ෆේක් එකකින් ඇවිල්ලා ලියන එක,
රියල් එකෙන් එන්න ගට නෑ නෙමේ,
ආතල් එක උපරිම තැන් නිදහසේ ලියන්න ඕනි හන්දා.
ආහ් තව කලින් අන්ක 2 කතාවට බැනපු අයටත් එක්ක ඔක්කොටම ආදරෙයි .
දැන් කතාව.
මේ කියන්න යන්නෙ දෙදහස් අටේ අවුරුද්දෙ මහරගම පැත්තෙ ගම්මානයක සිද්ධ වෙච්චි එක අදුරු කාලෙක සිදුවීමක්.
අවාසනාවට ඇත්ත කතාවක්.
දැන් මේම අනක් ගුනක් නැතුව ඔහේ ඉදියට අපි ඒ දවස් වල දහම් පාසල් එහෙමත් ගියපු කොල්ලො හරිය,
ඉතින් දහම් පාසලේ ගිහිල්ල හිත නිවාගෙන ඉන්න පොඩි වෙලාවෙ පවා දෛවය සරදම් කරපු හැටි මේ.
ඉස්කෝලෙ කොට කලිසම් ඇදන් යන කාලේ වගේ වෙන්නෑති,
ඉතින් පොඩි එකානෙ.
“”අනේ පොඩි එකාගෙ වැඩ නන් පොඩිනෑ “”
අම්මාගේ ඩයලොග් එකක් ඈ.
මායි මගේ හොදම යාලුවයි ගියේ දහම් පාසල් 2ක. අපේ ගමට අල්ලපු ගමේ පොර,
උන්ගෙ දහම් පාසලේ ඉන්ටවල් එකට කන්නයි බොන්නයි දෙනවලු.
මූ දැන් ඉස්කෝලෙදි මට ඕක කිය කියා තෙල ගහනවා මාව උන්ගෙ දහම් පාසලට ගෙන්න ගන්න,
අපි නන් කයි පූසො මාලු.
හරි හරි කෑව කෑවා, අපේ දහම් පාසලෙ උගන්නන්න ඉන්නෙ අක්කලා විතරයි ලොකු ටීච ලා නෑ ,
කියලා ගෙදරට බෝලෙ බස්සලා යාලුවගේ දහම් පාසලට ටාන්සර් එක සෙට් කර ගත්තා,
ඉතින් දැන් දෙන්නා එක දහම් පාසලේ, කෑමට තමයි දහම් පාසල් එන්නෙ ,
කොච්චර දැහැමි ද කියනවා නන්,,
නෑ නෑ එක්කො ඒක කියන්න බෑ.
ටික දවසක් යද්දි අපේ පන්තියට කෙල්ලෙක් ආව. බොරු නෙමේ සිරාම නම “”නයනහාරි””
මට නම.මීටර් තාමත් ඒකි අම්බානෙක ලස්සන හින්ද වෙන්නෑති.
ආව දවසෙ අච්චු පොතක් නෑ එයාට, දුන්නා මගේ අච්චු පොත,
කතා කලා, 10 10ට ඉන්ටවල්, කෑම තියනව මෙහෙ කියලා මායි යාලුවයි අර කෙල්ලයි කන්න දෙන ප්ලේස් එකට ගියා. මන් කෑවේ නෑ කෙල්ල ඉස්සරහා මල පෙරේතය්ගෙ නන්ගිගෙ පුතා වගේ ඉන්න බෑනෙ,
ඔන්න කෙල්ල සෙට්, අඩෝ ඉතින් සෙට් කියන්නෙ 8 වසරෙ ආදරයක් හොදේ. අතේ පෑනෙන් නම ලියාගන්නවා වගේ ඒව කරන ලව් එකක්,
ඉන්ටවල් එකට ගස් මාරු සෙල්ලම පවා කලා, පොඩි එවුන්නේ අනේ
එයා ඇවිල්ලා 5 වෙනි සතියේ මේක උනේ,, මන් ඇවිල්ලත සති 8ක් වගේ දහම් පාසලට
එදා පන්තියේ කෙල්ලො 8යි කොල්ලො 14යි වගේ ඉදියා. දහම් පාසලේ පන්තිය තිබ්බෙ එදා වැලි මලුවෙ එලියෙ. ඉතින් කොල්ලන්ව ඉස්සරහ පේලි 3කට ගත්තා කෙල්ලන්ව පිටි පස්සට දැම්ම. දැන් මන් තුන්වෙනි පේලියෙ, තව 4 දෙනෙක් ඉදිය. අපිට පිටි පස්සෙ එකෙ ඉදල කෙල්ලො ඉදිය. මට පිටිපස්සෙන් ඉදියෙ නයනහාරී.
උබලා දන්නවා ඇතිනේ සූනීත සෝපාක වගේ මොකක් හරි පාඩමක් තමා එදා කලේ. ලොකු මැඩම් කලේ .
එයා කරද්දි පාඩම කියවන්නෙ අපි. එපා වෙනවා එක එකාව නැගිටවල කියවන්නෙ
අප්පිරියයි .
ඔන්න කොහොමින් කොහොම හරි මගේ වාරේ ආවා.
ලව් කෙල්ල පිටිපස්සෙ.
මන් පොතත් දෝතින්ම අල්ලන් ගැම්මෙන් නැගිට්ටේ පාඩම සබ්ද නගා කියවන්න හිතා ගෙන.
අනේ මහත්තුරුනෙ
නැගිටල මන් පාඩම කියවනවා
පිටිපස්සෙ කෙල්ලො කට වල් වහන් හිනා වෙන සද්දෙත් ඇහෙනවා.
ඉස්සරහ පේලි දෙකේ කොල්ලො ඉන්නවා සද්දයක් නෑ,
මගේ පේලියේ මගේ අඹ යාලුවා ඇතුලු උන් හිනා වෙනවා කෙලත් වැක්කෙරෙනවා උන්ගෙ,
කිරි අප්පට බල්ලො පැනපි මැඩම් එක පාරට පොත බලන් ඉදල,මගේ දිහා බලලා හිනා වෙනෝ,
සාන්ත,
වාඩි වෙලා ඇදුම හදා ගන්න කිව්ව.
සරමනේ අදින්නෙ
ඒ ලබ්බ කැඩිල ඉනෙන් ලෙහිල
බිමටම වැටිලා නෑ මග හිරවෙලා, ඉතින් මට දැනෙන්නෙ නෑ ඕක.
මන් පාඩම කියවලා සෝපාක කතාවෙ චේද 2ක් ඉවර වෙනකල්.
ආදරේ කරන කෙල්ල ඉස්සරහ සරමත් කඩාගෙන,
ඒ කාලෙනේ
යටට ඇදන් ඉදියේ ගෙදරට අදින කොල පාට කොට කලිසමක්.
අදටත් ඒ කලිසම මතකයි
ඒ දහම් පාසල මතකයි මොකෝ එදායින් පස්සෙ ආයෙ දහම් පාසල චේන්ජ් කලානේ
.අර ගෑනු ලමයා එක්ක එදා ඉදන් අදටත් කතා කරලා නෑ එක ගමේ උනාට. දැන් දැන් මග දකිනවා ඒත් කතා වක් නෑ හිනාව විතරයි.