මේ දවස්වල දේවාලවල හාස්කම් කරණ අය හරියට. කාලි අම්ම තමයි ඒකෙන් වැඩිපුර නැගල ගියේ. කොහොමත් ගෑනු ප්රසිද්ධියට කැමතියි නේ. ඉතින් කාලි අම්ම කියල වෙනසක් යැ.
අනිත් කාරණේ තමයි ගෑනුපරාණවලට පුලුවන් ඔය ඕනම හයිකාරයෙක්ව නිකම්ම මැටිගොඩක් ගානට මෙල්ල කරල තමන්ගෙ කීමට එකඟකරවගන්න. ඒකට ඕනකරණ දේවල් ඒ අයට උපතින්ම ලැබිල තියෙන්නෙ.
මේක කියන කොට මට මතක්වෙනවා අපේ පුතා පොඩි කාලෙ වුනු සිද්දියක් එතකොට එයා එක වසරෙ. දවසක් අල්ලපු ගෙදර ඉන්න එයාගෙ පංතියෙ යාලුවත් එක්ක අපේ ගෙදර ටීවී එකේ ෆිල්ම් එකක් බලනව. මන් ඒ අයට පිටිපස්සෙන් ඉඳන් හිටියෙ . එක තැනක තිබ්බ ගෑනුකෙනෙක් ආරක්ෂක නිලධාරයෙක්ට පේන්න පහත්වෙනකොට ඇගේ හැට්ටය අස්සෙන් පේන පියයුරු දිහා ඒ ආරක්ෂක නිලධාරීයා බලන අවස්ථාව ප්රයෝජනයට ගත්ත ඇගේ සහායකය ආරක්ෂකයා මග හැරල පැනගන්නව. අල්ලපු ගෙදර දරුවා අපේ පුතාට කියනව ‘ දැක්කද කුක්කු පෙන්නල රවට්ටගත්ත හැටි’ ! මම ඇහුනෙ නෑ වගෙ හිටිය .!
මේකත් දේවාරූඪයට වඩා කාන්තාරූඪය බලවත් බව ඔප්පුකරන්න පුලුවන් බව පෙන්නන , අපි කොල්ලො කාලෙ වෙච්ච දෙයක් . හැබැයි මේකට නන් අපේ යාලුවෙක්වත් ගෑවිලාවත් නෑ. ඔන්න මුලින්ම කිව්ව!.
අපේ ගමට කිට්ටුව ගමකත් හිටිය දේවාරූඪයක් අරන් සාස්තර කියන පිරිමි කෙනෙක්. මෙයා දෙවියො ආරූඪ උනාම අනිත් මිනිස්සු වගේ විකාර කරන්නෙ නෑ. ධ්යානයට සමවැදිල වගේ වාඩිවෙලා තමයි ඉන්නෙ. අනිත් තැන්වල ඉන්නෙ පෙරේතයො මෙයා ලඟට තමයි දෙවියො එන්නෙ ඒකයි මෙයා අර වගේ ඉන්නෙ කියන එක තමා ප්රචාරය කරල තිබ්බෙ.
නොයෙක් පලාත්වලින් මෙයාගෙ සාස්තර අහන්න මිනිස්සු එනව. එහෙම එන හැමෝම උදෙන්ම ඇවිත් දේවාලෙ එලියෙ පැදුරු දාල තියෙන තැනක වාඩිවෙලා ඉන්න ඕන මෙයා එනකන්.
මෙයා දේවාලෙ ඇතුලට ඇවිත් මොනවද කියවලා ඉවරවෙලා අර ධ්යානයට සමවදිනව. එතකොට මෙයාගෙ ආවතේව කාරය ඉස්සරහට ඇවිත් කියනව ‘මේ දෙවියන්ගෙ ආරූඪය ගැන සැක සංකා තියෙන අයට ඒව දුරුකරගන්න දැන් දෙවියො ප්රාතිහාර්යයක් පානවා කවුරුත් බලාගන්න.’
