“ඔයාට බැ අනූ එහෙම කරන්න. අනූ ප්ලීස් දරුවා වෙනුවෙන් අනූ ඉස්සරහට එන්න අනේ පිටිපස්සට තව එක අඩියක්වත් යන්න එපා.ප්ලිස් එපා”
” අනූ”
“අම්මී”
මා මොහොතකට ගල් ගැසුණි.දෝණී මෙතනට ආ වේලාවක් මා දන්නේ නැත.සියල්ල සිදු වී හමාරය.අනූෂා මා දැඩිව ප්රේම කළ ස්ත්රීයයි. මා දෝණීව වැළඳ ගනිමින් හඩන්නට වූයේමි.කදුලු අස්සෙන් හිත දිව ගියේ සියල්ල පටන් ගත් මොහොතටය.
“සුමිත් මට තවත් බොරු කියන්න එපා.කව්ද ඒ කෙල්ල.මොකක්ද ඔයාලා අතර ඒ තරමටම තියෙන යාලුකම හැම මොහොතෙම කෝල් අරන් කෑවද බීවද හොයන්න තරම්”
“අනූ ඔයා ඉන්නෙ වැරදි අවබෝධයක.එහෙම කිසිම දෙයක් නෑ.චලනි මගෙ යාලුවෙක් එච්චරයි.බොරුවට රණ්ඩු අල්ලන්න එපා.ප්ලීස්”
අනූෂයි මමයි විවහා වෙලා අවුරුදු තුනහමාරයි.අපේ දෝණීට දැන් අවුරුදු තුනයි.විවහා ජීවිතය තුළ අපි බොහොම සතුටින් කල් ගත කළත් මා ගැහැණු ළමුන් ආශ්රය කරනවාට අනූ තුළ තිබුණේ අකමැත්තකි.නමුත් මා කිසිදා ගැහැණු ළමුන් ඇසුරේදී සීමාවෙන් පිට ගිය අයෙකු නොවූයෙමි.චලනි යනු මුහුණු පොතෙන් මට මුණ ගැසුණු අයෙක් පමණි.ඔන්ලයින් යන සෑම මොහොතකම සුවදුක් විමසමින් පිලිසදරෙහි යෙදුණද ඇය පිළිබඳ මිතුරියකු ලෙස විනා අන් කිසි හැඟීමක් මා තුළ නොවුණි.
දිනෙන් දින අලුත් වූ අපේ මිතුරුකමට අනූෂා දැඩි සේ විරුද්ධ වීම මා හට ගෙන දුන්නෙ පීඩාවකි.මාස දෙකක් තිස්සේ ඒ පිළිබඳව අප අතර ඇති වූ බහින්බස්වීම් කෙළවර වූයේ අනූෂාගේ මරණයෙනි.
සියල්ල දරා ගනිමින් මා අපේ දියණිය වෙනුවෙන් කැප වීමට තීරණය කළේ අනූෂා කොහේ හෝ හිද අප දෙස බලා සිටිනවා යැයි විශ්වාස කරමින්.සියලු යාලුකම් අතහැරදමා මා හුදෙකළා ජීවිතයකට ඇබ්බැහි වූයේ ඇයගේ මරණය දරාගැනීමට නොහැකි වූ තැනය.
අම්මාගේ මරණය සියැසින් දුටු පුංචි දියණිය එදා සිටම කිසිවකු හා කතා නොකළාය.බලාගත්වත බලා හිදීමත් හීල්ලීමත් හැරුණාම ඇය කළ එකම දෙය මා දෙස වරු ගානක් බලා සිටීම පමණි.වෛද්යවරු වෙත ගෙන ගියද ඇය තුළ කිසිදු රෝගයක් නොමැති බව පැවසීම නිසා රෝහල් වෙත යාම නවතා දැමුවෙමි.
කාලය අවුරුද්දක් ගත වූ තැන මට දුරකථන ඇමතුමක් ආවේ චලනිගෙනි.
“හෙලෝ සුමිත්.දැන් උන දේවල් උනා.තවත් ඒ ගැන හිත හිත දුක් වෙන එකේ තේරුමක් නෑ”
“මට දැන් මේ ජීවිතේ එපා වෙලා චලනි.අනූ නැති ජීවිතේ අපායක්.අපේ දෝණි අද වෙනකන් එක වචනයක් කතා කළේ නෑ.මට පිස්සු වගේ”
අවුරුද්දක් තිස්සෙ හිතේ හිර කරන් හිටිය වේදනාව මා ඇය අභියස මුදා හැරියෙමි.නැවත වරක් චලනි මාගේ හොදම යෙහෙළිය බවට පත් විය.ඇය අපේ ගෙදර පැමිණීමටත් දෝණී සමඟ කාලය ගත කිරීමටත් ඉදිරිපත් වුවද දෝණී ඇය දැකුමට පවා අකමැති බව මා හට වැටහි තිබුණි.
