒකනමි ඇත්ත ලොක්කියෙ.කෑම වලටත් වැඩියෙන් ගෙවනව.
දැන් උපාලිට තියන සැලකිලි අඩුවමින් තියන බව චුටිටක්කිට දැනෙයි.අනිත් අයගෙන් මගහැරැන කහට කෝප්පය චුටි උපාලිට ගෙන එන්නෙ වෙනදා තියන සෙනෙහසින්මය.
සෝමවතිද ලොක්කිද තමා මගහරින බව උපාලිටද නොරහසකි.
ගෙට ගොඩවිමට තිබියදි සෝමවති ඉවත බලාගත් විට උපාලිගෙ දෙනෙත තෙත්විය.
“නැන්දම්මා ඇයි ගෙයිදොර වැහුවෙ”කපුගෙ ගායකයාගෙ ගිියක පද වැල උපාලිගෙ මුවින් පිට උයේ නොදනිමය.
දිනක් මිදුලේ ඇති බංකුව මත සරත් සහ ලොක්කි ඇගේ ගෑවෙන තරමි සමිපයෙන් කතාබහක සිටින දුටු සෝමවතිට කිසියමි සතුටක් දැනුණි.තමාගෙ දියණිය මෙවන් මහත්තයෙක්ට විවාහ කරදිමට ඇත්නමි කෙතරමි සතුටක්ද.
අමිමෙි සරත් මහත්තයා මගෙන් කැමැත්ත ඇහුව දිනක් ලොක්කි අමිමට කිවෙිය.ඇය බලාපොරොත්තු උන දෙයද එය විය.
“උඹ මොකද කිවෙ”
මම කිව අමිමගෙන් අහල බලන්න කියල.
“ඒක හොදයි”
පසු දිනක සරත් තම දියණිය විවාහ කර ගැනිමට කැමති වග සෝමවතිට කිවෙිය.
සෝමවතිගෙ සතුට ඉහවහ ගියේය.
මහත්තයගෙ දෙමාපියන්ට මෙි වග කියල මෙි දේවල් උනානමි තමියි හොද.
අපේ අයගෙ කැමැත්ත දැන්ම ගන්න බැරි වෙයි අමිමෙි.මම මෙහෙම යනඑන එක අමිමලට හොද මදි.ඒ නිසා මම දන්න අදුරන රෙජිස්ට්රාර් කෙනෙක් ඉන්නව එයාගෙන් විවාහය රෙජිස්ට්රාර් කරන්න පුලුවන්.
එහෙනමි මම නැකත් තියන දවසක් බලන්නමි පන්සලේ හාමුදුරුවන්ට කියල.සෝමවති කිවෙිය.
උපාලිට මෙි බව දැනගත් මොහොතේ දැඩි කනස්සල්ලක් ඇති උනත්.නැවත ඔහු හිත හදාගත්තේ ලොක්කිට හොදක් වෙිනමි කමි නැතයි සිතු නිසාවෙනි.
හාමුදුරුවන් කියු සුබ දිනක ලොක්කි සහ සරත් විවාහ විය.සරත්ට රජයෙන් නවාතැන් ගැනිමට ලැබුණ නිවසට ලොක්කිව කැන්දගෙන යන දිහා බලාඋන් උපාලිගෙ කදුලු වලින් පිරැණු දිලිසෙන ඇස් චුටි දුටු වෙිය.ඇයට කතා කරිමට නොහැකිමුත් සියල්ල වැටහේ.ඇයට අක්කා සමග ගෙවුණු සුන්දර කාලය අහිමි වන වෙිදනාවට වැඩි වෙිදනාවක් දැනුනේ උපාලිට අක්කා අහිමි විම ගැනයි.
සරත් සමග ලොක්කි විවාහ වි සතියකින් අමිමා සහ චුටි බැලිමට ගෙදර පැමිණි දිනක උපාලි චුටි සමග මිදුලේ ඇති බංකුවෙ හිදගෙන සිටියේය.වෙනදා මෙන් චුටි පෙර සෙනෙහසින් උපාලිගේ අතේ වෙලි සිටි දැකගත් සරත් නොරිස්සුමෙන් ඒ දෙස බැලුවෙිය.
