දානේ ගෙදර බෝම්බ ගැසීම.. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කැම්පස් ඉන්න දවස් වල හොස්ටල් කැන්ටිමේ හරි ෆැකල්ටියේ කැන්ටිමේ හරි කෑම කන අපිට පිටින් කන්න ලැබෙනවා කියන්නේ ඉතිං රජ මඟුල් තමා. එකත් දානේ ගෙයක් නම් ඉතීං කියන්න ඕන නෑ නේ..
රත්නපුර පැත්තේ අපේ යාලූවෙකගේ ගෙදර දානයක් කියලා අපි හතරක් යන්න සෙට් වුණා.. මොනරාගල යාලුවෙක්, ගම්පහ යාලුවෙක්, කුරුණෑගල යාලුවෙක්.
දානේ ගෙදරට උදව් කරන්නත් එක්ක කලින් දවසේ අපි යන්න පිටත් වුණා, රත්පුරේන් බැහැලා ආයේ බස් එකක යන්න ඕන. ටිකක් දුර ගියා.
බස් එකෙන් බහින තැනට අපේ යාලුවයි එයාගේ දුරින් නෑයෝ වන මාමා කෙනෙකුයි ඇවිල්ලා හිටියා. කුඹුරු මැදින් දොල පාරවල් උඩින් පැන පැන සිංහරාජ කැළෑව බල බල යාලුවාගේ ගෙදරට ආවා. අර යාලුවාගේ මාමා බී ලා තමා හිටියේ..
අපේ එකා කියනවා මාමා නොබී ඉන්න වේලාවක් නම් දන්නේ නෑ.. කොයි වේලාවෙත් බීලා කියලා..
හවස තේ එකක් බීලා ඇඟ පත හොද ගන්න දොලට යන්න ලැස්ති වෙද්දි මාමා හරි යං මං පාර පෙන්න්නං කියලා ආවා.
” මේ පුතාලා ඔක්කොම කැම්පස් ද”?
කියලා මාමා අහනවා.
අපේ කුරුණෑගල යාලුවා කොණ්ඩේ කොටටම කපලා හිටියේ..
” අනේ නෑ මාමා අරයා හමුදාවේ, කමාන්ඩෝ එකේ..”
ගම්පහ යාලුවා ගත් කටටම කුරුණෑගල යාලුවා පෙන්නලා කිව්වා..
අපිත් සද්දේ නැතුව හිටියා,..
මාමා වැනි වැනි අපි දොළට එක්ක ගියා.. අපිට නාන්න කියලා මාමා ටිකක් එහාට ගිහින් ගහක් යට ඉදන් කාලක් කටේ තියන් ටිකක් බීව්වා.. කුරුණෑගල යාලුවා මාමාට ඔච්චර බොන්න එපා අරක මේක දේශනාව..
” මචං හරි වැඩේ මට බ්රෂ් එක ගෙන්න බැරි වුණා..” මොනරාගල එකා කිව්වම අපි හැමෝටම එක මතක් වුණේ..
” බ්රෂ් මොකට ද බං. මේ ඕන තරම් බෝමූ තියෙන්නේ. ” කුරුණෑගල යාලුවා කියන ගමන් බෝමූ ගහ පැත්ත ට අත දික් කරා.. මාමා හිටියේ ඊට පොඩ්ඩක් එහාට වෙන්න..
මාමා හනිකට නැගලා ගියා යන්න..
අපි ගෙදරට එද්දී එක යුද්ධයි..
“පුතාගේ කැම්පස් යාලුවෝ එක්ක ආවා හමුදා කොල්ලා මට බෝම්බ ගහන්න හැදුවා”
කිය කිය අපිට ගහන්න කොල්ලොයි පොලූ එකතු කරනවා..
අපේ එකා අන්දුස් වෙලා හමුදා යාලුවා කව්ද කියලා..
දැන් රෑ වෙනවාත් එක්ක. අපිව යවන්න කිය කිය මාමා එක යම යුද්ධයි..
“මට බෝම්බ ගහන්න ආවා උන්ට දානේ කන්න දෙන්න පුළුළුන් ද ” කිය කිය කෑගහනවා.
බැලින්නම් බෝමූ කිව්ව එක මාමාට වෙරි මරගාතේ ඇහැලා තියෙන්නේ බෝම්බ වගේ.
වෙච්ච දේ යාලුවටයි හැමෝටම තේරුණා. ගුටි නොකා දානේ කාලා ආවා..
උපුටා ගැනීම : Uchitha Palliyaguruge

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!