එය අගනුවර පිහිටි රෝහලක් වූ අතර ප්රතිකාර කරනු ලැබුවේ මානසික ව්යාධ්න් සහ ආතතින් ඇති නේවාසික රෝගීන්ටය.එහි පාලන අදිකාරියට රෝගීන් සදහා පෝ දින ධර්ම දේශනයක් ශ්රවණය කිරීමේ අවස්ථාවක් ලබා දීමට අදහසක් පහළ විය .දිවයිනේ එවකට සිටි සුප්රසිද්ධ දේශකයාණන් වහන්සේ නමකට ආරාධනය කරන ලදුව උන්වහන්සේ කල් ඇතුවම රෝහලට වැඩම කර තිබිණි .
“අපේ හාමුදුරුවනේ .මේ අයගේ තත්ත්වය පැහැදිලියිනේ.බණ අහන කොට වත් පිළිවෙත් වල අඩුපාඩුවක් උනොත් සමා වෙලා ඔබ වහන්සේ දේශනාව දිගටම කරගෙන යන්න”
මේ පාලන අදිකාරීයෙන් උන්වහන්සේට ලැබුණු උපදේශයයි.
උපදෙස් හිතේ තබාගෙන හාමුදුරුවෝ ධර්ම ශාලාවට වැඩම කරද්දි නේවාසිකයන් සියලු දෙනාම සුදු වතින් සැරසී ඉතාම නිශ්ශබ්දව වාඩි වි සිටින අයුරු දැක ඉතාම සතුටට පත් විය.එක් පුද්ගලයෙක් පැමිණ කිසිම කතා බහක් නැතුවම මල් වට්ටිය පූජා කර වැද නැවත සිටි තැනටම ගොස් වාඩිවිණි.ශාලාව නිශ්ශබ්දය.ධර්ම දේශනය ආරම්භ කිරීමට ප්රථම නමස්කාරය කියන්නයි ඉල්ලූ ව්ටද සියල්ලෝම ඉතා තාලයට නමස්කාරය කී විට හාමුදුරුවන්ටත් පුදුමයි පාලන අදිකාරිය කියපු දේවල් ගැන .
ඔන්න උන්වහන්සේ ඉස්සෙල්ලාම
“බුද්ධං සරණං ගච්චාමි” කිව්වා .ශාලාවෙන් හුම් ශබ්දයක් නෑ.
” කි යා න් න්න් න’ උන්වහන්සේ සුපුරුදු ආදර බර හඩින් ඉල්ලා සිටියා.
ශාලාව දෙසින් කටහඬවල් කීපයක්ම බොහොම බැරෑරුම් ස්වරයෙන් මෙහෙම කිව්වා .
“හාමුදුරුවෝ ඔහොම යන්නකො.අපි වෙලාවට එකතු වෙන්නම්”
දැන් මොකද කරන්නෙ.හාමුදුරුවන්ට කියපු උපදෙස් ටික මතක් උනා.වාද කරන්න යන්න හොඳ නෑ.කිව්වා දෙවෙනි පදයත්.
“ධම්මං සරණං ගච්චාමි”
මෙවරත් කිසිම ශබ්දයක් නෑ.
“කි යා න්න්න”
“අපි කිව්වනේ හාමුදුරුවනේ අපි වෙලාවට එන්නම්’
මෙවර තත්ත්වය තවත් බැරෑරුම් .හාමුදුරුවෝ ඊලග පදයත් කියල දැම්මා.
“සංඝං සරණං ගච්චාමි”
හාමුදුරුවෝ ඉවර කලා විතරයි .අප්පට සිරි
ශාලාවේ හැමෝම අත් දෙකම නළලට තියලා එකා වගේ තාළෙයට කටහඬ අවදි කළා.
“ඔබෙ රාගී මන කැළබේදෝ
පිව්තුරු හදවත පෑරේදෝ
එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්චාමි
බුද්ධං සරණං ගච්චාමි
ධම්මං සරණං ගච්චාමි
සංඝං සරණං ගච්චාමි”
උපුටා ගැනීම: බන්දුල පෙරේරා