“ලොක්කි” චුටි ලොකු විනාසයක් කර ගන්නව ලගදිම.මටනමි උපාලි දැක්කම හිතෙන්නෙ මහ පහත්ගති ඇති මිනිහෙක් කියල.සරත් ලොක්කිගෙ කනට කර කිවෙිය.
“චුටි යනව ගෙට”එය පිලිගත් ලොක්කි චුටිට සැරවිය.උපාලි නැගිට යන්නට ගියේය.
අමිමා චුටි දැන් පොඩි ලමයෙක් නෙවෙයිනෙ උපාලි එක්ක තනියම ඉන්න දෙන්න එපා.කවුද දන්නෙ මාව දුන්නෙ නැති තරහ චුටිගෙන් ගන්න බැරි නැහැ.
එකා එහෙම නැහැ ලොක්කියෙ.තාමත් අපි ගැන සොයා බලන්නෙ අඩුපාඩු ගෙනත් දෙන්නෙ ඒකා තමයි.ඌ හිත හොද එකා.
ලොක්කි මහගෙදර එන්නෙ සරත් ගමෙි ගිය දවස් කිහිපයටයි.චුටි හරිම සතුටින් සහෝදරිය සමග ඒ දිනයන් ගත කරයි.
ලොක්කි විවාහව මාස හතරකට පසු දරැවෙක් ලැබිමට සිටි නිසා සෝමවති චුටික්කි සමග ඇය බැලිමට සතියකට වරක් හෝ යයි.
අමිමා චුටිව සතියකට මෙහෙ තියල යන්න සරත් වැඩට ගියාම රෑ වෙලා එන්නෙ මට තනියම ඉන්න පාලුයි.
අනේ ලොක්කියෙ චුටි එක රැයක් මම කොහෙවත් තියල නැහැ.ඒත් ඉතින් උබ අක්ක වෙද්දි මට බැහැ කියන්න පුලුවනැ.
රෑ වැඩ නිම වි සරත් ගෙදර ආවෙිය.
චුටි නිදා සිටි කාමරයට එබි බැලු සරත් ලොක්කිගෙ අඩි සද්දෙට සැනින් ඉවත් විය.මැදියන් රැයේ සරත්ට නින්ද අහලකවත් නැත.චුටික්කිගේ සුන්දර ඇගපසග මතක් වි සිත එකතැන් කරගැනිමට අපහසුය.දැක්ක මුල් දිනයේ සිට ලොක්කිට වඩා හිත ගියේ චුටික්කිට බව සිත දනි.ලොක්කි දඩයමි කිරිමෙන් එක ගලෙන් කුරැල්ලන් දෙන්නෙක් ඩැහැ ගැනිමට මාන බලමින් සිටි සරත් මෙිනමි එයට සුදුසුම කාලයයි කිය සිතුවෙිය.
සිතිවිලි සමග පොරබදමින් සිටි අතරතුර ලොක්කි තද නින්දක බව ඇය දෙස බැලු සරත්ට වැටහිණ අඩියට දෙකට චුටිගෙ කාමරය වෙත ගිය දඩයක්කාරයා පොළගෙකුට අහුවුණු ගොදුරක් සේ චුටිව වෙලා ගත්තේය.සද්දය පිට නොවුනත් චුටි කෑ ගැසුවෙිය.ඒ හඩ සදාකාලික ගොලුබව දඩයක්කාරැ හොදින් දනි.ඒ බැවින් දඩයම සාර්ථකය.
උදෑසන නැගනියගේ හැඩිම නැවැත්විය නොහැකි උන ලොක්කි සිතුවෙි චුටි අමිමා මතක්වි අඩනවා විය හැකි නිසාවෙන් ඇයව ගෙදර ඇරලවිම උචිත ලෙසයි.
