එක්තරා ජාත්යන්තර පාසලක, පාසල් මිදුලේ ඉදිරිපස වූ මල් පැළවලට සාත්තු කරමින් සිටියේ මැදිවියේ මිනිසෙකි. ඔහු නමින් ගංගා දාස් ය.
“ගංගා දාස්” එකවරම තමුන්ගේ නම කියා කෑ ගසනු ඔහුට ඇසිණි. “විදුහල්පතිනිය ඔබට මේ දැන්ම ම එන්න කියනවා” කාර්යාල සහායකයා මොර දෙන්නට විය. මේ මැදිවියේ මිනිසා හැකි ඉක්මණින් හුන් තැනින් නැගී සිටියේය.
“මැඩම් එන්න කිව්ව ද ?” ඔහු කුටියට මෙපිටින් රැඳෙමින් විමසී ය.
“එන්න” දැඩි ගාම්භීර කටහඬ ඔහුගේ දිහාට ගමන් කළේය. ඒ තීව්ර හඬ නිසාම ඔහු තවත් කැළඹිණි.
“මේක කියවන්න” ඇයගේ විධානය විය.
“මම ඉගෙන ගත් කෙනෙක් නෙමෙයි මැඩම් .මට ඉංග්රීසි කියවන්නත් බෑ .මට සමාවෙන්න මගේ අතින් වැරැද්දක් වුණා නම්. මට තව අවස්ථාවක් දෙන්න මම සදාකල්හිම ඔබට ණයගැතියි. මගේ දරුවා පාසලට ඇතුළත් කරගත්තට ඉගෙනගන්න ඉඩ දුන්නට. එවැනි අවස්ථාවක් මගේ ජීවිතේට ලැබෙයි කියලා මම හිතන්නෙ නෑ.” ඔහු එක හුස්මට කතාකරන්නට විය.
“පොඩ්ඩක් ඉන්න, ඔබ ගොඩක් දුර හිතල .අපි ඔබේ දරුවාට පාසලට එන්න ඉඩ දුන්නේ ඔබ අවංක සේවකයෙක් නිසා ම ඇය ඉගෙන ගන්න දක්ෂ දරුවෙක් නිසා. “ගුරුවරයෙක්ට කතා කරමු. ඇය කියවාවි ඔබ වෙනුවෙන්. මේ ලිපිය ලිව්වේ ඔබේ දුව මට අවශ්ය ඔබ මෙය අහනවා දකින්න”
විදුහල්පති කුටියට ගුරුවරියක් පිවිසි අතර ඇය ලියමන කියවන්නට වූවාය.
…………අද අපට කිව්වා අම්මාවරුන්ගෙ දවස ගැන ලියන්න .මම ජීවත් වෙන්නේ වෛද්ය පහසුකම් අධ්යාපන පහසුකම් ගැන මිනිස්සු හීන දකින ගමක. මේතාක් බොහෝ කාන්තාවන් දරු ප්රසූතියේදී මිය ගියා . මගේ අම්මත් ඒ අතරේ උන්නා. කවදාවත් ඇයට මාව දෝතට ගන්න බැරි වුණා. මගේ තාත්තා තමයි මුලින්ම මාව වඩා ගත්තේ. සමහරවිට ඒ එහෙම කරපු එකම කෙනා .
අම්මා නැති උනාම ආච්චි සීයා දෙන්නා නැවත විවාහයකට තාත්තට බල කරලා තිබුණා .තර්ක විතර්ක වගේම හැඟීම් දැනීම් ගැන හේතුපාඨ දක්වමින් ඒ අයට ඕන වුණේ වුනේ ඔහුට නැවත විවාහයක් කර දීම. ඔවුන්ගේ ආසාව මුණුබුරෙක් නිසා.අවසානයේ ඔහුට තර්ජනය කළා .නමුත් තාත්තා ඒවා මායිම් කළේ නෑ .
ඔහු සියල්ල අත් හැරියා .ඔහුගේ අක්කර ගණන් ඉඩම් ජීවත් වුණ නිවස, ගමේ තිබුණ සැප ජීවිතය..
