දේශපාලනය හා හැමදේම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
(සත්ය කථාවකි)
ඉස්සර මට හිටියා කැම්පස් එකේ ඉගෙනගත්ත යාලුවෙක්. ඒකාලේ මම නිකන්ම අපතයෙක්. ඒ දවස්වලත් තදටම දේශපාලනය කලා මම.. හොඳටම මතකයි එක දවසක් කමෙන්ට් එකක් හින්දා අර හාදයා මට හොඳටම බැන්නා. අසුචි කනවා කිවුවා අම්මලා සහෝදරියන් ගැන පවා කියලා නොසැහෙන්න බැන්නා. මම ඇහුවෙ එකම දෙයයි. උඹ ඔය පුද්ගලික දේවල් ඇදලා අරගෙන බනින්නේ මගේ දේශපාලනය නිසා නේද..? ඔවු ඇයි උඹලා කැම්පස් ආවා නම් ඇත්ත තේරෙවි. තොපි වහල්ලු. මචං මම ආයෙත් අහන්නේ මගේ දේශපාලනය නිසා ද බනින්නේ. ඔවු යකෝ ඔවු… හරි මචං… හමුවුනු වහාම ගැටලුව විසඳන පොරොන්දුවෙන් චැට් එක ඉවර කලා.
එදා ඉඳන් ඌට මාවත් මගේ දේශපාලනයත් එපාම වුනා. අන්ෆ්රෙන්ඩ් වෙලා බ්ලොක් කරලා මාව. කවදාහෝ කොතන හෝ උත්සවයකටවත් මිනිහා ආවේ නැ මම හමුවෙයි කියලා.. ඌ මගේ දේශපාලනය ගැන හැමෝටම කියලා මම වහලෙක් ලු. පරයෙක් ලු etc. අහන අහපු හැමෝටම කිවුවේ මචං මේක මගේ දේශපාලනය කියලා. අහම්බෙන් එකම එක දවසක් අපි දෙන්නාගෙම හිතවතෙක් මගෙන් ඇහුවා ඇයි මචං අරූ උඹට බනින්නේ. දන්නැ මචං. මිනිහා ජෙප්පා නේ ඒක හින්දා මගේ දේශපාලනය ට ගහනවා කියලා. නැ නැ ඌ ට වෙන තරහක් තියෙනවා මචං.. ඒක නම් ඉතිං මම දන්නැ මචං. උදවුවක් ඉල්ලුවොත් කරනවා. උගේ ලඟ නැතුවට මගේ ලඟ තාම යාලුකම තියෙනවා කියලා ඌට ඇහුවොත් කියහං කියලා මම ආවා.
අද අමුතුම දවසක්… පළමු කෝල් එක ජන්මාන්තර තරහක් තිවුනු යාලුවා ගෙන්… ගුඩ් මෝනිං ශෂියා…
ගු මෝ කවුද මචං මේ…. මම අහවලා… අප්පටසිරි කොහොමද මචං. මොකෝ වෙන්නේ කොහෙද වැඩද අද
පරිස්සමට හිටහං මේ දවස්වල. යාලුවා නිශ්ශබ්දයි. හෙලෝ මචං,…
මට සමාවෙයන් ශෂියා..
මොනෟත්තකට ද බං කියලා අහනකොටම ඌ කට්කලා. වොට් 33000 කරන්ට් එක වැදුනා වගේ වුනා කිසිදෙයක් තේරුම්ගන්න බැරි වුනා. තුන් හතර වතාවක් නෙවෙයි දහදොලොස්වතාවක් ආයේ ගත්තම තමයි මේකා ආන්සර් කලේ කටහඬත් බර වෙලා..
මොකක්ද මචං වුනේ මොනවාහරි අවුලක්ද ප්ලීස් කියපන් බං.
ඊයේ තාත්තාගේ දානේ. අඩේ දැන් අවුරුදු කීයක්ද බං.
අවුරුදු හතරයි මචං. අන්තිම කාලේ තාත්තා හිටියේ අක්කලැහැ. තාත්තගේ පුරුද්දක් තිවුනා ස්තුතියක් වගේ දෙයක් අපිට කටින් කියන්නැ දැනෙන්න දෙනවා. එහෙම නැත්නම් ලියුමක් දෙනවා. ඊයේ අක්කා දානෙට ආවම තාත්තාගේ ලියුම් බැග් එකක් ගෙනත් තිවුනා. එක ලියුමක් ලියලා තිවුනෙ මට.
තාත්තාගේ බයිපාස් එකෙන් පස්සෙ ලියලා තිවුන ලියුමක්. ඒ ලියුමෙ තිවුනා මම බුදුවෙනවා කියලා සල්ලි එකතුකරපු විදියට ඒ මහන්සියට අවුරුදු විස්සෙ එකෙක් කවදාවත් කරාවි කියලා හිතුනෙ නැති වැඩක්ලු. තාත්තට මැරෙන්න බය නෑලු මට දැන් ඕන දෙයක් කරන්න පුලුවන්ලු.
ඒකනේ මචං උඹ පුතෙක් විදියට අති සාර්ථකයි නේ මචං. ඉතිං ඒක පිනක්. දැං ඉතිං කියහං මගෙන් සමාව ඉල්ලුවෙ ඇයි කියලා. ඒ හැමදෙයක්ම මං ලවා කෙරෙවුවෙ උඹ ශෂියා උඹ. මට තාම මතකයි පන්ති කට් කරගෙන මාත් එක්ක ටිකට් විකුනුවා. අම්මලාගේ තාත්තලාගේ ඔෆිස් වලට ටිකට් යැවුවා උඹ හැම ටිකට් පොතක්ම ගත්තේ විකුනලා දෙන්නම් කියලා නෙවෙයි සල්ලි දීලායි උඹ ටිකට් අරගෙන ගියේ.
ඉතිං යකෝ ඒක ඒවෙලාවේ කරන්න තියෙන එකක්. ඒක කලා එච්චරයි තව මොනවටද බං ඒවා.
මම තාත්තට හොයලා දුන්න ලක්ෂ දෙකහමාරෙන් ලක්ෂ දෙකක්ම උඹ හොයලා දීපුවා ශෂි.. එහෙවු උඹටයි මම මගුලෙ රැඩිකල් වෙලා අම්මට අප්පට ත් බැන්නේ.
ඉතිං ඒකනේ බං මම ඇහුවෙ මගේ දේශපාලනයටද උඹ බනින්නේ කියලා. උඹ ඔවු කිවුවා එච්චරයි. දේශපාලනය කියන්නේ සමහරුන්ට ජීවිතේම වුනාට මට එහෙම නැ මචං. මට සමාවෙයන් තාත්තගෙ මලගමට ආවේ නැති වුනාට එකෙක්වත් කිවුවෙ වත් නැ බං..
නැ බං මමයි කියන්න එපා කිවුවේ.. මට සමාවෙයන්..
2020 දී වුනු සිදුවීමක්
උපුටා ගැනීම: Shashika Wijenayake

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!