සරත් චුටි අඩනව හොදටම අපි චුටිව ගෙදර ඇරලල එමු.
මට වැඩට යන්න පරක්කුයි ලොක්කි මම වාහනයක් එවන්නමි ඔය දෙන්නට යන්න.ඔවුන්ගෙ මුහුණ මගහැර සරත් කිවෙිය.ඔහුගේ සිතට දැණුන බයට උගුරකට වියලුන ස්වභාවය නිසා වතුර විදුරැව එක හුස්මට බිගෙන ගියේය.
අමිමා දුටුව චුටි තව තවත් හැඩුවෙි ඇයට උන විනාසය කියාගත නොහැකි කමින්ය.
මාසයකට පසු චුටි අසනිප විය.සෑම දිනකම වමනය දැමිම නිසා සෝමවති චුටිව දොස්තර කෙනෙක්ට පෙන්විය.
චුටි පරික්ෂා කිරිමෙන් පසු දොස්තර කියපු දේ පිලි ගැනිමට සෝමවති මැලි විය.
අමිමෙි දුවට බබෙක් ලැබෙන්න ඉන්නව.
සෝමවතිට ඇසුන ඒ වචනය එක්ක ඔලුව හිරි වැටි ගියේය.
නැහැ එහෙම වෙන්න බැහැ.ඇයට කිය විණ.
කවුද පුතේ මෙි අපරාදේ කරේ ඇය චුටිගෙන් ඇසිය.
චුටි කිසිත් නොකිය සිය මව බදාගෙන හඩයි.
අමිමයි නංගි කොහෙද ගියේ අපි ටිකක් වෙලයි ඇවිත්.මිදුලේ තිබු බංකුවෙන් නැගිටිමින් ලොක්කි අමිමාට කිවෙිය.
ලොක්කි ඉදිරියේ සෝමවති ඉකිගසා හැඩුවෙිය.
ඇයි මෙි දෙන්නම අඩන්නෙ.මොකද උනේ.
යමු ගෙට සෝමවති සරත් මගහැර ලොක්කිගේ අත අල්ලාගනිමින් කනට කර විස්තරය කියුවෙිය.
මම කියුවනෙ අමිමට උපාලියව විස්වාස කරන්න එපා කිය කොහෙද අමිමා පිලිගත්තද.
කතා කරිමට නොහැකි මුත් හොදින් දෙසවන් ඇසුන චුටි මෙි අපරාධය උපාලි පිටින් යනවග තේරැමි ගත්තේය.තරහව පාලනය කරගත නොහැකිව වෙිගයෙන් සරත් වෙත ගොස් අතුල් පහරවල් ගැසුවෙිය.
මෙි මොකද මෙි උබ මෙි මනුස්සයට ගහන්නෙ.ලොක්කි කෑ ගැසිය.
සෝමවතිට සිදුව ඇති දේ සැනින් වැටහිණි.
පුතේ උබට මෙි අපරාදෙ කරේ සරත්ද?සෝමවති ඇසුවෙිය.
චුටි එය අනුමත කිරිමට හිස වැනිය.
“ලොක්කි” මෙි මොනව වෙලාද මෙි අයට මට පැහැදිලි නැහැ සරත් කිවෙිය.
අපි යමු අනේ යන්න.මට මෙිව ඔයාට කියන්නත් ලැජ්ජයි.අර කුපාඩිය මෙිකෙ ඇතුලෙ දාගෙන වැඩ වරද්දගෙන දැන් මගෙ මිනිහ පිට වරද පටවනව.ලොක්කි සිය සැමිය නිදොස්කොට නිදහස් කලේය.
චුටික්කිට වැරදිමි වෙන්නෙ නැති බව සෝමවති දනි.චුටි අගවන්නෙ සත්යයක් බවත් සෝමවති දනි.දුවල දෙදෙනාට මිට පෙර කිසිම දාක උපාලිගෙන් වරදක් සිදුව නැත.
චුටි සැනින් අැහිදගත් ගලකින් යන්නට යන සරත්ට දමා ගැසුවෙිය.
