මේ කතාව දැනට අවුරුදු විසි පහකට පමණ ඉහත සිදුවුනු සිදුවීමක් .නම් ගම් නම් මන:කල්පිතයි..සිදු වීම නම් සත්යයි.අපේ ගම ලස්සන පුංචි ගමක් .ඔය ගමේ බදු වත්ත කියල ඉඩමක් තිබුනා ගමේම අය භුක්ති විඳින.ඉතින් බදු වත්තේ පොකුණ කියල ලිඳක් තිබුනා සාමාන්ය ලිඳකට වඩා ටිකක් ලොකු.ගුලන කන්ඳෙන් එන උල්පත්වලින් ගලන දිය සීරාවෙන් තමයි පොකුණ පිරෙන්නෙ .පිරෙන්න කියලා කීවට වතුර කොයි වෙලෙත් උතුරලා යනවා .බොන්න කියල හැම ගෙදරටම ලිඳක් තිබුනට ගමේ වැඩි දෙනෙක් නාන්න ආවේ ඔය පොකුනට .ඔය ලිඳට උඩහින් පාර .පාර කීවට ඒ දවස්වල ගුරු පාර දැන්නම් ගැලවෙන තාර කියල ජාතියක් දාලා .හැම චන්ද කාලෙකම ඒ ගැලවෙන තාර ඉබේ ගැලවිලා මන්තිරිතුමාලට උදවුවක් වශයෙන් සකස් වෙනවා .කොහොම උනත් අපේ ගම කඳු කීපෙකින් වටවුනු ගමක් .ඒ එක කන්දක කළු ගල් වැඩපලක් තිබුනා අන්න ඒ ගල් වැඩපලත් එක්ක තමා මේ කතාව ඈඳෙන්නෙ ..ඒ කතාව දැන් පටන් ගන්නම්.
ඒ කළු ගල් වැඩපලේ කොහොමත් දහ පාලොස් දෙනෙක් වැඩ .ඒ වගේම ටැක්ටර් එනවා දවසකට දහයක් දොලහක් වගේ ඉතින් හැන්ද වෙනකම් ගල් පටවගෙන යන එක තමා වෙන්නෙ .ඉතින් ගල් ගේන්න ටැක්ටර වලට කන්ද උඩහට යනකම් පාරක් හදලා තිබුනා .සිංහල අවුරුදු කාලෙට අපිත් ඉතින් ගල් තලනවා .ඒ කියන්නෙ කොන්ක්රීට් ගල් .මොකටද කැට ගහන්න සල්ලි එකතු කරගන්න .කොහොම හරි පමනක් ටැක්ටර් වලට බදුවත්තෙ ලිඳෙන් වතුර දානවා එන්ජිම රත් වෙලා කියලා .එවෙලෙට නාන කෙනෙක්ගෙන් වතුර එකක් ඉල්ලගෙන එන්ජිමට දාගෙන යනවා ඔන්න ඔය වගේ වෙලාවක මේ සිද්දිය උනේ.ඉතින් මේ ලිඳ කිට්ටුව තියෙන්නේ එක ගෙයයි අනිත් ගෙවල් ටිකක් ඈතට වෙන්න තමා තියෙන්නෙ .ඒ ගෙදර පැටි මාමගේ ගේ .ඉතින් පැටිමාමාට හිටියා දූලා දෙන්නෙක් .ඒ දෙන්න ඇත්තටම ලස්සනයි .ඉතින් එක දවසක් බදුවත්තේ ලිඳේ පැටිමාමගෙ ලොකු දුව රේණුකා නාමින් ඉඳලා .ගල් ගෙනියන්න ආපු ටැක්ටරේ ලිඳ ලඟ නවත්තලා නංගි වතුර එකක් දෙනවද ටැක්ටරෙට දාන්න කියලා ඉල්ලලා රියදුරු මහත්තයා .ඉතින් ඒයත් වතුර එකක් අරන් පනිට්ටුව වතුර එකත් එක්කම උස්සලා දික් කරලා ඒත් එක්කම රියදුරු මහත්තයත් වතුර පනිට්ටුව අරන් විගහට ටැක්ටරේ පැත්තට ගිහින් ඒත් එක්කම ජබොස් ගාලා සද්දයක් ඇහිලා .