දිනපතා ඕට්ස් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයට සිදුවන දේ (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ගොඩක් අය කියන්නෙ උදේ ආහාරය දවසේ වැදගත්ම ආහාරය කියලයි. ඉතින් ඔයා මොනවද උදේට කන්නෙ? පාන්පිටි වලින් හදපු කෑමක්? ඇත්තටම උදේට කන්න හොඳම කෑමක් තමයි ඕට්ස් කියන්නෙ. පෝෂණවේදීන් හා වෛද්‍යවරු උදේ ආහාරයට ගැලපෙනම කෑමක් විදිහට ඕට්ස් හඳුන්වලා දෙනවා. ඔව්! ඕට්ස්වලින් අපි හිතනවට වඩා අපේ ශරීරයට ප්‍රයෝජන ගොඩාක් ලැබෙනවා. හොඳම උදාහරණයක් තමයි, එමගින් හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරනවා.

හැමදාම උදේට ඕට්ස් කන්න ඕනෙ ඇයි කියලා ඔයාට මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වම හොඳින් පැහැදිලි වෙයි. ඕට්ස්වලින් ලැබෙන පුදුමාකාර ප්‍රයෝජන මොනවද කියලා දැන් අපි බලමු.

ආහාරයට ගන්න ඕට්ස් උසස් තත්ත්වයේ, පරිසර හිතකාමී හා පිරිසිදු ඒවා වෙන්න ඕන. ඕට්ස්වල රසය වෙනස් කරන්න ඕන නම්, ඒකට නැවුම් පලතුරු, නට්ස් වර්ග, කුරුඳු, ක්‍රීම් හෝ අඩු මේද යෝගට් එකතු කරලා රසවත් කරගන්න පුලුවන්.

01. හම ලස්සන වෙනවා.

දද හෝ කුෂ්ට වගේ සමේ ඇතිවෙන රෝගවලට ප්‍රතිකාර කිරීමට ඕට්ස්වලට පුලුවන්. ඕට්ස් මගින් ඔයාට නිරෝගී සමක් ලබා දෙනවා. ඒ වගේම ඕට්ස්වල සංයුතියේ විවිධා විටමින් වර්ග හා මූලද්‍රව්‍ය තියනවා. සින්ක් මගින් සම පිරිසිදු කරන අතර විෂ හා අනෙකුත් හානිකර සංයෝග ඉවත් කරනවා. සමේ සිදුරුවල විශාලත්වය අඩු කරලා සම නැවුම් කරනවා. යකඩ මගින් සමේ සෛලවලට තෙතමනය ලබා දීලා සම පෝෂණය කරනවා. ඉදිමීම හා දැවිල්ල ඉවත් කරලා තුවාල, තැලීම්, පිලිස්සුම් වගේ තුවාල වලින් පසු සම ඉක්මනින් සුව කරන්න මැංගනීස් උදව් වෙනවා. මැග්නීසියම් නිසා රුධිර සංසරණය පාලනය වෙලා සමේ සෛල අලුත් කරනවා.

02. මාංශ පේශිවලට වැඩිපුර ප්‍රෝටීන් ලැබෙනවා.

ඕට්ස් මේස හැඳි 8 කින් ඔයාගෙ ශරීරයට දිනකට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණයෙන් 15% ක් ලබා දෙනවා. ඒ වගේම එහි අඩංගු විටමින් ඊ, ප්‍රතිඔක්සිකාරක සහ ග්ලූටමින් මගින් මාංශ පේශි තන්තු වේගයෙන් අලුත් කරනවා.

03. ප්‍රතිඔක්සිකාරක ඉහළයි.

ඕට්ස් ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ආහාරයක්. ඇවනැන්ට්‍රමයිඩ් මගින් සමේ කැසීම, දැවිල්ල වගේම රුධිර පීඩනය පාලනයටත් උදව් වෙනවා. රුධිරයේ සීනි මට්ටම අඩු කරන බීටා-ග්ලූකන් ඕට්ස්වල තියනවා. උදේ ආහාරයට ඕට්ස් සමග දොඩම් යුෂ වීදුරුවක් ගත්තොත් ඕට්ස්වලින් ලැබෙන ප්‍රයෝජන දෙගුණ කරගන්න පුලුවන්.

04. ශරීරය ශක්තිමත් වෙනවා.