ගොලු දියනියගේ ක්රියාකාරකම් අමිමා හොදින් දනි.කතා කිරිමට නොහැකි ඇයගේ කෝපය පිට කිරිම සදහා ඇය මෙලෙස හැසිරෙන වග ඇය දනි.
සරත් උබ තමයි මෙි අපරාදය කරේ සෝමවති කෑ ගැසුවෙිය.
සරත් මාව අරන් කොළඹ යන්න.මම කැමති නැහැ මෙයාලගෙ මුහුණ බලන්නවත්.
සරත් සහ ලොක්කි ගිය පසු සවස් කාලයේ උපාලි ගෙට ගොඩ විය.
චුටි දිවගොස් උපාලි බදාගෙන හඩනව දුටුව සෝමවතිටද හැඩුමි ආවෙිය.
මොකද නැන්දෙ? මොකද මෙි දෙන්නට වෙලා තියෙන්නෙ?
උඹට දුන්න දුකට දෙවියන් අපට දඩුවමි දුන්නා පුතේ කියමින් සියල්ල නොසගවා ඇය උපාලිට පැවසුවෙිය.අපිට තවත් මෙි ගමේ ඉන්න බැහැ.මිනිසුන් මොනව නොකියාවිද මෙිව දැනගත්තාම මම මෙි තියන දේවල් විකුණල පිටගමකට ගිහින් කෙල්ල එක්ක ජිවත් වෙනව.
තම පියා හැර ගිය පසු ඔහු අත්විද ඇති දුක් ගැහැට උපාලි හොදින් දනි.ඔහුගේ හිතට වෙනදාටත් වැඩි ලෙන්ගතු කමක් චුටි වෙනුවෙන් දැනිණ.
නැන්දල කොහෙවත් යන්න ඔිනි නැහැ.මම චුටියව භාර ගන්නව චුටියගෙ බඩෙි ඉන්න දරැවත් එක්ක.
වන සිවිපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නේද මෙිනමි කිය සිතු සෝමවතිට සැනසුමි සුසුමක් පිටවිය.
කර වරදට සරත්ට දඩුවමි ලබා දෙන්න බැරි තම දුවල දෙදෙනාටම එයින් කැලලක් වෙන නිසාවෙන්ය.හොදම දේ හැලියේ කුණු නෑබිලියෙන් වසා තිබිමයයි සෝමවති හිතට ගත්තේය.
මෙි සියලුම දේ අසා සිටි චුටි උපාලිට තුරැලු උයේ වෙනදාටත් වඩා සෙනෙහසකින්ය.
සරත් අපි කොළඹ යමු.
ඒ අදහසට දැන්නමි සරත් ඉතා කැමතිය.ඔහුට අවශ්ය විදියට සියලුම දේ ඉතා හොදින් සිදු උයේ ලොක්කිගෙ උදවිවත් නිසාය.
එහෙනමි අපි හෙටම මෙහෙන් යමුයයි සරත් කිවෙිය.සරත්ට උවමනා වුයේද ඇය එම ගමෙන් සහ නෑයන්ගෙන් වෙන් කිරිමයි.ඔහුගේ අනිත් සැලසුමි උවමනා විදියට කිරිමට කිසිවෙකුගෙන් බධාවක් නැති වගද ගමෙි හැදුන ලොක්කිට එතරමි දැනුමක් නැති නිසා තම අනෙක් දඩයමට පහසු බව සරත් දනි.
පසුවදා සරත් තනායමක රැය පහන් කිරිමට තිරණය කරේ ඊලගට සිදුවිමට යන දේ ලොක්කිට පහදා දිමටයි
ලොක්කි කොළඹ ආව මෙි දෙවනි ගමනයි.ඇය කොළඹ ගැන කිසිම දෙයක් නොදනි.
ලොක්කි මම කියන දේවල් හොදින් අහගන්න සරත් හඩ අවදි කලේය.ලොක්කිට අමුතු බියක්ද දැනිණ.