ඔහු මේ දැවැන්ත නගරයට ආවේ කිසිවක් නැතිව .නමුත් මම උන්නෙ ඔහුගේ දෝතේ… ජීවිතය වඩා දුෂ්කර වුණා. ඔහු දිවා රෑ වෙහෙසුණා.ඔහු මාව ඇති දැඩි කළේ ආදරෙන්. දැඩි ස්නේහයෙන් .අපි දෙන්නා කෑම කන වෙලාවට බොහෝවිට තිබුණේ සුළු ආහාර කොටසක් පමණයි. ඔහු කිව්වේ මම මේවා කන්නෙ නෑ කියල .මට හිතාගන්න බෑ ඔහු ගොඩක් කෑම වර්ග කන්නේ නැත්තේ ඇයි කියලා ..ඔහු පුරුදු වුණා කියන්න ඔහුට ඒ කෑම අරුචියි කියලා .එහෙම දවසට මම පුරුදු වුණා ඒ කෑම ඔක්කොම කන්න. නමුත් මා වැඩෙද්දි තේරුම් ගත්තා නිරාහාරව කළ ඔහුගේ කැපකිරීමේ තරම. ඔහු මට දුන්නේ දෙන්න පුළුවන් උපරිම දේ..
මේ පාසල තමයි ඔහුට සෙවන වුනේ .ඔහුට ගෞරවය දුන්නෙ සහ ඔහුගේ දියණිය පාසලට ඇතුළත් කර ගනිමින් ඔහු ලද ඉහළම ත්යාගය දුන්නෙත්.
ආදරය හා සෙනෙහසින් පරිපූර්ණ අම්මා කෙනෙක් ඉන්නව ද ඒ නිර්වචනය ගැලපෙන්නෙ මගේ තාත්තාට. කරුණා ගුණයෙන් නම් අම්මව මනින්නේ මගේ තාත්තා තමයි වඩාත්ම සුදුස්සා. කැපකිරීම් වලින් පරිත්යාගයෙන් ඉහළම ඉන්නේ අම්මාවරු නම් මගේ තාත්තා ඉන්නෙ ඒ හැමෝටම ඉහළින්.
ආදරය, සෙනෙහස, රැකවරණය, පරිත්යාගය කරුණාවේ සාරය අම්මා නම් මේ ලෝකේ ඉන්න හොඳම අම්මා ,මගේ තාත්තා වෙනවා.
අම්මාවරුන්ගෙ දවසෙ මගේ තාත්තට සුබ පතන්න මම කැමැතියි. ලෝකෙ හොඳම අම්මා උනාට. මම ඔහුට ආචාර කරනවා වගේම කියන්න කැමතියි මං ඔහු ගැන ආඩම්බර වෙනවා කියලත්.
ගුරුතුමිය මෙය කියවූ පසු සමහර විට මම තරගයෙන් අසමත් වේවි .නමුත් මේ මට සැඟවිය නොහැකි මගේ අව්යාජ සටහන පරාර්ථකාමී ආදරය ගැන මට අම්මා වූ මගේ තාත්තා ගැන ………
විදුහල්පති කාමරය තුළ වූයේ දැඩි නිහැඬියාවක් ගංගා දාස් ගෙ නෙතින් ගලා ගිය ලොකු කඳුළු කැට කීපයක් පොළවෙ රටා ඇඳ තිබුණා. ඔහු ගුරුතුමියගේ අතේ වූ කඩදාසිය ගෙන පපුවට තුරුල් කරගත්තා. විදුල්පතිතුමිය නැගී සිටියා .ඔහුට වතුර විදුරුවක් ලං කළා.
ඔබේ දියණිය තමයි මෙවර රචනා තරඟයේ ඉහළම ලකුණක් ලැබුවේ මෙතෙක් පාසල් ඉතිහාසයේ . ඇගේ කට හඬ මොළොක් වී තිබුණා .
මවු වරුන්ගෙ දින සැමරුම් උළෙල හෙට පැවැත්වෙනවා . පාසල් පරිපාලනය විසින් තීරණය කළේ ඔබ ප්රධාන ආරාධිතයා විය යුතු බව. තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන කැපවීමට ආදරය ට ගෞරවයක් ලෙස වගේ ම ඔබේ දියණියගේ දැඩි විශ්වාසය ට ,
ඇය සාඩම්බරනීය දියණියක් බව කීමට.. වගේම ඔබේ දියණිය සඳහන් කළ පරිදිම මෙලොව හොදම මාපියන් අප හා සිටින වග දරුවන් ට තේරුම් කරවීමට ..
ඔබ සැබෑ උයන් පල්ලෙක් විතරක් නෙවෙයි ඔබේ ජීවීතේ මහඟු කුසුම ස්නේහයෙන් රැකවරණය දෙමින් දැඬි කරනවා ට.. අපේ ආරාධනය ඔබට
සතුටු කඳුළින් යුතුව ඇරයුම පිළිගත් ගංගා දාස් කාර්යලයෙන් බැහැර වූයේ ස්වකීය දියණිය කෙරෙහි උපන් අපරිමිත ස්නේහයෙන් කම්මුල මතින් රූ ටා යමින් තිබූ කඳුළකට ඉඩ දෙමිනි..

උපුටා ගනීම
මූලාශ්‍රය: Ranjani Indi