එකඳු ඇණයක් වත් නොගැසූ අපේ රටේ ලීයෙන් කරවන ලද අති විශිෂ්ටතම දෙමටමල් විහාරයේ බුදු කුටියයි මේ…



මහින්දාගමනයෙන් පසු අනුරාධපුරයේ ඇතිවූ බෞද්ධ ප්රබෝධය රුහුණටද බලපෑවේය. රුහුණේ විසූ කාවන්තිස්ස රජු තිස්ස මහා විහාරය, සිතුල් පව්ව, කුටාලිය, ගම්ඨ වාලිය ආදී විහාරස්ථානයන් කරවා සැමදාම සංඝයාට සිව්පසයෙන් උපස්ථාන කල බව මහා වංශයේ සඳහන්වේ. පුජාවලියේ කාවන්තිස්ස රජතුමා දෙමටමල් නමින් විහාරයක් කරවූ බව කියයි. මේ
ගම්ඨ වාලිය හා දෙමටමල නමින් හැඳින්වෙන විහාරය වර්තමාන දෙමටමල් විහාරය බව විද්වත්හු පවසති. ඒ අනුව මේ විහාරය ක්රිස්තු පූර්ව දෙවන සියවසේ පමණ කාවන්තිස්ස රජතුමා විසින් කරන ලද බව පෙනේ.
මොනරාගල දිස්ත්රික්කයේ බුත්තල, බුත්තල – සෙල්ල කතරගම මාර්ගයේ මඳ දුරක් ගියවිට හමුවන බුත්තල – ඔක්කම්පිටිය මාර්ගයේ කිලෝමීටර් හයක් පමණ ගියවිට අලංකාර වෙල් යායක් මැද පිහිටි දෙමටමල් විහාරය දැකගත හැකිය











උපුටා ගැනීම: Prasanna Deepthi Kumara