කොරෝනා නිසා.
මාත් සන්චරන බොහෝම සීමා කරලා තියෙන්නේ .
නමුත් හොදම යාලුවෙකුගේ ආම්මා නැතිවෙලා කීව නිසා ගල්කිස්සට යන්න උනා.
ඒ ඊයේ දවල්,
මරනේ අවසන් කටයුතු වලට වෙලාව තිබුනේ හවස හතරට ,
මරණේ අදාහනය ඉවර වෙලා පාරට එනකොටම ,
ටිකක් අමුතු වගේ අවමඟුල් පෙරහැරක් එනවා, මං ටිකක් නතරවෙලා බලාගෙන හිටියා.
හර්ස් දෙකක් එකක් පස්සේ එකක්..
ඊට පස්සෙන් මැදිවියේ බොහොම නිවුනු පෙනුමක් තියන පිරිමි කෙනෙක් .මුකවාඩමක් දාපු ලොකු බල්ලෙක් දම්වැලකි අල්ලන් යනවා.
ඊටත් පස්සෙන් විවිද වයස්වල විවිධ ඇදුමෙන් සරසුන ( බැලූ බැල්මට පේනවා, සමහරු වැඩට ගිහින් එනගමන්, තවත් සමහරු පොලට ගිය ගමන් , ඒ වගේ)
පිරිමි උදවිය විතරක් දෙසීයක් විතර , එක්කෙනා පස්සේ එක්කෙනා විදියට ,
මිටරේ පරතරේ තියාන බොහොම සංවරව එන අවමගුල් පෙරහර .
ඉය අතරේ
කනත්තේ ගේට්ටුව අරිනකල් පෙරහර නතර උනා.
මොනවා උනත්
අර බලලා අල්ලා ගෙන ඉන්න මනුස්සයා හරි ආඩම්බරෙන් වට පිට බලබල ඉන්නේ . යුද්දේ දින්න අපේ ජනාධිපති තුමා වගේ..
වටපිටාව හරිම නිහඩයි.
පෝලිමේ මිනිස්සු බොහොම බලාපොරොත්තු සහගතව ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ කියලා තේරෙනවා .
මේක මට හරි ප්රශ්නයක්.
මං හිමීට කිට්ටු කරා අර බල්ලා අල්ලගෙන ඉන්න මහත්තයා ලගට
සමාවෙන්න මහත්තයා මේ වෙලාවේ කරදර කරානම් .
එයා අවුලක් නෑ කියනවා වගේ මගේ දිහා බැලුවා .
කවුද මේ නැතිවෙලා ඉන්නේ .
එක හර්ස් එකක මගේ බිරිඳ
අනිත් එකේ මගේ නැන්දම්මා .
හරිම කනගාටුයි මහත්මයා,
ඇයි මොකක් හරි ඇක්සිඩන්ට් එකක්වත්ද දෙන්නම එක සැරේට ?..
නෑ නෑ
මේ මගේ බලලා
ඊයේ හවස
නැන්දම්මා ගේ ඇගට පැනලා බෙල්ල දරුනුවට හපලා ..
එයා ඒකෙන් නැති වෙලා..
හනේ..
එතකොට නෝනා ..
නැන්දම්මව බල්ලා ගෙන් බේරගන්න ගියාම , බලලා එයාවත් හපලා..
බොහොමත්ම කනගාටුයි මහත්මයා..
ඕවා ලොකුවට හිතන්න එපා . සංසාරේ අපි කරපු පින් පව් තමා ඔය.
හා නෑ මට එහෙම අවුලක්ම නෑ..
ටික වෙලාවක් යනකල් අපි දෙන්න අතර නිහැඩියාවක් ..
ටිකකින්
මං හිමීට අර මහත්මයාට කනට ලංවෙලා.
මහත්තයා මට චූටි උදව්වක් කරන්න පුලුවන්ද පස්සෙ දවසක හරි,
මේ කරදර ඉවරවෙලා ..
හා කියන්න මොනවගේ එකක්ද .
මේ බල්ලවා මට දවස් දෙකට ගෙදර අරං යන්න දෙන්න බැරිද ?
ලොකු උදව්වක්.. ගෙවීමක් ඕනනම් මටඒකත් කරන්නත් පුලුවන් .
ආහ් ..
ඒකනම් අවුලක් නෑ.
එහෙමනම්
ඔබතුමත් මේ පෝලිමට එකතු වෙන්න ..
මේ ඉන්න හැමෝම ඔයාට කලින් බල්ලා ඉල්ලපු අය.
ඉල්ලපු පිලිවෙලට තමයි දෙන්න වෙන්න.
මට හම්බ උනේ නොම්බර 206.
එක්කෙනෙකුට දවස් දෙක ගානේ බැලුවත්.
දවස් 412 ,
අවුරුදු 10 ඉවසපු එකේ ඔය හාරසිය ගානත් ඉවසනවා කියලා හිතාගත්තා.
දැං මට ජිවත් වෙන්න ඉලක්කයක් තියනවා .
උපුටා ගැනීම: Chaaminda Wijekoon