දරු සම්පත (කෙටි කතාව) (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“අභී ඔයා කවදද රුවනිව ඩිවෝස් කරන්නෙ.මට තවත් මෙහෙම ඉන්න බෑ.මම අද එන්නම් ඔයත් එක්ක ඔයාලගෙ ගෙදර”
“පොඩ්ඩක් ඉන්න කවී.මොනවා උනත් රුවනි කියන්නෙ මම අවුරුදු ගාණක් ආදරේ කරපු කෙල්ල.එක පාර එකීව අතෑරලා දාන්න තරම් තාම මගෙ හිත හයිය නෑ”
“මොකක්ද අභී.එච්චර ආදරේ නම් ඔයා තව කෙල්ලෙක්ට ළං වෙන්නෙ නෑනේ.හිත රවට්ටගන්න එපා.දරුවො නැති කසාදයකින් වැඩක් තියෙනව ද අභී.අපි මැරි කරමු. ම්ම්ම්.ඊටපස්සෙ මට පුලුවන් ඔයාට චූටී චූටී පැටව් ගොඩාක් දෙන්න.”
දරුවෝ හ්ම්ම් මගෙ ලස්සනම හීනයක්.මං වගේ පුතෙක් චූටී දෝණීයෙක් ගැන අපි කොච්චර හීන මැව්වද.ඒත් මැරි කරලා අවුරුදු තුනක් යනකන් අපිට දරුවො ලැබුණේ නෑ. ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා බැලුවේ ඉවසලා බැරිම තැන.
“මට කණගාටුයි මිස්ට සූරියබණ්ඩාර.නෝනට දරුවො හදන්න බෑ”
අපිදෙන්නා එදා මුලු රෑම ඇඬුවා.මම රුවනිට පොරොන්දු උනා.මොනවා උනත් එයාව දාලා යන්නැ කියලා. අපි ටික ටික හිතහදාගත්තා.අාදරෙන් හිටියා.ඒත් හදවතින් දුක් උනා.
ඔය අතරෙදි තමයි මට කාව්යා මුණ ගැහෙන්නෙ.අපේ ඔෆිස් එකේ වැඩ කරපු කාව්යා කාගෙත් සිහින කුමරිය වගේ. එයා වැඩ කලේ මගෙ බ්රාන්ච් එකේමයි.කාලයත් එක්ක අපි හොඳ යාලුවෝ උනා.මම මගෙ හිතේ තිබ්බ වේදනවා හැමදෙයක්ම බෙදාගත්තෙ කාව්යා එක්ක.එයත් එක්ක ක්ලබ් යන්නත් එකට ඩ්රින්ක්ස් ගන්න එකත් ම⁣ට පුරුද්දක් උනා.
උදේ හවා මඟතොට දරුවෝ අරන් යන එන අම්මලා දකිද්දි මට රුවනි ගැන තරහකුත් ඇති උනා.වේදනාවත් කේන්තියත් එක්ක මම ටික ටික රුවනිගෙන් ඈත් උනේ කාව්යාට තව තව ළං වෙමින්.ඕන වෙලාවක මං ළඟට එන්න කැමතියි කියලා කාව්යා මුලින්ම කියපු දවසෙ මම තීරණය කලා රුවනිව ඩිවෝස් කරන්න.
“මහත්තයෝ.අැයි මේ ටික දවසක ඉඳන් ඔයා හරි වෙනස්.මගෙත් එක්ක කතා කරන්නෙවත් නැ.හරියට මූණ බලන්නෙවත් නෑ.අනේ ඇයි අභී.”
“අන්න අහට ගිහින් නිදා ගන්නවා රුවනි.මට පාඩුවෙ ඉන්න දීලා.පව්කාර ජීවිතයකට කර ගැහුවනෙ මමත්”
රුවනිගේ හැඬුම් සද්දෙ ඇහුණත් මම ඒ පැත්තවත් නොබලා නිදාගත්තා.උදේ ඇහැරෙද්දිමුත් රුවනි හිටියෙ බිම බිත්තියට හේත්තු වෙලා.එතනම නින්ද ගිහින් මට ඕන උනේ නෑ එයාව ඇහැරවන්න.මම එහෙම්ම ලෑස්ති වෙලා ඔෆිස් එකට ගියා.
අවසානෙට මම තීරණය කලා කාව්යාව අද ගෙදර එක්ක යන්න.මේවා කිය කිය රුවනි ගෙන් ඩිවෝස් එක ඉල්ලනවට වඩා මේවා දකිද්දි එයාම ඩිවෝස් එක දෙයි.එහෙම හිතලා හවස වැඩ ඇරිලා මමයි කාව්යයි අපේ ගෙදර ගියා.
