දොළදුක් කෑම (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඇත්තටම එහෙම කෑමක් තියෙනවාද ?
මං දන්නා තරමින් එහෙම කෑමක් නැහැ ..
ඒ්ත් ඕනෑම කාන්තාවකට දරුවෙකු පිළිසිඳගත් විට තමන් උයාගත් කෑම කනවාට වඩා කවුරු හෝ විසින් හදාදෙන සම්බෝලයි බතුයි පවා රසබොජුන් සේ දැනෙනවා. ඒක මවක් වූ හැම කාන්තාවක්ම දන්නවා.
ඉතින් මේ කියන්න යන්නේ වෙනමම කතාවක් . මේක දැනට අවුරුදු විසිගානකට විතර ඉහතදී සිදු වු අලකලංචියක්
අපේ විවාහ මංගල උත්සවයෙන් පසුව
අපි දෙන්නා පදිංචියට ආවේ බොහොම වෙහෙස මහන්සියෙන් සාදාගත් කුඩා
නිවසකට . නිවසක් කිව්වාට ඉතින් කාමරය
කුස්සිය සහ කෑම කාමරය . ඔය කියන කෑම කාමරය අපි පාවිච්චි කලේ සාලය විදිහට .
එහෙම ලොකුවට බඩු තිබුණේ නැහැ අපිට
යාන්තමට උයන පිහන භාජන ටික කුස්සියේ
තිබුනා. ගෑස් ලිප් තිබුනෙත් නැහැ . ඉව්වෙ භූමිතෙල් ලිපෙන් .
ඒ කාලේ අපිට ලැබුනෙ බොහොම සුලු වැටුපක් . ඉතින් ඉඩම් අරන් පොඩි ගේ කොටසක් හදාගත්තේ ඉඩමෙි ඔප්පුවත් බැංකුවට තියලා අපි දෙදෙනාගෙම වැටුප් බැංකුවට හරවලා තමයි . මේ දේවල් කර ගත්තේ .
අපිට අඩුපාඩුකම් රැසක් තිබුනත් කිසිම වෙලාවක පවුලෙ කාටවත් කිවවේවත් කිසිවෙකු ගෙන් උදව් ඉලලුවෙත් නැහැ .
මේ කාලෙ මගේ හස්බන්ඩ් රාජකාරි කලේ ටිකක් දුර පලාතක ඉතින් එයා ආවේ
සති අන්තයේ . උදේම නැගිටලා භූමිතෙල්
තනි පොඩි ලිපෙන් උයන වැඩේ නම් මට අරහං . ඒත් ඉතින් තුන් වේල කඩෙන් කන්න
සල්ලි නෑනේ මං කිව්වෙ අපි රිම් එකෙන් යන්නෙ කියලා .ඒ නිසා බතට අමතරව මොනවාහරි දෙකක් හදා⁣ගෙන ඔෆිස් දුවනවා.
බොහෝදාට තුන් වේලම කෑවෙ උදේ උයන දේම තමයි . සති අන්තයේ විතරයි වෙනස් දෙයක් කෑවෙ බිව්වෙ.
මාස තුනක් ඔය විදිහට ගෙවුනා. අනේ ඉතින් මටයි කියලා මහ ලොකු වයසක් නෑ
අවුරුදු 26 යි.
අනේ කඩියා වගේ කඩිසර මට මේ මොකද උනේ උදේට නැගිට ගන්න පවා බැරි වුනා . මට කලන්තෙයි. ඔලුව උස්සන්නම බැහැ .
ඔන්න ඉතින් කොච්චර අගහිඟකම් තිබුනත් දෙන්නා තුන් දෙනා වෙන්න යනබව
දැනගන්නට ලැබුනා.
ඒ කාලේ උදේට බස් එකට නගින්න රිලේ දුවන්න ඕනෙ. බස් රියදුරු කවදාවත් බස් එක
හොල්ට් එකේ නවත්වන්නේ නැහැ . එක්කෝ
මීටර් 30 ක් විතර එහායින් හෝ මෙහායින්
බස් එකේ කට කපලා සෙනග තව කෙනෙකුට
නගින්න ඉඩක් නෑ .. ඒත් ඒකට නැග ගන්න බැරි උනොත් ආයෙත් බස් එකක් එන්න විනාඩි 30 ක් විතර ඉන්න වෙනවා .. ඒ ආවත් අර සෙතම තමයි .
පෙර කල අකුසල් නිසාදෝ මන්දා මට
බොහොමයක් දේවල් ගදයි. වමනෙ යනවා අල්මාරිය අරින්න බෑ ගසයි. පදිංචි කොටසෙහි සිවිලිමට ගෙනා ලෑලි වගයක් කුස්සියේ පැත්තක අසුරා තිබුනා ඒක ගදයි . භූමිතෙල් ලිප පත්තු කලොත් නම් ඉතින් වමනෙනම තමයි . හැමදාම බුදුන්ට පත්තු කරපු හදුන්කූර පවා ගද ගහන්න ගත්තා. ඒ විතරක් ද කෑම සුවදවිළවුන් වර්ග මාරම ගදයි.
