දරු ප්‍රසූතියකදී කැපුම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ තියෙන්නේ සාමාන්ය දරු ප්රසූතියකදි දරුවා එළියට ගැනීම පහසු කිරිමට කාන්තා යෝනි මාර්ගයට යොදන කැපුම , මැහුම් දැම්මාට පසු පෙනුම. මේ කැපුමට කියන්නේ වටපිය කැපුම (episiotomy) ගොඩක් වෙලාවට මේක කරන්නේ බබා එලියට එන්න ඔන්න මෙන්න තියෙද්දි වේදනාව උපරිමව තියෙද්දි. හිරිවැටෙන්න බෙහෙත් විදිය යුතුයි කැපුමට පෙර. ඒත් සමහර හදිසි අවස්ථාවල හිරි වට්ටවන්නෙ නැතිව කැපුම යොදනවා දරුවා ගැන ආදරය වගේම ප්රසව වේදනාව නිසා හිරිවට්ටවන්නෙ නැතිව කැපුම යෙදුවත් අම්මා දරන් ඉන්නවා.
පිරිමි ඔබට හිතන්නවත් බැ මම දන්නෑ මටනම් බෑ මගේ සංවේදි අවයවයක් කපද්දි දරන් ඉන්න.
මට කියන්න ඕන උනේ ගැහැනියෙක් ගේ සංවේදිම අවයවයක් කපලා එලියට ගත්තු ඔබේ හැසිරීම ගැන. ඔව් පිරිමි ඔබේ හැසිරීම.
තම මවට සලකන් නැති පුතෙක්ද?
ඔබ තම සහෝදරියට ගරු නොකරන සහෝදරයෙක්ද?
ඔබ ආදරය යන නම විකුණල කෙල්ලෝ සමග ආතල් එකක් අරං හිමිට ෂේප් වෙන පිරිමියෙක්ද?
ඔබ බිරිදට බොරු කරන තව කාන්තාවකගේ හැගිම් සමග සෙල්ලම් කරන සෙල්ලක්කාරයෙක්ද?
ඔබ වැඩපලේ අහිංසක කෙල්ලෝ ඇදට ගන්න මාන බලන ⁣බොස් කෙනෙක්ද?
පාරේ බස් එකේ යන කෙල්ලෙක්ට නිදහසේ යන්න නොදෙන අසහනෙන් පෙලෙන කෙනෙක්ද?
දකින දකින කෙල්ල තමන්ට ලිංගික භාන්ඩයක් ලෙස පෙනෙන කෙල්ලෝ ඉන්නෙ ඔබේ ආතල් එකට පමනක් කියල හිතන කොල්ලෙක්ද?
තමන්ට අවශ්ය දේ ඉටු නොවුන තැනදි බඩුව යන ලේබල් ගසා කෙල්ලව පාගන පිරිමියෙක්ද
මේ ලිස්ට් එක තව දික් කල හැකි
පිරිමි ඔබ ගෙන් කාන්තාවකට සිදුවන ඕනෑම අසාධාරන කරදරයකදි මතකේ තබාගත යුතු දේ තමයි ඔබව බිහිකල මව ඔබ මේ ලෝකෙට ගෙන්න වින්ද මම උඩ කිව්ව වේදනාව
මව වගේම ඇයත් කාන්තාවක් බව
ඇයත් දවසක තම කුස දරුවෙක් හොවන බව
දරුව වදද්දි පිරිමියට හිතන්නවත් බැරි වේදනාවක් විදින බව
මම කියන් නැ සැම කෙනාටම ගරු කල යුතු බව ඒත් කාන්තාවකට අසාධාරන බල පැමකදි
ඒකට විරුද්ධ වෙන්න හේතුවක් ඔබට නැත්නම් මේ හේතුවම හේතුවක් කරගන්න
මම හිතන් නැ මේ ලිවිමෙන් කවුරු හරි වෙනස් වෙයි කියල ඒත් එකෙක් හරි හිතන විදිහ පොඩි වෙනසක් ඇතිකරගන්නවනම් වටිනාකමක් තියෙයි…..
(උපුටා ගැනිමකි)
උපුටා ගැනීම:  Nilusha Dissanayake 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!