මට තවත් බිරිදක් ඉන්නව මෙහෙ.
මොනවද සරත් ඔයා මෙි කියන්නෙ
මම කියන්නෙ ඇත්ත.මම විවාහකයි.
ලොක්කිට මෙි කිසිවක් සිතාගත නොහැකිව හැඩුමි ආවෙිය.
කලබල වෙන්න එපා මම කියන විදියට වැඩ කරාම හරි.
ඇයි සරත් ඔයා මට මෙහෙම කරේ කිය ඇය සරත්ගෙ පපුවට අත් දෙකින් ගැසුවෙිය.
මෙතන කලබල නොකර ඉදින් ගැහැණියෙ.මම කියන විදියට වැඩ කරොත් ප්රශ්න අඩුවෙයි.
මොනවද ඔයාට තවත් කියන්න තියෙන්නෙ.චුටිවත් විනාශ කරේ ඔයාද?
ඔවි…..ඔවි..මම තමයි නංගිට ඒ දේ කරේ මට මුලින්ම ආසාවක් ඇති උනේ නංගිට.
ඇයි දෙයියනේ ඒ අහිංසකිට ඒ අපරාදේ කරේ උඹ මහ තිරිසනෙක්.
නවත්තපන් ඔය ඇඩිල්ල.
දැන් වෙන්න ඔින දේ අහගනින්.උඹගෙයි මගෙයි කසාදය බොරැවක්.ඒක මගේ වෙනම ප්ලෑන් එකක්.මම කසාද බැදල ඉන්න නෝනට ළමයි නැහැ.නෝන කැමති පිට ළමයෙක් අරගෙන හදන්න.ඒ නිසා උඹ මෙි ළමය අපිට දිල මගෙ අමිමගෙ ගෙදර හැමදාම උනත් වැඩක් පලක් කරගෙන උඹට ඉන්න පුලුවන්.හොද කෙනෙක් මුණ ගැහුණම මම උඹව බන්දල දෙන්නමි.මම මෙි කියන විදියට ඉන්න ඔින නැතිනමි මම ගාව වෙන ක්රම තියනව.
ලොක්කිට ඇයගෙ මුලු ලෝකයම සැනින් දෙපාමුල කඩා වැටෙනවා සේ දැණින.ළමය ලැබිමට ඇත්තෙ ලබන මාසයේය.ඇයට ජිවත් විමට අසාවක් නැත.කොහොම වෙතත් ළමයා සමග ජිවිතය විනාශ කර ගැනිමට ඇයට සිත හදාගනු බැරිය.සිතද ගතද තුවාලයක් මෙන් රිදුමි දෙයි.මා ඉදිරියේ සිටින්නෙ තිරිසන් සතෙකුටත් වැඩිය පහත් මිනිසෙකි.මොහු නිසා වැදු හැදු මවද එක බඩවැල කඩාගෙන ආ නැගණියද අහිමි විය.සිතිවිලි ගලා එනු වැඩි බැවින් කදුලු උල්පත් සිදි ඇත.
කියුව දේවල් තෙරැමි ගත් බවක් සරත්ට වැටහුණේ ඇයගෙ ඇසින් කදුලු නොගැලු නිසා විය හැක.
උදෑසන සරත් සමග බසයට නැගිමට ඇය ඔහු පසුපස ගියේ රෑකඩයකට සමානවයි.
ගෙදරකට ගොඩ උන බව ඇයට දැණුනේ ගැහැණු කට හඩක් ඇසුණ නිසායි.
“ඔයා කියුවෙ නැහැනෙ අද එනව කියල”
ඔිවි ශ්රීයා.හදිසියේ එන්න උනා.මෙි කෙනා නිසා.මම ඔයාට කියුවෙ මෙි එයා.
ආ ඔයා කිවෙ මෙි ගැහැණු කෙනා ගැනද.මෙයා කැමතිද අපිට ළමය දෙන්න.
