දෙවියන්ගේ නගරය ගිනි ගනී (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ජෙරුසෙලමේ නැවතත් ඊශ්රායල් සහ පලස්තීන ජාතිකයන් අතර ගැටුම් උත්සන්න වී ඇත. නිතර නිතර ලෝක ප්රවෘත්ති වල ප්රධාන සිරස්තලයක් බවට පත්වන මෙම ගැටුමේ මුල කුමක්ද ?
ජෙරුසෙලම මුස්ලිම් ක්රිස්තියානි හා යුදෙව් යන ආගම් තුනටම පූජනීය වූ නගරයක් .මෙම ආගම් තුනම ආබ්රහම් තමන්ගේ ආදී කර්තෘ වරයෙක් ලෙස සලකනවා .(එවන් ආගම් පොදුවේ හඳුන්වනනේ ආබ්රහමික ආගම් කියා).ආගමික පුරාවෘත්තවලට අනුව ආබ්රහම් තමන්ගේ කුලුඳුල් දරුවා දෙවියන් උදෙසා බිලිදීමට පැමිණියේ ජෙරුසෙලම නගරය අද පිහිටා තිබෙන භූමිය වෙත.
පැරණි ජෙරුසලම නගරය කොටු පවුරකින් වටවුණු කුඩා නගරයක් . ඊට පිටතින් ඇති නූතන ජෙරුසලම නගරයේ බටහිර කොටසේ ප්රධාන වශයෙන් යුදෙව් ජාතිකයන් හා නැගෙනහිර කොටසේ ප්රධාන වශයෙන් අරාබි ජාතිකයින් ජීවත් වෙනවා.අරාබි ජාතිකයන් බහුතරය ඉස්ලාම් භක්තිකයන් . අරාබි බස කතා කරන ක්රිස්තියානි භක්තිකයන් සුළු ප්රමාණයකුත් ඒ අතර ජීවත් වෙනවා .වර්තමාන ගැටුම් උත්සන්න වීමට ප්රධාන හේතුව වන්නේ නැගෙනහිර ජෙරුසෙලමේ ඇති අරාබි ජාතිකයන් සතු ජනාවාස යුදෙව් ජාතිකයන් විසින් අත්පත් කර ගැනීමට කර ගැනීමට තැත් කිරීම .
ජෙරුසලම පැරණි නගරය යුදෙව්, මුස්ලිම්, ක්රිස්තියානි හා ආර්මේනියානු ජනවර්ග අනුව කොටස් හතරකට බෙදා තිබුනත් එහි වැඩිපුර ජීවත් වන්නේ මුස්ලිම් ජාතිකයන් . මුස්ලිම්භක්තිකයන්ගේ විශ්වාසය නබිනායකතුමා මරණයෙන් පසුව දෙව්ලොව කරා ගියේ ජෙරුසෙලම නගරයේ සිට බවයි. එම ස්ථානය සිහිකරමින් ඉදිකල Al Aqsa පල්ලියත් මෙම ගැටුම් වල එක සටන් බිමක්. මක්කම සහ මදිනා නගරයේ හැරුණු කොට හැරුණුකොට මුස්ලිම්වරුන්ගේ පූජනීයම නගරය වන්නේත් ජෙරුසෙලම යි. සොලමන් රජතුමා විසින් ගොඩනඟන ලද යුදෙව්වන්ගේ දේව මාලිගය පිහිටා තිබෙන්නෙත් මෙම භූමිය තුළමයි . නමුත් අද එයින් ඉතිරිව ඇත්තේ පසු කලෙක එම ස්ථානයේම හෙරෝද් රජතුමා විසින් ඉදිකරන ලද දෙවැනි දේව මාළිගයේ එක බිත්තියක් පමණයි. එය තමයි යුදෙව්වන්ගේ පූජනීයම ස්ථානය (Wailing wall). ඊට මඳක් නුදුරින් යේසුස් ජේසුස් වහන්සේව කුරුසයේ ඇනගසා ඇණ ගසා මරණයට පත් කල ගොල්ගොතා කන්දත් ඉන්පසු ඔහුගේ දේහය තැන්පත් කළ සොහොන් බිමත් ආවරණය කරමින් මහා කොන්ස්ටන්ටයින් අධිරාජයා විසින් කර වූ ක්රිස්තියානි දේවස්ථාන යත් (Church of Holy Sepulchre )පිහිටා තිබෙනවා . නමුත් එම දේවස්ථාන භූමියටත් ක්රිස්තියානි නිකායන් හයක් වෙන වෙනම අයිතිවාසිකම් කියනවා. ඇතැම් විට පූජකවරුන් අතර ගැටුම් පවා ඇති වෙනවා .
