මසක පමන දීර්ග වැඩමුරයකට පසු නිවසට ආවේ පෙරේදාය . ගියවර නිවසේදී මුහුණ දුන් දඹල භීෂණය නිසාවෙන් මෙවර මා නිවසට පැමිනෙනෙ විට නානාප්රකාර එළවළු වර්ග රැසක් අතින් කටින් එල්ලාගෙන පැමිණි අතර ඒ දුටු අම්මාගේ මුහුනේ තිබුනේ වික්ෂිප්ත බවකි.
“උඹට පිස්සුද මේ එළවළු ගිණි ගනන් කාලෙ ඔච්චර එළවළු උස්සන් එන්න”
එසේ ආදර වදන් මුමුනා මා නිවසට පිළිගත් අම්මා යලි යලිත් සපත කල සිටියේ එළවළු සහ මා අතර පවත්නා සාංසාරික බැඳීමේ තරමය.
දඹල ගැන මා බුකියේ ලියූ විත්තර ඇගේ බුද්ධි අංශ මගින් දැනගත් අම්මා දඹල වැල මුලින් ගලවා දමා එම ස්ථානයේ කරවිල හිටවූ බව නංගීගෙන් දැනගත් මා පස්වනක් ප්රීතියෙන් ඉපිල ගිය අතර ඉදිරියේදී මුහුණ දීමට වන කරවිල භීෂණය ගැන සිහිවී පස්වනක් ප්රීතිය දෙවනක් ප්රීතිය දක්වා වහාම විතැන් කරන ලදි.
එළවළු වගාවට සමුදී ඇති තාත්තා දැන් අම්මාගේ මල් වගාවට පොහොර වතුර දමමින් කල් ගත කරන අතර මල් කියා හඳුන්වන ශාකයන්ගෙන් ගෙවත්තේ නැත්තේ ගංජා පැල පමනක් බව කීවේද තාත්තාමය.
අද පාන්දර දහයට පමන මා අවදිවූ වෙලේ සිට තේ කෑම ආදිය ලඟටම රැගෙන ආ අම්මා මල් පෝච්චි සීටුවකට මසකට රු 2500ක මුදලක් ගෙවා ඇතුල්වන ලෙස ආක්ඥාවක් නිකුත් කල අතර
“මට මොකටද මල් පෝච්චි”
කියා මම කියූ වචනය වහාම ඉල්ලා අස්කරගැනීමට තරම් ඇගේ බැල්ම එවෙලෙහි තියුණු විය.
අම්මා සහ ඇගේ කුලඟන සමිතියේ සාමාජිකාව සීටුටු හැට හුට හමාරක් දමා ඇති අතර මල් පෝච්චි, කොට්ට උර ,දොර රෙදි, ප්ලාස්ටික් පුටු, ගල් වංගෙඩි, පිට්ටු බම්බු ආදී එකී මෙකී මෙලෝ දවැඩකට නැති සුකුරුත්තන් රැසක් එම සීට්ටුවල ප්රතිපල ලෙස නිවසේ ගොඩ ගැසී ඇත.
අම්මාගේ මල් වැවිල්ල තව ටිකකලකට සීමා වන අතර ඇයට එය එපා වූ විට තවත් කුමක් හෝ ක්රීඩාවක් ඇය ඇතුළු කුලඟන සම්ති සාමාජිකාවන් සොයාගන්නා අතර වාසනාවකට මෙන් තවම පිරමීඩ් කාරයන් වැනි උන් ඔවුන්ගේ කුළඟන සමිතියට පැමින නැති අතර එසේ ඌවානම් තාත්තාට සහ මට ඊජිප්තුවේ පිරමීඩ සහ පිරමීඩ ව්යාපාරයේ වෙනස පහදා දීමට ඇයව ඊජිප්තුවට රැගෙන යාමට සිදුවන ඇත.
කොහෙත් අම්මලා එහෙමය.
උපුටා ගැනීම: සමීර මධුසංක ( දඹලෙ)