දවසක් පැල නැති හේනේ… (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක මම සාමාන්ය පෙළ කරන කාලෙ මගෙ යාලුවෙකට සිද්ධ උන පොඩි අවුලක්.
මේ කියන යාලුව (සපුමල් කියල හිතමු) කලින් වාර දෙකේදිම පන්තියෙ 4 වෙනිය.මිනිහට සෑහෙන උවමනාවක් තිබ්බ මුල් තුන්දෙනා අතරට එන්න. එතකොට 11 වසර තුන් වෙනි වාර විභාගෙ ඉවර වෙලා ලකුණු දෙන දවස්.ඔක්කොම විෂයන් වල ලකුණු දීල තව චිත්ර වල විතරයි ලකුණු දෙන්න ඉතුරු වෙලා තිබුණෙ.
හැබැයි මේ වෙනකොටත් සපුමල් මුලු ලකුණු වලින් 4 වෙනියම තමයි තාමත්. 3 වෙනියට ලකුණු තියෙන සිරිමල්ට සපුමල්ට වඩා ලකුණු දෙකයි දැනට වැඩි.චිත්ර වලට සිරිමල්ට වඩා ලකුණු දෙකකට වඩා ගත්තොත් සපුමල්ගෙ කල්ල මරේ 😀
ඔන්න දැන් චිත්ර මිස් ඇවිත් එක එක්කෙනාගෙ ලකුණු කියන ගමන් පේපර්ස් බෙදනව.
“සිරිමල්… ලකුණු 76 යි “
මේක ඇහුව විතරයි සපුමලාගෙ ඉහේ මල් වත්තක් පිපිල.මොකද දන්න කියන ලිඛිත ඉතිහාසෙ මිනිහට චිත්ර වලට 80ට අඩුවෙන් ලකුණු තිබිල නෑ.ඒ කියන්නෙ මේ පාර තුන්වෙනිය වෙන එක ශුවර්.
තව දෙතුන් දෙනෙකුගෙ ලකුණු කියල මිස්,
” සපුමල්… ලකුණු 74යි”
කියල කටේ දිවේ ගෑවෙන්නෙ නැතුව කියල දැම්ම 🥺 අරූගෙ මූණ දැන් අර මොකක්ද එකට අහු උන අහවල් එක වගේ ඇද වෙලා. ඇයි අප්ප අම්ම මුත්ත කාලෙ වත් උණේ නැති දෙයක් නෙ.මූ දැන් ගේම ඉල්ලන්න ලෑස්තිය.
“මිස් එච්චර අඩු වෙන්න විදියක් නම් නෑ මිස්.හොඳට බලන්න වැරදිලා වෙන්න ඇති”.ඒක නිකන් ගේම් ඉල්ලනවට වඩා අඬන වොයිස් එකක්.
ඩයල් එකට මීට කලින් ඔහොම අඩු වෙලා නැති නිසා මිස් ආයෙත් පොඩ්ඩක් පේපර් එක බැලුව. ඒත් එක්කම මිස්ගෙ මූණෙ මල් හිනාවක් ගියා
“මේකනෙ ළමයො.ඔයාට ලියන පේපරේට ලකුණු අඩුවක් නෑ.ඒත් චිත්රෙට නම් දුන්නෙ විස්සෙන් දහයයි. කොච්චර හොඳට ඇන්දත් වැඩක් නෑ මාතෘකාව තේරුම් අරන් අදාලව ඇඳල නැත්නම් ” කියල පේපරේ දුන්න අතට.
දැන් අපිටත් අවුල් මූ එහෙම දෙයක් තේරුම් බැරි එකෙකුත් නෙමෙයිනෙ.අපිත් ඉතින් එබිල බැලුව උගෙ චිත්රෙට.
ඒ වාරෙ චිත්ර වලට මාතෘකා දීල තිබ්බෙ සිoදු ආශ්රයෙන්.අපි එකක් තෝරගෙන අඳින්න ඕනෙ.
“ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසූ රුව ලස්සන මව් ලoකා”
“රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ”
“අන්න බලන් බෙර හඬින් උදම් වී – දෑත දෙපා සෙලවෙන අන්දම්”
වගේ මාතෘකා අතර අපේ සපුමලා තෝරගෙන් තිබ්බෙ ගුණදාස කපුගේ මහත්තයගෙ ආදරණීය මව් ගුණ ගීතයක කොටසක්
” දවසක් පැල නැති හේනේ-අකාල මහ වැහි වැස්සා.. තුරුලේ හoගාගෙන මා-ඔබ තෙමුනා අම්මේ ❤
අපි ඉතින් බැලුව මූ බුල කෙලල තියෙන්නෙ කොතනද කියල.
දම් ඇටේ වගේ අඳුරු උන අහස.විදුලිත් කොටනව.වැහි පොදත් වැටෙනව.
“අකාල මහ වැහි වැස්සා” කියන කෑල්ලනෙ ඔය.හරි. මාතෘකාවට අදාලයි.
ඊට යටින් රෙද්දයි හැට්ටෙයි ඇඳපු බොහොම දුක් විඳපු පාට අම්ම කෙනෙක් පොඩි කොලු ගැටයෙක් තුරුලෙ හoගගෙන වැස්සෙන් බේරන්න හදනව.
“තුරුලේ හoගාගෙන මා ඔබ තෙමුනා අම්මේ”. මාතෘකානුකූලයි.සoස්කෘතිකයි.එකඟයි.
ඊට යටි පොලව.වියලි කලාපෙට අයිති වේලිලා කරකුට්ටන් වෙලා ඉරි තලපු මහ පොලව.කිසිම වගාවක් කරල තියා තණකොලයක් වත් බිම වැවිල නෑ. එතනම එහා පැත්තෙ කොල ඔක්කොම හැලිල ගිය ටිකක් ලොකු ගහක මැද හරියෙ දෙබලක ලස්සනට හදල පොල් අතු සෙවිලි කරපු පුoචි පැලක්.ඒකට නගින්න වැඩිය උස නැති දඬු ඉනිමගකුත් තියෙනව.
අපිටත් බකස් ගාල හිනා ගියා.
“මොකක්ද යකෝ මේ ඇඳල තියෙන්නෙ?”
“ඇයි? “
“කෝ බොල මේක හේනක් කියල පේන්න ගස් ටිකක් වත් , අඩු ගානෙ පොඩි පැළ ටිකක් වත් ඇදල නෑනෙ”
“ඉතින් ඕයි ඒකෙ තියෙන්නෙ පැළ නැති හේනෙ කියලනෙ.ඒ කියන්නෙ තාම පැළ හිටවල නැති එකක්නෙ.ඉතින් මගුලටද මම ගස් අඳින්නෙ.උන් පොලව සුද්ද කරල පැළ හිටවන්න යන්නෙ”
“හරි මේක කියපන්කො.එහෙනම් යකෝ මොන මගුලටද මේ අම්මයි බබයි තෙමෙන්නෙ.අර ගහ උඩ හොඳට තියෙන පැලට ගිහින් පායනකල් ඉන්න තිබ්බනෙ”
“ඈ…ආ…. මල හත්තිලව්වයි @#$&.
පැල නෑ කියල කිව්වෙ හිටවන පැළ නෙමෙයි ගහ උඩ තියෙන පැල ගැනද…… 😱😱😱
(චායාරූපය අන්තර්ජාලයෙන්)
උපුටා ගැනීම: Iroshan Mendis

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!