හරියටම අනූෂා අප අතරින් වෙන් වී අවුරුදු දෙකක් ගිය තැන මා දෝණී සමඟ පන්සලට ගොස් ඇය වෙනුවෙන් දානමාන පිංකම් සිදු කෙරුවෙමි.මේ සඳහා චලනිද සහභාගී වූයේ අපට උදව්වක් ලබා දීමටය.
“සුමිත් මම අද රෑ ඔයාලගේ ගෙදර නවතින්නම්.නැත්තම් අද ඔයා රෑ තිස්සෙත් අනූ ගැන හිත හිතම ඉදිවී”
අනූෂාගේ මරණයට චලනිද වගකිව යුතු බව මගේ හිත දැනන් උන්නත් මේ වෙලාවේ හිතට දැනෙන තනිකම පාළුව මකා ගැනීමට මට ඇය අවැසි විය.එබැවින් මා ඇයට විරුද්ධ නොවූයෙමි.
රාත්රීයේ ඝන අන්ධකාරය වැඩි වෙත්ම මා අනූගේ මතකයෙන් හෙම්බත් වීමි.නින්ද අහලකවත් නොවුණි.කාමරයේ දොරට තට්ටු කරන හඬ ඇසී ඒ දෙසට ගියේ දෝණී පැමිණ ඇතැයි සිතමිනි.
“සුමිත් මට තනියම කාමරයක ඉන්න බයයි.මම ඔයාගේ රූම් එකට ආවට කමක් නැද්ද”
පැමිණ සිටියේ චලනිය. මා ඇයට කාමරයට එන්න අවසර දුණි.නමුත් දොර වැසීමට සැරසෙත්ම එතනට පැමිණියේ අපේ දෝණීය.
“ඇයි මගෙ රත්තරං.තාත්ති ළඟ දොයියන්න එනවද”
යැයි ඇසූ විට ඇය ඔළුව දෙපැත්තට වනා චලනිගෙ අතින් අල්ලා ගත්තාය.දියණියකට අවැසි අම්මා කෙනෙක්මය.ඇය චලනි තුළින් අහිමිව ගිය මව් සෙනෙහස සෙවීමට උත්සහ ගන්නා බව වටහාගත් මා චලනිට දෝණි සමඟ යෑමට පැවසීය.එතරම් කැමත්තකින් නොවුණත් ඇය මා හට කීකරු විය.
පැය කිහිපයක් ගත විය.නින්දක් අහලකවත් නොතිබුණි.එක්වරම ඇසුණු හඬින් මා තිගැස්සි ගියෙමි.
“තාත්ති තාත්ති”
අවුරුදු දෙකක් නොඇසුණු දෝණීගේ කටහඬ ඇසීමත් සමග දැනුණු සතුටත් එක්කම මා ඇය වෙත දිව ගියෙමි.
“තාත්ති චලනි ඇන්ටිත් ගියා.අම්මිත් ගියා”
දෝණී පවසන දෙය තේරුම් ගත නොහැකිව මම ජනේලයෙන් පහළ බැලුවෙමි.ඇස් අදහා ගත නොහැකි විය.අනූෂා වැටී මිය ගොස් සිටි ආකාරයටම චලනි ද වැටී මිය ගොස් සිටියාය.
“පුතේ අම්මි ගිහින් දැන් අවුරුදු දෙකක්නෙ මගෙ පුතේ.ඒත් චලනි ඇන්ටි ඇයි පුතේ මෙතනින් පැන්නෙ”
“නැ තාත්ති අම්මි මාත් එක්ක හිටියෙ.දැන් තමයි ගියේ.චලනි ඇන්ටි මෙතනට ඇවිත් මං දිහා බලද්දිම අම්මි චලනි ඇන්ටිවත් වට්ටගෙන ඈතටම ගියා”
සියල්ල වැටහී ගියේ ඉන්පසුවය.කෝපය වේදනාව දරාගත නොහැකිව ජීවිතයෙන් සමුගත් අනූෂා දරුවා ළඟින්ම හිදින්නට ඇත.චලනි දකිත්ම වෛරයකින් සිටි ඈ චලනිගෙ ජීවිතය උදුරා ගන්නට ඇත.
මා සරල දෙයක් ලෙස දුටු ප්රශ්නය ඇය මෙතරම් දරුණු කිරිමට සමත් වුයේ කෙසේදැයි තවමත් මා හට වටහා ගත නොහැකිය.
නිමි.
උපුටා ගැනීම: Hirusha Wijerathna 


