දඩුවම් බැනුම් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මෙ සිදුවීම9 වසරෙදී අපිට යජතම්14 වයස.
7වසරෙ ඉදලා පන්තිබාර සිංහල ඉගැන්නුව පද්මා මැඩම්.
වෙන පන්තිවල වසරින් වසර පන්ති භාර ගුරුවරිය මාරුවෙනවා ..
ඒත් අපිට ඒහෙම උනේ නෑ..පද්මා මැඩම් තිබුන බලයට හැම වසරකම අපෙ පන්තිය ඒයා ගත්තා.
අපේ පන්තියෙ හිටය -සනු-
ඒයා කැන්නස් ඒක ඉරිලලා මහලා රොසැල් වුන සපත්තු කූට්ටමක් තමයි අැන්දෙ….
පද්මා මැඩම් දවසක් දෙකක් ඒයාට අලුත් සපත්තු දෙකක් ගන්න කියලා..
ඉතින් ඒක ඒයාට බැරිවුනෙ අපි හුග දෙනෙකුට ඒදත් අදත් තියන අාර්තික අමාරුකම හින්දා..
අැදුම කොන්ඩය හා භාහිර පිලිවෙල අනුව විනය නිගමනය කරන ඒක අපේ රටේ පාසල් වල හැටියි.
මේ ඊනියා විනය පිලිවෙ පිරිස්සන පද්මා මැඩම් පන්තිය ඉස්සරහ ගෑනු ලමයි ඉන්න හරියට සනුව කැදවනවා
—අනෙ ඔයගොල්ලො දාලා අයින් කරපු සපත්තු දෙකක්වත් ගෙනත් දෙන්න මෙ ලමයට කියලා ඉතාම සමච්චල් විදියට කිව්වා–
සනූ ඉතාම ලැජ්ජාවෙන් බිම බලාගෙන හිටියා..
අපේ පන්තියෙ හිටිය ගෑනු ලමයි පද්මා මැඩම්ට වඩා කොතරම් වැදගත්ද ?කියනවා නම් කිසිම ගෑහැනු ලමයෙක්වත් හිනා වුනේ නෑ
..ඒයාලත් ඒක නෑහුනා සේ බිම බලා ගත්තා..
ඒදායින් පසු සනුගෙ සිනාව ෙජා්ක් උසුලු විසුලු අපිට අත්විදින්න ලැබුනෙ නෑ.
ක්රිකට් වලට කීපර් කෙනෙක් බජව් වලට තාලෙ අල්ලන්න කෙනෙක් නැති වුනා..
ඒදා සනූ නිල අැදුම අැදලා අපිත් ඒක්ක පාසල් අාපු අවසාන දවස..අපිත් ඒක්ක බත් ඒක ඒකට බෙදාගෙන කාපු අන්තිම දවස.
පස්සෙ කාලෙක සනූ ගරාජයක වැඩ කරන බව් දැනගන්න ලැබුනා..
තවත් පස්සෙ කාලෙක සනූ කුඩු සම්බන්ද නඩුවකට බන්දනාගාරේ ගතවුන බවක් දැනගන්න ලැබුනා.
ඒතකොට අපි උසස්පෙල 2වනි සැරේ කරන කාලේ..
නොගහ නොබැන හදන දරුවෝ හැදිනොගාපු හොදි වගේ..කිසි විනයක් හැදියාවක් නැතිව සමාජ විරෝදී අපරාද කරුවො වෙනවලු.
ඒතකොට දෙමාපියන්ට හිරගෙවල්වලට බත් අදින්න වෙයිලු..
ලැජ්ජාවට උසුලු විසුලු තාඩන පීඩන වලට ලක්වෙලා තෙම්පරාද වුනාම සමාජයට මූනදෙන්න හොද පන්නරයක් පෞරෂයක් ලැබෙනවලු.
පාසල් කාලෙ දඩුවම් බැනුම් සමච්චල් නොකර ලාමකව දරුවො හැදුවම පොඩි දේකටත සුසයිඩ් කරලන්නවලු..
මෙහෙම දැන උගත් පිරිසිදු ගුරු මව්වරු පියවරු කොමෙන්ට් කරනවා මම දකිනවා..
අපි ඉස්කොලෙ ගිහිල්ලා රක්ෂා කරලා අාදරේ කරලා විවාහ වෙලා ගෙවල් හදලා ලමයි හදලා වාහන අරං ඒක ඒක ජීවින තරග දිනමින් පැරදිමින් ඉන්නවා..
අාපසු හැරිලා බලන කොට අපි මෙ සමාජය ඒකදු දශමයකවත් ඉහලට ගෙන්න අවංකව මොකුත් කරලා නෑ නෙද ? කියන අාත්ම වෙදනාව ඉතිරිවෙලා .
උපුටා ගැනීම: Lenin Nibusha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!