කැන්බරා නගරයේ ධනවත් ව්‍යාපාරිකයකු වූ සරත්ට පාසලකික් ආරාධනාවක් ලැබුනේ ‘දියුනුවීමේ රහස’ යන මැයෙන් කතාවක් පැවැත්වීමටයි.
දියුනුවෙමින් පවතින (අවුරුදු කීපයක් සිට) ධනවත් නොවූ රටක් වන ලංකාවෙන් පැමිනි ඔහු, ඉතා ඉක්මනින්ම ධනපතියෙකු වූයේ කෙසේද යන්න එම පාසලේ ලමයි දැනගන්නට නොඉවසිල්ලෙන් පසු විය.
ඔහු රෝල්ස් රොයිස් රථයකින් බැස, පාසලේ රැස්වීම් ශාලාවට ගෙන ගියේ රාජ්‍ය නායකයෙකුට සලකන අයුරින්. ඔහුව ශාලාවෙ නොඉවසිල්ලෙන් ඉන්න දරුවන්ට හඳුන්වා දීමෙන් අනතුරුව, ඔහු නැගිට මයික්‍රෝෆෝනය ගෙන, ඔහුට ලැබුනු ආරාධනාව ගැන අනෙක වාරයක් ස්තුති කොට,
‘දරුවනි, මම ලංකාවෙන් එන විට මා සන්තකව මට තිබුනේ මෙහි රැගෙන ආ මගේ සූට් කේසයක් පමනි’ කී විට,
ලමයින් මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්ද වුනේ ඔහු කෙසේ ඔහුගේ ව්‍යාපාර ආරම්භ කලාද යන්න දැන ගැනීමටයි. මේ අතර සැම පාසලකම ඉන්නව වගේ ඇම්ඩෙක් නැගිට,
‘ඔබට කියන්න පුලුවන්ද මොනවද ඒ සූට් කේස් එකේ තිබුනේ?’ කියා ඇසූ විට,
‘සතුටුයි ඔබ ඒ ගැන ඇසූ එක ගැන. ඇත්තෙන්ම එය පුරවා තිබුනේ ඩොලර් සීයේ නෝට්ටුවලින්’ කියා සිනාසුනේ ය.
ඔහුගේ පියා ලංකාවේ හිටපු ඇමති කෙනෙකි. එය ඔහුගේ දියුනුවේ රහස විය.
(මම පොඩි කාලයේ නවයුගයේ තිබුනු විහිලුවක් ඇසුරෙනි)
උපුටා ගැනීම: Devapriya Siriwardena