“හ්ම්ම්”
පස්සෙ අපි කතා කරමු එන්න ගෙට.මම මොනව හරි බොන්න ගේන්නමි කියු ශ්රීයානි මුලුතැන් ගෙට ගියේය.
මම කියුව විදියටයි වැඩ සිද්ද වෙන්න ඔින තේරැණාද නැවතත් සරත් ලොක්කිට තර්ජනාත්මකව කනට කර කිවෙිය.
මෙි ඔයාගෙ කාමරය.ශ්රීයානි ඇයට කාමරය පෙන්වා සරත්ට ලග පුටුවක හිද ගත්තේය.
පවි සරත් ලස්සන ගැහැණු කෙනෙක්.මෙි ළමයට කවුද මෙි අපරාධය කරල තියෙන්නෙ.
මම ඔිව හොයන්න ගියේ නැහැ ශ්රීයා.දන්න දෙතුන් දෙනෙක්ට කියල තිබුණ ළමයෙක් හදාගන්න දෙන කෙනෙක් ඉන්නවනමි මට කියන්න කියල.පස්සෙ මට දැනගන්න ලැබුණ මෙි ගැහැණු කෙනා ගැන.අහල බැලුවම මෙයා කැමති උනා.මෙි ගැහැණු කෙනාට කාත්කවුරැවත් නැති කෙනෙක්.මම හිතුව ළමය ලැබුණම අපේ නම ගම දිල හදාගන්න.
ගෙදර වැඩ කරගන්න බැහැ කියල අමිමා හැමදාම මම එහේ ගියාම කියනව.නංගි බැදල ගියාට පස්සෙ අමිමත් තනියම නිසා අපි මෙයා එහේ තියමු.
මෙි ගැහැණු කෙනා එහෙම කරන්න කැමති වෙයිද සරත්.
කැමති වෙයි කාත්කවුරැවත් නැති නිසා.
අඹුසැමි යුවලගෙ කතාබහ කන වැටුන ලොක්කිට සෑම දෙයම තෙරැමි ගතහැකි විය.මෙවැනි කපටි මිනිසෙක් ඇයගේ ජිවිතයේ කිසි දිනක මුණ ගැසි නැත.ඒත් දැන් කරන්න දෙයක් නැත.ඇයගෙ එකම අරමුණ කුසතුල වැඩෙන තම දරැවාගේ මුවකමල දැක ගැනිම පමණි.දරැවා සමග ජිවිතය නැතිකර ගැනිමට ඇයට සිත හදාගැනිමට නොහැක.තම ජිවිතය නැතිකර ගැනිමද පවක් වග ඇය දැන සිටියහ.
දිනක් සිහිනෙන් ආදරබර මෑණියන්ද සුරතල් නැගණියද සිහිනෙන් දුටුවෙිය.සිහිනයකින් හෝ ඔවුන්ව දැකගත හැකිවිම ඇයට සතුටක් විය.අගහිගකමි මැද උවද අමිමාත් නංගිත් සමග ගතකල සුන්දර මතකයන් සිහිවි දවා අළුකිරිමට හැකි සුසුමක් පිට කලේය.පියා නැති වු දින සිට ඔවුන්ට පිහිට වු උපාලි මතකෙට ආවෙිය.එවැනි රත්තරන් මනුස්සයෙක්ට දුන් දුක ඇය පසුපස ආව නොවෙිදැයි සිතිණ.දුක යටපත් කරගෙන මෙි අමිහිරි දවස් කිහිපයට මුහුණ දිය යුතුය.
ලොක්කිගෙ හුස්ම ගැනිමේ අපහසුතාවය හැදිනගත් ශ්රීයානි ඇයව ඉස්පිරිතාලයට රැගෙන ගියේය.
ගැබිණිය පරික්ෂා කල වෛද්යවරයා ඇයගේ පෙෂර් ඉහල මටිටක ඇති බැවින් ඉස්පිරිතාලේ නවත්වන ලෙස දැනුවත් කලේය.
