දත් බෙහෙත් හා දත සුද්දෝ (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මෙික කාලෙක ඉඳලා ලියන්නට හිටි පෝස්ටුවක්…
ලංකාවේ විවිධාකාර දත් බෙහෙත් විකිණෙයි. ඒවායින් ඇති විවිධ වාසි ගැන කියා විකිණෙයි. මිනිස්සුන්ට ඇති දත් ප්රශ්න කටේ ප්රශ්න දත් බෙහෙත් අස්සට දමා විකිණෙයි.
දේශීයත්වය එකතු කර විකිණෙයි.
නානාවිධ දේ එකතු කර විකිණෙයි.
මේ ගැන විද්යාත්මක මතය කුමක්ද?
හොඳ දන්තාලේපයක් තෝරා ගන්නෙ කොහොමද? මේවගෙන් වෙන හානි මොනවද?
මේක මේ ප්රශ්න වලට සරල උත්තරයක්…
දත් මැදීමෙන් අප බලාපොරොත්තු වන්නෙ මැලියම් ඉවත් කිරීම. ඒකට ඉතාම වැදගත් හරි ක්රමයකට දත් මැදීම. දතේ හැම පැත්තටම බුරුසුව දාන එක. ඒකට විවිධ ක්රම විද්යාවෙන් පැහැදිලි කරල තිබ්බත් දතේ පැති තුනටත් දතත් විදුරුමහත් අතර ඉඩට බ්රෂ් එකේ කෙඳි ඇල කරල දාගත්ත නම් ප්රමාණවත්. ඔව් ඔය දැං දිව දාල බැලුවෙ එතන්ට තමා. ඒ විදිහට පිළිවෙලකට මදින්න. වරු ගණන් මදින්න එපා. විනාඩි දෙකෙන් තුනෙන් වැඩේ ඉවර කරන්න.
එහෙනං දත් බෙහෙත් මොකටද?
දත් බෙහෙතෙන් කරන්නෙ දත් මදින එක පහසු කරන එක. මෙතන තමා විවිධාකාර නිෂ්පාදකයො විවිධාකාර දේවල් එකතු කරල තමන්ගෙ එක තමා හොඳම එක කියල කියන්නෙ. මෙතන තමා තරඟය තියෙන්නෙ. වංචාව සහ හානිය තියෙන්නෙත් මෙතන…
මම සරල උත්තරයක් දෙන්නම්….
විද්යාත්මකව දත්වලට සැබෑ උදව්වක් ප්රමාණාත්මකව වෙන හැටියට ඔප්පු කරල කාලයක් පාවිච්චි කරල තියෙන්නෙ ෆ්ලෝරයිඩ් කියන සංඝටකය විතරයි…ඒ හින්ද ඔබ වතුරෙ ෆ්ලෝරයිඩ් අධිකව තියෙන වැල්ලවාය ගල්ගමුව වගෙ පැත්තක නෙවෙයි නම් ෆ්ලෝරයිඩ් තියෙන දන්තාලේපයකින් දත් මදින්න…බහුජාතික වේවා දේශීය වේවා ගැටලුවක් නෑ…
ෆ්⁣ලෝරයිඩ් තියෙන දන්තාලේපයකින් මදින්න…
එතකොට ඔය කියන අනිත් ඒව?….මයික්රො කැල්සියම්, ට්රයික්ලොසාන්, කරාබුනැටි තෙල් ආදි එකී මෙකී ගොඩක් දේවල් නිෂ්පාදකයො එකතු කරනව..මේවගෙන් හානියක් නෑ…ලොකූ වාසියකුත් නෑ…ඒ නිසා තමන්ගෙ කටට ප්රිය, කටේ ගඳ නැතිවෙනව කියල හිතෙන ඔය ඕන එකකින් මදින්න..
හැබැයි ෆ්ලෝරයිඩ් තියෙන දන්තාලේපයක්….සරලයි.
එතකොට මොනවගෙන්ද මදින්න හොඳ නැත්තෙ?
එක, දත් සුදු කරනව කියන ඒවගෙන් මදින්න එපා….
