අපේ බැචෙක් හිටියා, ගම දෙයියන්දර. ඔය ඉතින් එක එක කුණ්ඩවාලි වලට කැම්පස් එක මාස ගණන් වැහුවම අපි කරන්නෙ යාළුවන්ට සැපදුක් අහල ලියුම් යවන එක. එකදාස් නමසිය බර ගණන් වල අද වගේ වට්ස්ඇප්, වයිබර්, ලැප්ටොප් තිබුණෙ නෑ, නෙව බොලාට වගෙ.
හැබැයි ඉතින් කාගෙ ඇඩ්රස් එක ලියන්න අමාරු වුණත්, අමතක වුණත්, අපේ දෙයියන්දර හාදයගෙ ඇඩ්රස් එක නං වැරදුණෙත් නෑ, ලියුම් කවදාවත් නොලැබුණෙත් නෑ
මොකද, හරි සරලයි.
කැම්පස් එකට යවනවනං,
දෙයියන්දර ශිෂ්යයා, විශ්ව විද්යාලයය.
ගෙදරට යවනවනං,
විශ්ව විද්යාල ශිෂ්යයා, දෙයියන්දර.
(දෙයියන්දර උදවිය දැන් එන්න එපා අමතගෙන. මේ එක දාස් නවසිය බර ගණන් වල කතාවක්. දැන් කාලෙ ඔහෙලයි අහ විශ්ව විද්යාල ශිෂ්යයො සූ ගාලා)
උපුටා ගැනීම: Priyantha Weerasinghe