ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ තියෙන දූපතක් වශයෙන් රට වටේ තියන සාගරය නිසාවෙන් ඒ ආශ්‍රීත මිනිසුන්ගේ ප්‍රධානම කර්මාන්තයක් වෙලා තියෙන්නෙ ‘ධීවර කර්මාන්තයයි’.ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට පවා නොදෙවෙනි වෙන ධීවර කර්මාන්තය තුල පවතින ගැටලු වලට සාර්ථක විසඳුම් ලබාදෙමින් දියුණු මට්ටමකට රැගෙන යාම සදහා දැනුමින් පරිපූර්ණ උගතුන්ගේ අවශ්‍යතාවයක් පවතියි.
ධීවර සහ සාගර විද්‍යාව යනු ..
සාගර මත්ස්‍යන් පිළිබඳව විද්‍යාත්මක ලෙස හැදෑරීමයි.මත්ස්‍යයන් සහ ඔවුන්ගේ පරිසරය අතර සිදුවන අන්තර් ක්‍රියා අධ්‍යනය කරමින් ඔවුන් වඩාත් හොඳින් වැඩෙන පරිසරය පිළිබඳව සහ ඔවුන්ට තිබෙන තර්ජන පිළිබඳව විද්‍යාත්මක ලෙස හැදෑරීමයි.ඒ වගේම පරිසර තත්ත්වය අනුව සහ කාලගුණ දේශගුණ තත්ත්වය අනුව පැටවුන් බෝ වීමේ ශීඝ්‍රතාවය විද්‍යාත්මක ලෙස නිර්වචනය කරයි.

ඒ වගේම උපාධි පාඨමාලාවක් වශයෙන් ගත් කල ප්‍රධාන අංශ හතරක් ඔස්සේ අධ්‍යයනය කිරීම සිදු කෙරෙයි.
(1) භෞතීය සාගර විද්‍යාව – මෙහිදී මත්ස්‍යන් හට ඉතාමත් හොඳින් වැඩිය හැකි පරිසර පිළිබඳව අධ්‍යයනය කරයි. එහිදී මුහුදු ජලයේ උෂ්ණත්වය, ඝනත්වය ,වඩදිය බාදිය සහ සාගරය සහ වායුගෝලයේ අතර අන්තර් සම්බන්ධතාවය පිළිබඳව අධ්‍යනය කරයි.
(2) රසායනික සාගර විද්‍යාව – සාගර ජලයේ සංයුතිය සහ ඒවා වෙනස් වීමට අදාළ රසායනික හේතු පිළිබඳව අධ්‍යයනය කිරීම.
(3) ජීව විද්‍යාත්මක සාගර විද්‍යාව – සාගරයේ වාසය කරන ජීවීන් පිළිබඳව අධ්‍යයනය කරයි.එහිදී සාගර ජීවීන්ගේ ආහාර රටාව සහ ජිවන චක්‍රය පිළිබඳව අධ්‍යයනය කරයි.
(4) භූ විද්‍යාත්මක සාගර විද්‍යාව – සාගර ද්‍රෝණි වල ව්‍යුහය, ලක්ෂණ සහ පරිණාමය පිළිබඳව අධ්‍යයනය කරයි.
රුහුණ විශ්ව විද්‍යාලයේ ධීවර සහ සමුද්‍ර විද්‍යා සහ තාක්ෂණ පීඨය මූලික වශයෙන් උපාධි දෙකක් පිරිනමනු ලබයි.

B.Sc. Honours in Fisheries and Marine Sciences.
B.Sc. Honours in Marine and Freshwater Sciences.
ධීවර සහ සාගර විද්‍යා උපාධිය ..
Sc. Honours in Fisheries and Marine Sciences උපාධි පාඨමාලාවේ අධ්‍යයනය කාලය වසර හතරකි.මෙම උපාධි පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබිය හැක්කේ ජීව විද්‍යාව අංශයෙන් උසස් පෙළ සමත් සිසුන් සඳහායි.ඒ වගේම විශේෂයෙන්ම මෙම පාඨමාලාව හදාරන සිසුන් ධීවර ක්ෂේත්‍රය, ජලජීවී වගාව පිළිබඳව උනන්දු විය යුතු අතර ඒ ඔස්සේ ඔවුන් විශේෂඥ වීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙයි.
සිසුන් ඔවුන්ගේ පාඨමාලාව ආරම්භ කිරීමට සති 4 කට මත්තෙන් තමන් සිදුකරන විෂයන් තෝරා ගත යුතුය.විශේෂ සංයෝජන වල සිදුකර ගත යුතු වෙනස්කම් පාඨමාලාව ආරම්භයෙන් සති දෙකක කාලයක් අතරතුර දී සිදු කරගත හැක.මූලිකව විෂයයන් සඳහා පළමුව ලියාපදිංචි විය යුතු අතර ඉන්පසුව විකල්ප විෂයයන් සඳහා ලියාපදිංචි විය හැක.ඒ වගේම පාඨමාලා ඒකක සඳහා ලියාපදිංචිවීම අනිවාර්ය වේ.ලියාපදිංචිවූ සිසුන්ට පමණක් විභාග සඳහා සහභාගි විය හැක.යම් පාඨමාලා ඒකකයක් සඳහා නිශ්චිත සිසුන් සමාන ධාරිතාවයට වඩා වැඩි වූ විට යම්කිසි ක්‍රියාපටිපාටියක් ඔස්සේ සිසුන් තෝරා පත් කර ගැනීමක් සිදු කරයි.