Al Aqsa දේවස්ථානය හා සුප්රසිද්ධ Temple of Dome දේවස්ථානය පිහිටා තිබෙන්නේ එකිනෙකට මීටර් 100 ක් තරම් පරතරයක් ඇතිව එකම දේවස්ථාන සංකීර්ණයක් ලෙස(Al Aqsa complex ). රන්වන් පියස්සක් සහිත Temple of Dome දේවස්ථානය හරිම ලස්සන ඉදිකිරීමක්.( අවාසනාවකට කොතරම් උත්සාහ කළත් දේවස්ථානයට ඇතුළු වීමට මට හැකියාවක් ලැබුණේ නැහැ . මුස්ලිම් නොවන කෙනෙකුට එයට ඇතුළු වීමටනම් ජෝර්දානයේ ජීවත්වන නමක් ගමක් නැති අයෙකුගේ කැමැත්ත ලබාගත යුතුය .) ආබ්රහම් තමන්ගෙ පුත්රයා දෙවියන් උදෙසා බිලිදීමට උත්සාහ කල අල්තාරය මෙ⁣ම ස්ථානයේ පිහිටා ඇති බවට බැතිමතුන් විශ්වාස කරනවා. වැදගත්ම කරුණ තමයි මෙ⁣ම දේවස්ථාන සංකීර්ණය පිහිටා තිබෙන තරමක් උස්වූ බිම (Temple Mount)යුදෙව් දේවමාලිගාව පිහිටි ස්ථානයම වීම. ඇතැම් යුදෙව්වන්ගේ උත්සාහය එතැනම තුන්වෙනි දේව මාලිගාව ඉදිකිරීම. මේ ස්ථානය තමයි ලොු්කයේ දේශපාලන වශයෙන් සංවේදීම ස්ථානය .බිලියන දෙකකට ආසන්න ලෝක මුස්ලිම් ප්රජාව හෝ සහ්රස දෙකකට ආසන්න කාලයක් ජෙරුසලම සිහිනයෙන් පමණක් දැක අමාරැවෙන් එය සැබෑ කරගත් යුදෙව්වන් හෝ අඟලක්වත් පසුපසට යාවියයි සිතන්නට බැහැ. මේ හේතුව නිසා කවදාවත් ඔය භූමියට සාමය අැතිවෙයි කියල හිතන්න අමාරුයි .
(ජෙරුසෙලමේ ආගමික තදබදය ඉවසිය නොහැකිව දෙවියන්වහන්සේ පැරිසියේ පදිංචියට ගොස් ඇතැයි යන්න ජෙරුසලම සම්බන්ධ ජනප්රිය විහිළුවක් )
ජායාරූප
1.Al Aqsa දේවස්ථානය
Not an inch': Palestinians at Al-Aqsa vow to fight Trump's plan | Al-Aqsa  Mosque News | Al Jazeera
2. Temple of Dome
Visiting the Temple Mount and Dome of the Rock - Tourist Israel
3.Al Aqsa භූමියට Temple of Dome පෙනෙන ආකාරය
May be an image of outdoors and monument
4.Wailing Wall යුදෙව්වන්ගේ පූජනීයම ස්ථානය
History of the Wailing or Western Wall
May be an image of outdoors and monument
මෙම ඡායාරූපය ලබාගත්තේ Temple Mount වෙත් නඟින අවස්ථාවේය. යුදෙව්වන්ට Temple Mount වෙත පිවිසීමට අවසර නැත. ඒ අනවශ්ය ගැටුම් වැලැක්වීමේ පියවරක් ලෙසය.
5. කොටුපවරට එපිටින් පෙනෙන Temple of Dome සහ කොටුපවරට පහලින් පෙනෙන යුදෙව් සුසාන භූමිය . මෙය වසර 3000 කට පමණ පෙර සිට පවතින සුසාන භූමියකි.
May be an image of monument and outdoors
6. Church of Holy Sepulchre
May be an image of monument and outdoors
උපුටා ගැනීම:  Asantha Jayawardana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!