ඩයනා කුමරිය මාලිගයෙන් ගෙනා ආ දේවල් හත (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ලෝකයේ ලස්සනම කාන්තාව කවුද කියලා ඇහුවොත් අදටත් බොහෝ දෙනෙකුගේ පිළිතුර ඩයනා කුමරිය කියලයි . ඇය මිය ගිහින් ගොඩක් කල් ගතවෙලා තිබුණත් ඈ සතුව පැවති පැවැති ජනප්රියත්වය නම් චුට්ටක්වත් අඩුවෙලා නැහැ. කොහොම නමුත් අද කතා කරන්න යන්නෙ ඩයනා කුමරියගේ ජනප්රියත්වය ගැන නෙවෙයි. අපි හැමෝම දන්නවා ඩයනා කුමරිය චාල්ස් කුමාරයාගෙන් දික්කසාද වුන බව. ඇයගේ මේ දික්කසාදය ඇයට එංගලන්තය රැජින වීමේ අයිතිය වගේම තවත් දේවල් ගොඩක් අහිමි කලා. මෙතනදී දික්කසාද තීන්දු වලට අනුව ඩයනා කුමරියට මාලිගාවෙන් යද්දි දේවල් හතක් ගෙනියන්න හැකියාව ලබාදීලා තිබ්බා. අද මම ඔයාලට කියන්න යන්නේ අන්න ඒ දේවල් 7 ගැනයි.
01) ඇගේ රාජකීය නාමය
ඩයනා කුමරියගේ දික්කසාදයෙන් පසුව ඇය වේල්ස්හි කුමරිය කියන නම තියාගත්තා. එතකොට තවදුරටත් ඇයව වේල්ස්හි කුමරිය කියලා හදුන්වන්න පුලුවන් . ඒත් මහ රැජිනගේ අවශ්යතාවය අනුව ඩයනා කුමරිය තවදුරටත් her royal highness කියලා හඳුන්වන එක තහනම් කරා. චාල්ස් කුමරු වුණත් මෙතනදි තරමක් තදින් පියවර අරන් තියෙනවා. නමුත් ඩයනා කුමරියගේ පළමු පුතු වන විලියම් කුමාරයා ඩයනා කුමරියට ගොඩක් උදව් කරලා තියෙනවා ඒ අසීරු කාලය මගහරවා ගැනීමට. ඩයනා කුමරියට her royal highness කියන නම අහිමි වීම ගැන විලියම් කුමරු මෙහෙම ප්රකාශ කරනවා . ” don’t worry mommy I’ll give it back to you one day when I am king. ”
02) ඇයගේ දරුවන් සමග ඇති සම්බන්ධතාවය
චාල්ස් කුමරු සමඟ දික්කසාද වන විට ඩයනා කුමරිය ඇයගේ දරුවන් සමඟ දිගටම සම්බන්ධතාවය පවත්වා ගැනීමට ඉල්ලලා හිටියා . දරුවන්ගේ සමාන අයිතිවාසිකම් ඔවුන් දෙදෙනාට හිමිවුණා. ඒ අනුව ඩයනා කුමරිය ඉන් පස්සෙත් විලියම් හා හැරි යන කුමරුවන් දෙදෙනා සම්බන්ධ තීරණ ගැනීමේදී ඒවාට මැදිහත් වුණා ඇය දික්කසාද වුණත් ඇගේ දරුවන් අමතක කලේ නැහැ. ඇය හැම වෙලාවෙදිම දරුවන් සම්බන්ධව කටයුතු වලට සහභාගි වුණා.

03) ඇයගේ නිවහන වන කෙසින්ග්ටන් මාලිගාව
ඩයනා කුමරිය ඇගේ කාර්යාලයෙන් අස් වුවත් ඇයගේ කලින් සැමියාගේ මාලිගාව ළඟ තිබුණු කෙසින්ග්ටන් මාලිගාවේ ඇගේ කොටස ඇගේ නිවහන විදිහට පාවිච්චි කිරීමේ අවසර හිමිවුනා. ඒ වගේම මාලිගය තුල ඇයගේ කාර්යාලය අලුතින් ඉදි කිරීමට ඉඩක් ද වෙන්කර තිබුණා. ඒ වගේම වසරකට ඩොලර් 600000 මෙම මාලිගය නඩත්තුව සඳහා ඇයට ප්රදානය කරලා තිබුණා. ඒ වගේම ඇය ඇගේ ස්ථානයෙන් ඉල්ලා අස් වුණත් ලෝක සංචාර සඳහා පෞද්ගලික ගුවන් යානා භාවිතා කිරීමේ වරප්රසාදය ඇයට හිමි වී තිබුනා.