මෙහෙම කියල අරන් එනව මෝල්ගහක් තරම් මහත තරමක පොලු කෑල්ලක් . අරන් ඇවිත් ඒකෙ බර බලන්න එතන ඉන්න කීපදෙනෙක්ට අල්ලන්න දෙනව. සෑහෙන බර එකක්!
දැන් තමයි ප්රාතිහාර්ය පාන වෙලාව. අර ආවතේව කාරය දෑත බදල අර පොල්ලෙන් පාරක් මේ ආරූඪ කාරයට ගහනව. කට්ටියගෙ කටවල් ඇරෙනව ඇස් උඩයනව! ආශ්චර්යජනකයි!! පොල්ල ධ්යාන බලේට දෙකට කැඩෙනව. ආරූඪ කාරයට ගානක්වත් නෑ දේව අනුහස්!!
මේව දකින ඔයි දෙයියන් බුදුන් අදහන්නෙ නැති ඇට්ටරයොත් ඉන්නවනේ. කට්ටිය වැඩේට බැස්ස!( අනේ අපි නන් නෙවෙයි ආයෙම කිව්වා!)
ඔන්න එදත් සුපුරුදු විදියට ම දැන් දෙවියො ආරූඪ වෙන වෙලාව . ඔක්කොම රෙඩි! ආවතේව කාරයා පොලුපාරක් දුන්න විතරයි දෙයියො ‘ ආඅම්මෝඕ’ කියාගෙන වාඩිවෙලා හිටිය තැනම පතබෑවුනා!. අර පොලුකෑල්ලට මුකුත් වෙලා නෑ!.
ආරූඪ කාරයාව එහෙමම ඉස්පිරිතාලෙ ගෙනිච්ච.සෑහෙන දවසක් එහේ ඉඳල ගෙදර ඇවිල්ලත් කාලයක් ගිහින් තමයි හොඳට සනීප උනේ. ඒ වෙනකොට අර ආපු මිනිස්සු වෙන ආරූඪ කාරයො හොයාගෙන !
වෙලා තිබ්බෙ මේකයි. අර ආවතේවකාරය ගේන පොල්ල ගැන සැකයක් කොල්ලන්ට තිබ්බා. ඒ උනාට බලන්න ක්රමයක් නෑනෙ. ඔන්න එතකොට තමා ගෑනු නුවණ ඉදිරිපත් වුනේ. එකෙක්ගෙ අක්ක කෙනෙක් දුන්න නියම අයිඩියා එකක්. කොල්ලො ටික උදෙන්ම මේ අක්කත් එක්ක ගිහින් වැඩේට බැස්ස.
ආවතේවකාරයට අක්ක පොඩි මුකුළුවක් දැම්මම උගේ සිහිය විතැන් වෙලා මුසපත් වුනා. දෙන්න කතාවට වැටිල ඉන්න අතරෙ කොල්ලො දේවාලෙ ඇතුලට ගිහින් දේවාල පොල්ල අරන් කලින් ලෑස්ති කරගෙන අරන් ගිය ඒ වගේම පොල්ලක් එතනින් තියල!.
ඒකෙන් ගහල දෙයියගෙ සිහිය නැති වුනාම තමා ආවතේවකාරයට සිහිය ආවෙ. මිනිහ එච්චර කාලයක් පාවිච්චි කරල තියෙන්නෙ කෙසෙල් බඩයක් ! හොඳට බරයි! පාටගාල තියල ! ගැහුවම කෙසෙල්බඩේ දෙකට කඩල යනව.හැමදාම අලුතින් කෙසෙල්බඩයක් ගේනව!
ඒ උනාට එදා මිනිහට ආරූඪ වුනු කාන්තා පරාණය හින්ද දෙයියන්ට යන එන මන් නැතුව ගියා!
කාන්තාරූඩය දේවාරූඩයට වඩා බලවත්. ගෙවල්වල ඉන්න කාන්තාවන් ආරූඪ වෙන විදිය දන්න අයට නන් මේක අලුත් දෙයක් නෙවෙයි!!
උපුටා ගැනීම: Channa Witha