ඉතින් උදේ පාන්දර තුන් හතරපොලක
වමනෙ දදා හොල්ට් එකට එන මට මේ රිලේ
දුවලා බස් එකේ යාන්තමට එල්ලුනා කියන්නකෝ . කෙසග මට අවුරුදු 25 ක් උනාට
හතේ පංතියේ පෙනුමක් තිබුණේ . ටිකක් දුර
යද්දී එකා දෙකා බැහැලා දෙවෙනි තෙවෙනි
පාපුවරුවට නැග්ගා කියන්නකෝ… ඔයාලට හිතාගන්න පුලුවන් නේද ? බස් එකේ සෙනග අතරින් එන සුවද එක්ක මේ අසරණ ජීවියා මොන තරම් අපහසුවකට ලක් වෙන්න ඇද්ද කියලා. බෑග් එක ඇතුලේ සිළි බෑග් දෙක තුනක් සටෑන්ඩ්බයි.
අන්තිමට කන්න බැරිව වමනෙනම දදා
මාස ගනන් ඉස්පිරිතාලෙ ලැගලා ජීවිතේ එපා
වෙලා හිටියේ . ඔන්න දැන් මම ලෙඩ නිවාඩු
දින 07 යි. ආයෙත් ඔෆිස් යනවා. ආයෙමත් ලෙඩ නිවාඩු ඔය විදිහට මාස හතරක් විතර ගෙවුනා . දැන් ඔෆිස් එකටත් මාව එපා වෙන
තැනට ඇවිත් .
එක හවසක මම දකිනවා අල්ලපු ගෙදර
ලේඩි ( අපිට තියෙන්නෙ පර්චස් 15 පොඩි ඉඩම් කෑල්ලක් ) එයාගෙ මිරිස්ගල ගෙයින් එළියේ
තිබුණේ . අපේ කුස්සියේ ජනේලෙ කිට්ටුව එයා
පොල් සම්බෝලයක් අඹරනවා. මාස ගානක්
නොකා ඉදපු මට සම්බෝල එක්ක බත් කන්න ඇත්නම් කියලා හිතුණා . ඒත් එදා මට සම්බෝලයි බතුයි කන්න ලැබුනෙ නැහැ . මම
තනියම හිටියේ මට ඉල්ලන්න හිතුනේ නෑ.
ඔය විදිහට මාස පහක් විතර ගියා. දැන්
මට ⁣කෑම කන්න පුලුවන් . ඔන්න ඔය අතරතුර
දවසක හස්බන්ඩ් ගෙ මාමගෙ ගෙදර කුරුණෑගල දානයක් තිබුනා . පන්නිපිටියේ ඉදන් කුරුණෑගලට යන ගමන දුෂ්කර නිසා
මම ගියේ නැහැ . එයාව යැව්වා. ඔයාට කෑම එකක් අරගෙන ඉක්මනින් එන්නම් කියලා එයා ගියා.මොකද අපිට ඒ කාලේ වාහනයක් තියා ෆූට් සයිකලයක්වත් තිබුණේ නැහැ .
ඉතින් ඔය කියන හස්බන්ඩ් මාමාගේ දානෙ
ගෙදර එයාගෙ පුංචි අම්මා ත් ඉදලා එයා මට
ගොඩක් ආදරෙයි. දාානෙට හදපු හැමදේම වෙන වෙනම බැදලා (හොදි එකට කලවම් වෙලා තිබුනම මට කන්න අප්රිය නිසා )
සිමෙන්ති කොට්ටයක් තරම් ලොකු බත් එකක් බැදලා දුන්නා ලු.
අනේ ඉතින් ඉක්මන් බත් දෙකටක් ගිලදාලා . අතුරුපස කැවිලි පෙවිලි වළදන්නෙ
නැතුවම අපේ මහත්තයා බෑග් එකත් අරන් ඇවිත් . මොකද එයා දැකලා තියෙනවා පුංචි
අම්මා ඒ හැමදේම පාර්සල් කරනවා.
ඒ කාලේ අද වගේ ඔන්න බස් එකට නැග්ගා බැස්සා දැන් මෙතන පාලම පහුවුනා
දැන් ලගයි විනාඩි 10 න් ගෙදර කියන්න දුරකථන තිබුණේ නැහැනෙ .
ඕන් දැන් හස්බන්ඩ් ගෙදර ආවා. අද වගේ කොරෝනා නැති උනත් උන්දෑ ගෙ පුරුද්දක් තමයි ගමනක් ගිහින් ආපු ගමන් ඇග සෝදන. දැන් නම් මට බඩගිනියි අදුරත් වැටිලා . එයා ලිද ලග ඇග සෝදනවා.
දැන් මම දෙර උළුවස්ස උඩට වෙලා
” ඉක්මණට එන්නෝ මට බඩගිනියි “
කියලා කියනවා .
” ඔයා කන්න මම ඉක්මනින් එන්නම් “
එයා කියනවා .
අනේ ඉතින් ඉක්මනින් සෝදාාගෙන එයත් ආවා. හ්ම් … දැන් තමයි හොද හරිය
බෑග් එක ඇරලා පාර්සලය අතට අරගෙන
මහත්තයා පිගාන උඩින් තියලා පාර්සලය
ලිහනවා…. ආශාවෙන් මාත් බලාගෙන ඉන්නවා …. හතුරෙකුටවත් කරන්න පුලුවන් වැඩක්ද පත්තර පිටු කිහිපයකින් ඔතපු
ගඩොල් කැට දෙකක් යාලුවනේ ..
හිතාගන්න පුලුවන් ද මට දැනුන දුක ලියන
මේ මොහොතෙත් ඒ දුක දැනෙනවා .
මාමාගේ ලොකු දුව මේ සුනඛ වැඩේ කර ඇති
බව පසුව දැනගන්නට ලැබුනා.
…….. සුගන්දි ……
උපුටා ගැනීම:  Sugandika Ranakawa 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!