දත් සුදු කරන්න මොවුන් Abrasive එකක් එකතු කරනව..ඒව දීර්ඝකාලීනව දත්වලට හොඳ නෑ…දත් ගෙවිල යනව…දත් හිරි වැටෙන්න පටන් ගන්නව…ඒ නිසා බහුජාතික වුනත් දේශීය වුනත් දත් සුදු කරල දෙන්නම් කියල කියාගෙන එන දත්බෙහෙත් වලින් මදින්න එපා…සරලයි. හොඳට මතක් කරල බලන්න කාලෙකට කලින් දත් සුදු කරන්න ආපු ලොකු ලොකු නම් තිබ්බ ටූත්පේස්ට් දැන් මාකට් එකේ නෑ නේද?
ඒ හින්ද කොම්පැණිවල පර්යේෂණ කරන මීපැටවු වෙන්න එපා….
දෙක, දත් හිරිවැටෙන එක නැති කරන ඒවගෙන් දීර්ඝකාලීනව මදින්න එපා…
දතක් හිරිවැටෙනව කියන්නෙ දතක ප්රශ්නයක්…දත් නරක් වෙලා වෙන්න පුලුවන්. දත් ගෙවිල වෙන්න පුලුවන්.ඒකට දත් දොස්තර කෙනෙක් ලඟට යන්න. ගිහිල්ල ප්රශ්නයට හේතුව අහගන්න..ඒකට ප්රතිකාරයක් කරගන්න…සමහර විට ප්රශ්නය දත් මැදීම වැඩිකම නම් වෛද්යවරයා කියයි බ්රෂ් කරන එක අඩු කරල Desentizing toothpaste එකක් පාවිච්චි කරන්න කියල..ආන්න එතකොට හිරිවැටෙන එක නැති කරනව කියන එකකින් මදින්න…රූපවාහිනියෙ සුදුකෝට් පොරවන් ඉන්න දත සුද්දොත් ඕවගෙන් හැමදාම මදින් නෑ…මතක තියා ගන්න.
තුන, දැං අලුත් එකක් ඇවිල්ල පුවක් තියෙන…පැත්ත පලාතක ගේන්න එපා…
දත් බෙහෙත් ගැන කියන වෙලාවෙ ඔබගෙ අවර්ණ වෙච්ච දත් වලට ප්රතිකාර කරගන්න ගියාම සමහර දත් දොස්තර මහත්තුරු ඉන්න පුලුවන් දත් ටික කපල ක්රවුන් දාන්න, කොපු දාන්න කතා කරන..ඉතාම වැදගත් ක්ෂෙත්රයකත් මෙහෙම සල්ලි ඔලුවෙ තියන් ඉන්න කිහිප දෙනෙක් ඉන්න පුලුවන්. එයත් එක්ක හිනාවෙලා කතා කරල මාරු වෙන්න. ඔබගෙ ගමේ වැදගත් දත් දොස්තර මහත්තුරු ඉන්නව. දතට අවම හානි ඇතුව කරන ප්රතිකාර තියෙනව. ඒ දේවල් ගැන ඉගෙන ගන්න. එහෙම ප්රතිකාර වලට යොමු වෙන්න. මතක තියාගන්න සුද්දෙ දෙන්න බලාගෙන ඉන්නෙ දේශීය බහුජාතික කොම්පැණි විතරක් නෙවි. දත සුද්දො දොස්තරල අතරත් ඉන්නව. අතලොස්සක් වුනත් උං මේ ක්ෂේත්රයට කරන හානිය බලවත්. ඒවට අහුවෙන්න එපා…
ආදරණීය මිත්රවරුනි,
ටූත්පේස්ට් ගැන ලියපු මේ පණිවිඩය මිනිස්සු අතරට ගෙනියන්න. මොකද කරුණු නොදැන පාවිච්චි කරල, කරුණු නොදැන ප්රතිකාර කරගෙන අමාරුවෙ වැටිච්ච අයට ප්රතිකාර කරන්නෙ අපි. ඒක රජයට බරක්. පුද්ගලික අංශයෙ වියදම් මිනිස්සුන්ට දරන්න බෑ. මේ සරල පණිවිඩය මිනිස්සු අතරට ගෙනියන්න යැයි මා ඔබට සෙනහසින් ආරාධනා කරනවා.
ලක්මාල් කුලසේකර
දන්ත සංරක්ෂණය පිළිබඳ විශේෂඥ වෛද්
පළාත් මහ රෝහල බදුල්ල
මූලාශ්‍රය: Knowledge Infinity

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!