රැකියා විරහිත අයට ආන්ඩුවෙන් දෙන දීමනාව අවුරුදු ගානක් තිස්සෙ ගන්න, රස්සාවක් කරන්න කම්මැලි තරුණයෙක් ආන්ඩුවෙන් දෙන දීමනාව ගන්න සති දෙකකට සැරයක් පුරවන්න තියෙන ෆෝම් එකත් පුරව ගෙන ගියාම, ඒ කන්තෝරුවෙ නිලධාරියා පුරුදු පරිදි අහන ප්රශ්නය ඇහුවා
‘ඔබ රස්සාවල් හෙව්ව ද?’
‘හෙව්ව හෙව්වා හැමදාම. ඉන්ටනෙට් එක පුරාම හොයල හැම ජොබ් එකකටම ඉල්ලුම් කරා. ඒ මදිවට පාරවල් ගානේ ගිහිල්ලත් හෙව්වා. දන්න දන්න අයගෙනුත් ඇහුව. ඕන රස්සාවක් කරන්න කැමතියි. කෝ ඒත් හම්බ වුනේ නෑ. ඒකයි ඩෝල් එක ගන්න ආවේ, නැත්නම් ජීවත් වෙන්න විදියක් නැහැ නේ’
‘හරි හොඳ ජොබ් එකක් තියෙනවා. කරන්න කැමති ද?’
‘ඔව්. මොන වගේ එකක් ද?’
‘කෝටිපතියෙකුගේ දූපතක තියෙන මාලිගාව වගෙ ගෙදර වැඩක්’
තරුණයගෙ මූන ටිකක් වෙනස් වුනා. ගෙවල්වල වැඩ? මට ඩිප්ලෝමා එකකුත් තියාගෙන ගෙදරක වැඩට යන්න කියලද මූ කියන්නෙ කියල හිතුවත්,
‘මොනවද කරන්න තියෙන්නේ’ කියල අහලා.
‘ඒ තරම් ලොකු දෙයක් නෑ. කෝටිපතියගේ අවුරුදු විසි දෙකේ දුවගෙ ඇසිස්ටන්ට් ජොබ් එක. එයා යන යන තැන එයා එක්ක යන්න ඕන. එයා එක්ක පාටි, ක්ලබිං ගිහිල්ලා ඩ්රින්ක්ස් ගන්න, ඩාන්ස් කරන්න වගේ දේවල්.
ඇසිස්ටන්ට් වුනාට එයාව මසාජ් කරන්න, එයාව අන්දවන්න, ඉඳල හිටලා එයාගේ කායික වුවමනා කම් කරන්නත් වෙයිලු. එයා සෙක්ස්වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් කියලයි ආරංචිය.
ආ අනික, එයා ලෝකෙ වටේ ප්රයිවෙට් ජෙට් එකේ යනකොට එයා එක්ක යන්නත් වේවි?’
දැන් ඔන්න අර තරුණයගෙ ඇස් දිලිසෙන්න ගත්තත්, මූනෙන් ඒක නොපෙන්වා
‘පඩිය කීයක් විතර වගෙ ලැබෙනව ද?’ කියල ඇහුවම
‘කන්න බොන්න ඉඳුම් හිටුම් එක්ක මාසෙකට ඩොලර් පහලොස් දාහක් දෙනවලු. කැමති ද?’
මිනිහගෙ ඇස් උඩ ගිහිල්ලා. වචන බොහොම අමාරුවෙන් ගලප ගෙන කියලා,
‘බොරු නේ? සුරංගනා කතා කියන්න එපා’
අර නිලධාරියා හිනා වෙලා කිව්වලු
‘ඔයානෙ පටන් ගත්තෙ’ කියලා.
උපුටා ගැනීම: Devapriya Siriwardena