ඕට්ස් කියන්නෙ කාබෝහයිඩ්‍රේට් වලින් පොහොසත් ආහාරයක්. එමගින් ශරීරයට වැඩි ශක්තියක් ලබා දෙනවා. ටිකක් වියළි ඕට්ස් ආහාරයට ගන්න. එතකොට වෙනත් ආහාර අවශ්‍යතාවයක් ඇතිවීමෙන් වැළකීමටත් වැඩි කාලයක් බඩගිනි නොවී තියෙන්නත් උපකාරී වෙනවා.

05. ඔයාගෙ බර අඩු වෙනවා.

දිනපතා ඕට්ස් ආහාරයට ගැනීමෙන් පරිවෘත්තීය වැඩි දියුණු වෙනවා. ඒ වගේම ඇඟේ බර අඩු කර ගැනීම වේගවත් කරනවා. දිගු කාලයක් පුරා ඕට්ස් සහිත උදේ ආහාරයක් ගන්නවා නම් වැඩිපුර කැලරි වලින් මිදෙන්නත් ඉඩ ලැබෙනවා.

ඕට්ස්වල අඩංගු මන්දගාමී කාබෝහයිඩ්‍රේට් මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා. එමගින් ආහාර රුචිය හා කාංසාව පාලනය වෙනවා. ඕට්ස්වල තියන පෝෂ්‍ය පදාර්ථ අපේ පරිවෘත්තීය වේගවත් කරනවා විතරක් නෙවෙයි, ශරීරයේ මේදය හා විෂ එකතු වීමත් වළක්වනවා. ඒ වගේම අපි වැඩිපුර කෑම කන එකත් වළක්වනවා.

06. කොලෙස්ටරෝල් අඩු කරනවා.

ඕට්ස් වල බීටා-ග්ලූකන් කියන තන්තු අඩංගු වෙනවා. එමගින් ශරීරයේ කොලෙස්ටරෝල් අඩු කරනවා.

ඕට්ස් වල තියන ලිනොලෙයික් අම්ලය හා ද්‍රාව්‍ය තන්තු නිසා, ට්‍රයිග්ලිසරයිඩ හා රුධිරයේ නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නත් උදව් වෙනවා. මේ පෝෂ්‍ය පදාර්ථ ධමනි වල බිත්ති වලින් මේදයේ වැඩිපුර කොටස් පිරිසිදු කරලා ධමනි සිහින් වීම, හෘදයාබාධ වගේ බරපතල රෝග වලින් අපේ ශරීරය ආරක්ෂා කරනවා.

07. හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු වෙනවා.

ඕට්ස් කියන්නෙ හොඳ සෞඛ්‍ය සම්පන්න මේද වලින් පොහොසත් ආහාරයක්. ඒවා හෘද සෛල හා රුධිර සංසරණ පද්ධතියට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඕට්ස් වල තියන ප්‍රතිඔක්සිකාරක මගින් නිදහස් රැඩිකලුන් නිසා රුධිර නාල වල බිත්තිවලට සිදුවෙන හානි අඩු කරනවා.

08. ආහාර ජීර්ණ ගැටළු ඇතිවීම වළක්වනවා.

සාමාන්‍යයෙන් දිනපතා තන්තු ආහාරයට ගන්නවා නම් ගොඩක් හොඳයි. දවසට අවශ්‍ය තන්තු ප්‍රමාණය ග්‍රෑම් 25 – 35 ත් අතර වෙනවා. තන්තු මගින් ආහාර ජීර්ණය වැඩිදියුණු කරනවා. ඕට්ස් වල කුඩා කොටසක දවසට ගන්න ඕන තන්තු ප්‍රමාණයෙන් 1/5 ක් අඩංගු වෙනවා.

බඩවැල්වල නිසි ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමටත් තන්තු ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා.

ඔයත් දිනපතා ඕට්ස් කනවාද? නැත්නම් මේ ලිපිය කියෙව්වට පස්සෙ ඕට්ස් කන්න ඕන කියලා ඔයාටත් හිතුණද? පොඩි කෑමකින් මේ තරම් ප්‍රයෝජන ලැබෙනවා නම් කන්නම ඕන නේද? ඔයාගෙ අදහස් අපට කියන්න.

 

උපුටා ගැනීම: adobea

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!