“මේ කව්ද අභී”
“මම ද. දැනට නම් අභීගේ පෙම්වතිය.තව ටික දවසකින් වයිෆ් නේද මැනික”
මම කියන්නත් කලින් කාව්යා එහෙම කියලා මාව බදාගත්තා.රුවනි පුදුම වෙලා මං දිහා බලන් ඉද්දි මම එයා ඉස්සරහ නිරුත්තර උනා.
“අභී මේක විහිළුවක් නේද? ඔයාට බෑ එහෙම කරන්න.අභී අපි දරුවෙක් අරන් හදාගමු අභී.අනේ මෙහෙම කරන්න එපා”
රුවනි පිස්⁣සියෙක් වගෙ කෑ ගහද්දි මට තවත් කේන්තිය වැඩි උනා.මම කාව්යත් එක්ක කෙලින්ම ගියෙ අපෙ බෙඩ් රූම් එකට.
“ඔයා අද වෙන කාමරේක නිදාගන්න”
කාව්යා එහෙම කියද්දි රුවනි බිම වැටීගෙන අඬන්න පටන් ගත්තා.මගෙ හිතටත් වේදනාව දැනුනට දරුවො නැති ජීවිතයට වඩා මෙහෙම කරන එක හොදයි කියලා මම හිත හදාගත්තා.
සතියක් අපි එහෙම හිටියට රුවනි ගෙදරින් ගියෙ නෑ.
“අභී මට වැදගත් දෙයක් කියන්න තියෙනවා.මේක ඔයා දැනගන්නම ඕන.”
“අනේ මේ ඔයාගේ කතා අහන්න අභීට වෙලාවක් නෑ.ඔයා මෙහෙන් ගියොත් තමා හොද”
ඇත්තටම මටත් එයත් එක්ක කතා කරන්න ඕන උනේ නෑ.සතියකට පස්සෙ රුවනි ගෙදරින් ගියා.ඊට මාසෙකටත් පස්සෙ අපි ඩිවෝස් උනා.මමයි කාව්යායයි මැරි කලා.මාස ගානකට පස්සෙ රුවනිත් ගෙදර අයගෙ බල කිරීමට වෙන කසාදයක් කරගෙන කියලා ආරංචි උනා.
අවුරුද්දකට පසු,
“කවී බබෝ තාම බණ්ඩියෙ වෙනසක් නැද්ද”
“නෑනේ බබෝ.එයාලට තාම එන්න හදිස්සි නැතුව ඇති”
අපි හරිම සතුටින් හිටියා.දරු සිහිනය වෙනුවෙන් ලෑස්ති උනා.දරුවෙක් කුසට එනකන් බලාන හිටියා.දවසක් මගෙ යාලුවෙක්ගෙ වයිෆ්ට දෙවෙනි බබත් හම්බෙලා කියලා මට ඌත් එක්ක හොස්පිට්ල් යන්න උනා.හොස්පිට්ල් එකේ දී මට ඒ අැස් මුණ ගැහුණා.ඔව් රුවනි තවත් පිරිමි කෙනෙක් එක්ක ක්ලිනික් එකේ හටියා.
“ආ රුවනි. කොහොමද මේ අලුත් මනමාලයා වෙන්න ඇති.ඒත් මොකද මේ පැත්තෙ.මෙහෙට ආවට වැඩක් නෑ කියලා අමතක උනාද”
මම එහෙම අහද්දි රුවනි ඇස්දෙකේ කඳුළු පුරවන් එතනින් යන්න ගියා.
“මචං අපි ආවේ ක්ලිනික් එකට.රුවනිගෙ බඩට දැන් මාස දෙකයි.උඹ නොදන්න දෙයක් තියෙනවා.ඒකි ඒක උඹට කියලා නැත්තෙ උඹට තියෙන ආදරේට.ඒත් අවසානෙට උඹ කරපු දේවල් නිසා ඒක කියන්න හැදුවත් උඹ අහලා නෑ.මචං දරුවො හදන්න බැරි රුවනිට නෙමෙයි උඹට.ඒක දැනගත්ත වෙලේ ඩොක්ටර්ට කියලා ඒකි පිට වැරැද්ද දාගෙන තියෙන්නෙ උඹට ආදරේට”
මට මං ගැනම අැති උනේ ලැජ්ජාවක්.කේන්තියක් මම බිත්තියෙ ඔළුව ගහගෙන ගහගෙන ගියා.මෙච්චර ආදරයකටද මම නිගා කළේ.මම මටම ශාප කරගනිමින් එතනින් යන්න ගියා.සිද්ධිය කාව්යට කියපු ගමන් එකී මට බැන බැන ගෙදරින් ගියා.අවසානෙට මට ඉතිරි උනේ මතකයන් ටිකක් විතරයි.
උපුටා ගැනීම: Hirusha Wijerathna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!