වර්තමානයේ ලෝකයේ සියලු දෙනාට මුහුණදීමට සිදුවී ඇති මේ ව්‍යසනකාරී තත්ත්වය නිසා බොහෝ බොහෝ දෙනා තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමුකරනු ලබනවා.මේ නිසා වෙනදාට වඩා තමන් දෛනිකව ආහාරයට ගන්නා ආහාර වර්ග වල විවිධ වෙනස් කම් විවිධ වෙනස් කම් සිදු කිරීමට බොහෝ දෙනා පුරුදු වී සිටිනවා.
මේ නිසා දේශීය ආහාරවලට වැඩි නැඹුරුතාවක් මේ දිනවල ඇතිවන අතර ශරීරය ප්‍රතිශක්තිකරණය වැඩි කරගැනීම සඳහා ඉහළ ගුණාත්මක බවින් පෝෂණය වුනු අපේ රටේ හදන දේශීය ආහාර වර්ග ගන්නට බොහෝ දෙනා පුරුදු වී සිටිනවා. ඖෂධීය පාන වර්ග ධාන්‍ය වර්ග ද ආදී ශරීරයට ශක්තියක් වෙන ශක්තිය දෙන ආහාර වගේම ශරීරයට ඖෂධිය ගුණ දෙන ආහාර පාන ද ලබා ගැනීම සිදු කරනු ලබනවා. එනිසාම දේශීය ආහාර වර්ග යොදා ගනිමින් විවිධ නව නිෂ්පාදනයන් සිදු කිරීම ද අද වන විට අප රට තුළ දැකීමට හැකි වනවා.

මේ කියන්නට යන්නේ අපේ රටේ දේශීය සහල් සහ ධාන්‍ය වර්ග මෙන්ම ඖෂධ පාන වර්ග සැකසීම තියුණු අපේ රටේ පුද්ගලයෙක්ගේ ගැනයි. මොහු මොරටුව ප්‍රදේශයේ පදිංචිචරිත් වීරසිංහ මහතා වේ. මෙතුමා විසින් දේශීය අමුද්‍රව්‍ය වන සුවඳැල්, මා වී, පච්චපෙරුමාල්, කුරුලුතුඩ පැරණි සහල් වර්ග 18 ක්ද, සුදු කව්පි දුඹුරු කවුපි රතු කවුපි තල කුරක්කන් මූනට මෙනේරි උඳු වැනි ධාන්‍ය වර්ග පොල්පළා, වෙනිවැල්ගැට, බෙලි මල්, රණවරා ආදියෙන් පාන වර්ග ද. මඩු පිටි, ඉරිඟු පිටි, කිතුල් පිටි, කුරක්කන් පිටි ආදි පිටි වර්ග ද ඔහුගේ මේ නිෂ්පාදනය වලට ඇතුලත් වේ.

ඔහුගේ මේ නිෂ්පාදන අතරින් මුරුංගා පවුඩර් සඳහාද කරපිංචා සහ කුරුඳු පවුඩර් නිෂ්පාදනය සඳහා ද හොඳ ඉල්ලුමක් ඇති බව මගේ අදහසයි . රටට මුහුණ දීමට සිදුවූ කො රෝනා වසංගතය හේතුවෙන් මුල් අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම රට වසා තබන කාලය ද ඔහුට මෙම නිෂ්පාදන සිදු කිරීම පිළිබඳ අදහසක් ඇති වන අතර ඔහු මේ සුළු ව්‍යාපාරයක් ලෙස පටන් අරගෙන කටයුතු කර ගෙන යනු ලැබීය.

බොහෝවිට හොඳම දේ දේශය රටට යවා ඉතුරු වුණ දේ පමණක් අපේ රට තුළ පාරිභෝගිකයින් සඳහා ලබාදීම සිදු කරන නිසා හොඳම දේ අපේ රටේ අයට ලබා දීම කටයුතු කිරීම මොහුගේ අරමුණය. ඔහු විසින් මේ සියලු නිෂ්පාදන සිදු කරනු ලබන්නේ දේශීය වෙළෙඳපොළ සඳහා වේ. වර්තමාන සමාජයේ අපේ රටේ මිනිසුන්ට අමතක වෙලා යන දේශීය ආහාරවල වටිනාකම් මතක් කර දෙමින් හොඳම දේ අපේ රටේ පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු කරන මෙවැනි ව්‍යවසායකයන් අගය කළ යුතු අතරම ඔවුන්ට අවශ්‍ය සහාය බලධාරීන් විසින් ලබාදිය යුතුයි.


උපුටා ගැනීම: Made In Sri Lanka