දවසක හවසක (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක දවසක හවසක මම දැකපු සිදුවීමක්.
තැන කලාභවන ලග තියෙන බැරිස්ටා කොෆී ශොප් එක.
එදා මම ඒකට කෝපි බොන්නම ගියා නෙමේ, ඇත්තටම ගියේ බේබි සිටිං වැඩකට. නෝනගෙ යාලුවෙක් රට ඉදං ඇවිල්ල පැයකට දෙකකට කතාකරල යන්න එතෙන්ට ආව. මම පොඩි එකාව වඩාගෙන, ඇවිද්දවගෙන පැයක් එක හමාරක් ඕක ඇතුලෙ කල්මරන එක කලේ, අර ගොල්ලොන්න්ට පොඩ්ඩක් කතාකරගන්න ඉඩදෙන්න. යාලුවෙක් අවුරුදු ගානකට පස්සෙ ලංකාවට දවස් ගානකට ආවම හම්බ නොවීත් බෑ. ඉතිං අපි එහෙම කලා.
ඔය ටිකට කොෆී ශොප් එකට එන යන අය සීයක් විතර දැක්කා. උවමනාවෙන් බැලුව නෙමෙයි, දැකපු දේවල්. තරුණයො, තරුණියො, ඉස්කෝල ලමයි, පිටරැටියො, පෙම්වතුන් ඔයවගේ සෑහෙන කාන්ඩයක් ඔතන ගැවසුනා. සාමාන්ය කොෆී ශොප් ක්රවුඩ් එක තමා. ඔහොම ඉන්නකොට තමයි මට මේ සිදුවීම නෝටිස් උනේ, ඒකත් අහම්බෙන්. හැබැයි අද තව වෙනකං කල්පනා කරනව ඒ ගැන. වෙලාව හවස පහට පහමාරට ඇති.
මුලින්ම ආවෙ ඇය. ඇය අවුරුදු 45කට අඩු ඇති. ලස්සනයි, උසයි. හරිම ෆෝමල් විදියට ඇදලා හිටියෙ දිග කලිසමක සහ බ්ලවුස් එකක්. ඇය ආවෙ, සුදු පාට කාර් එකක. (Axio Toyota) සාමන්යෙන් හොද ඉහල මට්ටමේ රැකියාවක් කරනව කියල හිතන්න පුලුවං. හරිම හොද පෞරුෂත්වයකින් හෙබි කියල කියන්න පුලුවං.
ඇය මුලින්ම ඇවිත් කාර් එකෙන් බහින් නැතුව වාඩිවෙලා හිටියා. ටික වෙලාවකින්, තව මෙරූන් පාට, කාර් එකක් ඇවිත් ඊට පොඩ්ඩක් එහායින් නැවැත්තුවා. ඒකෙන් තමා ඔහු එතෙන්ට ආවෙ. ඔහුත් ඇගේ වයසෙම වගේ, හොද කඩවසම් අයෙක්. හොද ෆෝමල් කලිසමකින් සහ කමිසයකින් සැරසිලා හිටියා. ටයි එකකුත් දාල හිටියෙ.
ඔහු වාහනෙන් බහිනවත් සමගම ඇයත් වාහනයෙන් බැස්සා.ඔහු මදක් දුර ඇය දෙසට ආව.ඇයත් මදක් දුර ඔහු දෙසට ආව. දෙන්නාගෙ ගමන මැද හරියෙදි එකතු උනා. කතා කරන් නැතුව ඉගියෙන් එලිමහනේ කෙලෙවරක මේසයක් වෙතට ගියා. ඔවුන් සිනාසුනෙත් වාඩිවෙන්ම එක වරයි. කිසිම විටක අතින්වත් ඇල්ලුවෙ නැහැ. ඇය ඔහුට අඩියක් පමන පිටුපසින් තමයි ගමන් කලේ.
මෙන්න මේ ටිකක් අමුතු හැසිරීම, ඔවුන් ගැන ආයෙත් බලන්න මාව යොමු කලා. අනිත් මිනිස්සුන්ගෙ දේවල් ගැන එබිකම් කරන එක එච්ව්හර හොද වැඩක් නෙමෙයි. ඒ උනාට මේ යුවල කවුද? ඔවුන් පෙම්වතුන්ද? මිතුරන්ද? යන්න මගේ හිතේ හොල්මන් කලා. ඔවුන් පෙම්වතුන් නෙමෙයි නං, ඇයි වාහන දෙකක ආවෙ?
ඔවුන් එතන ඉන්න ටිකට මම පොඩි එකා වඩාගෙන හත් අට පාරක් ඔවුන් ඉස්සරහින් යන්න එන්න ඇති. එක් වරක් ඔවුන් කෝපි ඕර්ඩර් කලා. එයත් වෙනස් ජාති දෙකක්. ඉන්පසු ඔවුන් කතාබහ කරගෙන ගියා. ඇය ඔහු දෙසට හැරී, කිහිප විටක් ආදරයෙන් බලාගෙන හිටියා. ඔහු එහෙම කලේ නැහැ. වැඩිපුර කතාකලේ ඔහු. හරි නං මේ වෙනකොට, මගේ අවධානය ඔවුන්ගෙන් ගිලිහෙන්නට ඕනෙ. නමුත් කරුමෙක මහත, ඒ පාර මම ඔහුගෙ මගුල් මුද්ද දුටුවා.
තාම මේ යුවලගෙ කතාබස යනවා. ඔවුන් එකිනෙකාට සමීපත් නෑ. දුරත් නෑ. ඊලග වතාවෙ මම එනකොට, ඇය ඔහුට කුඩා කලුපාට පෙට්ටියක් තෑගිකලා. එහි මුදුනේ, රිබන් සැරසුමක් ගහල තිබුනා. ඇය එය අතිං අරං අයින් කලා. ඔහු එය දිගහැරල බැලුවා.
ටික වෙලාවකින්, ඔවුන් නික්ම යන්න සැරාසුනා. නික්මෙන්න මොහොතකට කලින්, ඇගේ මුහුන හැඩුම්බරබවක් දිස්වුනා. නමුත් එය පැවතියේ පොඩි වෙලාවක්. ඔහු ඇයගේ අත මොහොතක් අල්ලාගෙන සිටියා. ඔවුන් දෙන්න නැගිටල මද දුරක් එකට ඇවිද ගියා. නැවිතිලා, ඇය ඔහුගේ කම්මුලට හාදුවක් දුන්නා. ඔහු ඇයගෙ නලලතට හාදුවක් දුන්නා.
ආව විදියටම, ඔහු ඔහුගේ කාරය වෙත නික්මුනා. ඔහු රියට නගිනතුරු ඇය ඇගේ කාරය අසල සිටගෙන සිටියා. දෙන්නම යන්නට කලිං හිනා උනා. ඔහු නික්මුනා. ඇය කාරය නැග, විනාඩි කිහිපයක් වාඩිවෙලා හිටියා. ඉන්පසු ඇයට කෙටි දුරකතන ඇමතුමක් ආව. ඇය සිනාසී, එය ඉක්මනින් නිමාකර, සිනාමුසුව එතනින් නික්මුනා.
උපුටා ගැනීම: Varuna Gunasekara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!