අම්බලන්ගොඩ කවදත් රූකඩ වලට ප්රසිද්ධ පලාතක්නේ.දැන් වගේ නෙවෙයි ඉස්සර රූකඩ මඩුවක් ගමක තියෙනවා කිව්වොත් සෙනඟ පිරෙනවා .අම්බලන්ගොඩ කිව්වොත් කියල වැඩක් නෑ .මිනිස්සු කලින්ම ටිකට් එහෙම අරගෙන පවුල් පිටින් ඇවිත් ඉන්නවා .අම්බලන්ගොඩ සාදි ගුරුන්නාන්සෙ ඔය කියන රූකඩ සංදර්ශනවලට හරි ප්රසිද්ධයි.එයාගෙ රූකඩ කංඩායමට රූකඩ භාර ,හඩ කවන,වේදිකා සැරසිලි ,සංගීත ශිල්පීන් වගේ ලොකු කට්ටියක් එනවා වේලාසනින්ම.ඔහු විසින් නිර්මාණය කල නාට්ය කීපයක්ම ඉතා ජනප්රියත්වයෙන් දිවයිනේ සෑම දිසාවකම වේදිකා ගත උනා.
දස්කොන් එහෙම ඉතාම ජනප්රිය වුනු නාටකයක්.
මේ හැම නාටකයකම වේදිකාව පිටුපස ඉදලා නූල් සූත්තරය කරන්නෙ සාදි ගුරුන්නාන්සෙ .
ගෝලයෝ දෙන්නෙක් දෙපැත්තේ .ගුරා ඇගිලි දහයෙම නූල් ඔතාගෙන වැඩ කරන කොට ඉල්ලන දේවල් ලං කරන්නේ දෙපැත්තේ ගෝලයෝ දෙන්නා.නාටකය පටන් ගත්තෙ රාත්රී ආහාරයෙන් පසුව උනාට,පහුවෙන කොට තේ,කෝපිත් ඊටත් රෑ වෙනකොට තව තව බීම ජාතිත් ගෝලයෝ ලං කරනවා .
එදා ප්රධාන නගරයක සංවිධානය කරලා තිබුණේ අර දස්කොන් නාටකය.රෑ කෑමෙන් පස්සෙ ඔන්න වැඩේ පටන් ගත්තා .වැඩේ නැගල යනවා.දස්කොන් ප්රමිලා බිසව සමග ප්රේම සල්ලාපයක .පසුබ්මෙන් ප්රේම ගීත .ප්රෙක්ෂකයෝ කුල්මත් වෙලා .පස්සේ රහස රජ්ජුරුවන්ට අහු වෙනවා .දස්කොන්ගෙ හිස ගසා දමන්න රජු නියෝග කරන කොට සෙනඟ ව්ශේෂයන් කාන්තාවෝ සුසුම් හෙලනවා.සාදි ගුරුන්නාන්සෙ දිගටම වැඩේ .මුළින්ම තේ තිබ්බා.ඊලගට කෝපි.ගෝලයෝ දැන් වෙන වෙන දේවලුත් කිට්ටු කරනවා .දැන් ඔන්න දස්කොන්ගෙ මරණ දඩුවම ක්රියාත්මක කරන අවස්ථාව .සාදි ගුරා තවත් උගුරක් කටේ හලා ගෙන නූල් අදින්න පටන් ගත්තා .ඔන්න සෙනඟ අතරින් පොඩි කසු කුසුවක්.ගුරාට ගානක් නෑ දිගටම අදිනවා.ඒ එක්කම පොඩි ව්ශිල් පාරක් එක්කම පොඩි හූ පාරකුත් එන්න පටන් ගත්තා .ඔන්න දැන් පොඩි ගල් කැටියක් දෙකක් වේදිකාවට වැටෙනවා.සිහි එලව ගත්ත ගුරුන්නාන්සෙ ගෝලයෙකුට කිව්වා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලපන් කියලා.
ගෝලයත් වැනි වැනි ගිහින් එක පාරටම කලබලෙන් දුවං එනවා .
“මොකෝ බොල කලබලේ.ඉස්සරහ ගෝරියක්ද”
“නෑ නෑ ගුරුන්නාන්සෙ කොහොමද නූල අල්ලගෙන ඉන්නෙ”
“වෙනදට අල්ලන ව්දියට තමයි බොල.තෝ එනවද මට මගෙ සාත්තරේ උගන්නන්න”
“මං කියන්නෙ බොරුද බලන්න ගුරුන්නාන්සෙම ඉස්සරහට ගිහිල්ලා “
“ඇයි බොල?”
“දස්කොන්ව මරන්න ආපු වධකයා දංගෙඩියට බෙල්ල තියන් ඉන්නවා .”
“මොනවා බොල”
“දස්කොන් කඩුව උස්සං උගෙ බෙල්ල කපන්න හදනවා”
ගෝලයා එහෙම කියද්දි තමයි ගුරාට පියවි සිහිය ආවෙ .
පස්සේ කාලෙදීත් ගෝලයෝ ඔය කතාව මතක් කරද්දි
“දස්කොන් නාට්ටිය නිසා හොඳයි බන් බැරී වෙලාවත් අංගුලිමාල,මාර දූතිකාවන්ගේ දමනය වගේ එකක මෙහෙම පටළැවිල්ලක් එහෙම උනා නම් ” කියල හිත හදා ගන්නවා .
පස්සේ කාලෙදී පිට කෙනෙක් මේ ගැන අහන කොට ගුරුන්නාන්සෙ ලස්සන උත්තරයක් හදා ගෙන තිබුණා.
“දස්කොන් මරන්න කිට්ටු වෙනකොටම කවුද ඇවිත් කනට කරලා කියාපි මරන්න එපා මරන්න එපා.දස්කොන්ට මේ දැන් පොදු සමාවක් ලැබුණා කියල .මට ඒ වගේ වෙලාවට අදින්න නූලක් තිබුණේ නැති නිසා මාව අන්දුන් කුන්දුන් වෙලා ගියා “
උපුටා ගැනීම: බන්දුල පෙරේරා