ලමයා ලැබිමට සති දෙකක කාලයක් තිබුණත් ඩොක්ටර්ස්ල තිිරණය කලේ පහුවදා සිිසේරියන් සැත්කමකින් ළමයා ගැනිමටයි.
එදින ශ්රීයානි සමග සරත්ද ඉස්පිරිතාලයට ගියේය.ලොක්කි ඔපරේෂන් එකට ගත්වග වාටිටු බාර හෙදියගෙන් දැනගත හැකි විය.
නමිබර් අහ අටෙි ඇදේ උන්න අමිමගෙ අයිතිකරයන් ඉන්නවද ඒ හෙදියකගේ හඩ ශ්රීයානිට ඇසිණ.
“ඉන්නව”
ශ්රීයානි හෙදිය ලගට ගියේය.ඒ පසුපසින් සරත්ද ගියේය.
අපිට බොහොම කණගාටුයි බබාගෙ අමිමව අපට බෙිරගන්න බැරි උනා.අපි හැම උත්සහයක්ම ගත්තා.ඒත් එයාට ඔපරේෂන් එකෙන් පස්සෙ සිහියගන්න බැරි උනා.බබනමි බෙිරගත්ත.දැන් බබා ගෙනෙයි වාටිටුවට.
සරත්ට ජයක් ලද එකෙකුමෙන් සතුටක් දැනුනත් ශ්රීයානිගෙ අැස් දිගේ නාදුනන ගැහැණිය වෙනුවෙන් කදුලු ඉනුහ.
ලොක්කිගේ ඇද අස්කරමින් සිටි සේවිකාව ඇයගේ කොටිටය යට තිබු කඩදාසිය ශ්රීයානි අත තැබුහ.
…………………………………………1992/04/10
සමන්මලි වන මා කාත්කවුරැවත් නොමැති ගැහැණියකි.මාගේ කුසේ සිටින දරැව බිහිකල පසු මගේ සිය කැමැත්තෙන් මගේ ජිවිතය මා විසින් නැතිකර ගැනිමට තිරණය කලෙමි.එයට කිසිවෙක් වගකිවයුතු නැති වග මෙයින් දන්වා සිටිමි.
………..මිට
සමන්මලි.
ශ්රීයානි ඉකිගසා හැඩුවෙි ගැහැණියකගෙ දුක හිතට දැනිමෙනි.
ඇයට උවමනා ලෙස මරණය සිදුකර ගැනිමට මාරයා ඉඩක් නොතියා ඇයගේ ප්රාණය රැකෙන ඇත.
බස්නායක මුදියන්සේලාගේ ශ්රීයානි කුමාරි සහ ආරචිචිලාගේ සරත් ප්රියලාල් ලෙස ලොක්කි විසින් ළමයාගේ දෙමාපියන් නමිකර ඇත.
මෙන්න ඔය දෙන්නගෙ බබා.දු පැටියෙක්.
ශ්රීයානි සිගිත්තිව දෝතට අරන් සිපගත්තේ දැඩි සෙනෙහසකින්ය.
මෙි සියලුම දඩයමි ලොක්කිගෙ මරණයත් සමග හිතුවටත් වැඩිය ලෙහෙසියෙන් වැලලිය හැකි බව දැණුන සරත් සැනසුමි සුසුමක් පිට කලේය.
මම ඊයෙ රෑ හිනෙන් ලොකු කෙලි දැක්කා.දැන් දරැව ලැබෙන්න දින ලගයි.මෙි කාලෙට අමිමා ලග ඉන්න ඔින.දැන් කොහොම තනියම වැඩපල කරගන්නව ඇත්ද.පලවෙනි දරැව නිසා තේරැමක් ඇත්තෙ නැහැ මගේ පපුව හිරවෙනව මතක් වෙන හැමවෙලේම කියු සෝමවති චුටි දිහා බැලුවෙිය.චුටික්කිගෙ ඇසින් කදුලු කඩා වැටුනේ සිය එකම සොහොයුරිය මතක් විමෙන්ය.
උපුටා ගැනීම: Harshi Deepani