04) ඇයගේ ආභරණ එකතුව

ඩයනා කුමරිය ඇයගේ විවාහ ජීවිතය පුරාවට එකතු කරගත් ආකර්ෂණීය ආභරණ එකතුවෙන් සියල්ලම වගේ ළඟ තබා ගත හැකි වුණා. නමුත් ඇගේ විවාහය වෙනුවෙන් එලිසබෙත් මහ රැජින විසින් ඇයට තෑගි කරනු ලැබූ බ්රිතාන්ය රජ පවුලේ ප්රතිමූර්තියක් බඳු වූ ඔටුන්න නැවත ලබා දිය යුතුව තිබුණා. ඒක දැන් කේට් කුමරිය විශේෂ අවස්ථාවලදී පළඳිනු ලබනවා

05) වෘත්තීයමය රාජ කටයුතු සඳහා සහභාගී වීමේ අවස්තාව
ඩයනා කුමරිය ඇගේ දික්කසාදයෙන් පසු වත් රජ පවුලේ සාමාජිකයෙක් ලෙස සලකන බවට රජ පවුල තීරණය කරා. ඒ අනුව තවදුරටත් රජපවුලේ විශේෂ උත්සව සඳහා ඇරයුම් ලබන අතර විශේෂ ජාතික උත්සව සඳහාද සහභාගී විය යුතුව තිබුණා. ඒ වගේම ඇයට පොලිස් ආරක්ෂාව හිමි වුණේ ඒ අවස්ථාවලදී පමණයි. අනෙක් සියලුම අවස්ථාවල දී ඇගේ ආරක්ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂකයන් ඇය විසින් මුදල් ගෙවා ලබා ගත යුතු ව තිබුනා.

06) ඇයගේ සම ලිංගික සේවකයා ඇතුළු සේවකයන්ගෙන් කොටසක්
ඇය ඇයගේ දික්කසාදයෙන් පසු ඇගේ සේවක පිරිස ඉවත් කළ යුතුව තිබුණත් ඩයනා කුමරිය සිය සේවක මඩුල්ලේ ප්රධාන කීපදෙනෙකු ළඟ තබා ගැනීමට සමත් වූ අතර පෞද්ගලික කෝකියෙක්, විලාසිතා නිර්මාණකරුවෙක් හා ඇගේ සමීපතම සේවකයා වන බට්ලර් පෝල් බැරෙල් ඒ අතර වුණා. පෝල් බැරල් ඇයගේ සමීපතමයා වූ අතර ඩයනා කුමරිය වරක් ප්රකාශ කළේ ඔහු තමන් විශ්වාස කළ එකම පිරිමියා බවයි. ඒ වගේම පොල් බැරල් ඩයනා කුමරියගේ සෑම සම්බන්ධතාවයක් ගැනම දැනගෙන හිටියා.

07) ඇයගේ සමාජ සුභසාධක කටයුතු දිගටම කරගෙන යාමේ අවස්ථාව
ඇය ඇගේ සමාජ සුබසාධක කටයුතුවලට ප්රමුඛතාවය ලබා දී කටයුතු කළ අයෙක් ඒ වගේම තමන්ගේ දික් කසාදයෙන් පස්සේ වුනත් ඇය ලෝකෙ වටේ සමාජ සුබසාධන කටයුතුවලට දායක වුණා. වරක් ඇය ප්රකාශ කළේ “මේ රටේ රැජින වන්නට මට වුවමනාවක් නැහැ. මට ඕනේ මිනිස්සුන්ගෙ හදවතේ රැජින වෙන්න “යන්නයි. ඇය තමන්ට ලැබෙන නම් නම්බු නාම වලට වඩා ආස කළේ සෑම මිනිසෙකුටම ජීවත්වීමට පුළුවන් ලෝකයක් හදන්නයි. ඇය අපේ හදවත් වල සදා අමරණීය වන්නේ අන්න ඒ නිසාමයි.

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි
රන්දිකා සමරකෝන්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!