මොකද සද්දෙ බලන්න ආයේ උන්දා ලිඳ පැත්තට හැරෙද්දි පැටි මාමගෙ දුව ලිඳේ ..පනිට්ටුවේ කොක්කෙ පැටලිලා දිය රෙද්ද . පනිට්ටුවෙ කොක්කෙන් දිය රෙද්ද බේරලා ලිඳට දාන්න ලං වෙන්න හදන ඩ්රයිවර් මහත්තයාට රේණුකා පොකුණේ ගලක් අල්ලගෙන එන්න එපා එන්න එපා කියලා කෑ ගහලා .මොකද ඇටිකුල් ඇහැ වගේ පැගැදිලියි ලිඳේ වතුර .ඒත් එක්කම පැටි මාමට ඇහිලා රේණුකා එන්න එපා එන්න එපා කියලා කෑ ගහන සද්දේ .බයෙන් වෙවුලපු පැටි මාමා මල් කපන පිහියත් අරන් ලිඳ පැත්තට දුවගෙන ඇවිත් . ඒ එනකොට දැකලා තියෙන්නෙ රෙද්ද අතේ තිය ලිඳ පැත්තට හැරිලා ඉන්න රියදුරු මහත්තයා පැටිමාමා ආපු ආවේගයට ආයේ හෙවිල්ලක් බැලිල්ලක් නැ පිහිය අමෝරාගෙන එලවලා ඩ්රයිවර් මහත්තයට .උන්දා කලබලේට ගුලන කන්ද පැත්තට දුවලා හති දාගෙන .දැන් පැටි මාමත් එලවනවලු . දෙන්නම නැවතිලා හති දානවලු .ආයේ පැටි මාමා එලවනවලු ඩ්රයිවර් මහත්තයා දුවනවලු .වෙච්ච දේ දුවන ගමන් කියද්දිත් ඒක විස්වාසෙට නොගෙන පස්සෙන්ම පන්නනවලු .කොහොම හරි ඒ දෙන්න දුවන අතරේ.ඒත් එක්කම ආපු පැටි මාමගෙ නැන්දා කෝම හරි දූව ගොඩ අරන් රෙද්දකුත් අන්දවගෙන ගෙදර අරන් ගිහින් .ටැට්ටරේ තාම ලිඳට උඩින් ..ඉතින් කෝමින් කෝම හරි පැයකට විතර පස්සෙ ඩ්රයිවර් මහත්තයා කන්දෙන් පහලට බැහැලා තියෙන්නෙ පැටි මාමත් හරහට අත් දෙකට අරන් .නැන්දා හිතලාතියෙන්නෙ පැටි මාමා රියදුරු මහත්තයාගේ බෙල්ල වත් කපන් අරන් එයිද කියලලු.වෙලා තියෙන්නෙ පැටි මාමා එලවන් යද්දි බුරුල් උනු ගලකට කකුල තියලා ගලත් ගලවන් රූටලා පහලට යද්දි ඩ්රයිවර් මහත්තයා තමයි ආපස්සට ඇවිත් නතර කරන් තියෙන්නෙ .ඒත් ඒ වෙද්දිත් කකුල වලලු කර ලඟින් බිඳිලා .එදා ගල් ඇදිල්ල පැත්තක තියලා රියදුරු මහත්තයා ටැක්ටරේ දාගෙන පැටි මමා වෙද ගෙදර එක්ක ගිහින්.කකුල හොඳ වෙනකම්ම තෙල් බේත් ගාලා තියෙන්නෙ රියදුරු මහත්තයාමයි අන්තිමට .තවත් එකක් ඔය ඔක්කොම අවසානයේ නතර උනේ පැටි මාමගෙ දුවයි ටැක්ටර් ඩ්රයිවර් මහත්තයායි කසාද බැඳලා.
උපුටා ගැනීම: කවිකාර හැන්දෑව