ඉන්දියාවේ මරාතා මන්දිර් චිත්‍රපට ශාලාව ඉතාම සුවිශේෂී එකක් වෙනවා. ඒ එකම එක චිත්‍රපටියක් නිසයි!
1995 වර්ෂයේ නිෂ්පාදනය කෙරුණු, සුප්‍රකට නළු ෂාරුක් ඛාන් සහ කාජල් රංගනයෙන් දායක වන “දිල්වාලේ දුල්හනියා ලේජායින්ගේ” චිත්‍රපටිය වසර 24 ක් තිස්සේ අද දක්වාම අඛණ්ඩව මරාතා මන්දිර් චිත්‍රපට ශාලාවේ තිරගත කෙරෙනවා! සති ගණනින් ගත්තොත් 1250 කට වැඩියි. ,(ලංකාවේ චිත්‍රපටයක් තිරගත කෙරෙන්නේ සාමාන්‍යයෙන් සති 8ක පමණ කාලයක් විතරයි)
ඇතැමුන් කියන්නේ මේ චිත්‍රපටය ඉන්දියානුවන්ට නම් “ටයිටැනික්” චිත්‍රපටයට සමානයි කියලයි. දැන් එය චිත්‍රපටියකට වඩා සංස්කෘතික අංගයක් වගේ වෙන තරමටම සාමාන්‍ය සාමාන්‍යකරණය වෙලා තියෙන බවයි ඔවුන්ගෙ අදහස.
දිල්වාලේ දුල්හානියා චිත්‍රපටිය නරඹා නැති ඉන්දියානුවෙක් නැති තරම්. සාමාන්‍යයෙන් කෙනෙක්ට තමන් කැමතිම චිත්‍රපටය නරඹන්න පුළුවන් උපරිම් වාර ගණන කොපමණ වෙන්න ඇතිද? 5 වරක්, 6 වරක්? ඔව් උපරිම දස වරක්.. ඊට පසුවත් නරඹන්නට සිදු වුණොත්, ඒක තව දුරටත් තමන්ගේ ප්‍රියතම චිත්‍රපටය වෙන්න නම් ඉඩක් නැහැ. ඒත් වසර 46ක් තිස්සේ මරාතා මන්දිර් හි ප්‍රොජෙක්ටරය ක්‍රියා කරවන්නා නම් කියන්නේ 9000 කට අධික වතාවක්, ඒ චිත්‍රපටය නරඹා තිබුනත් අදටත් තමන්ගේ ප්‍රියතම චිත්‍රපටය දිල්වාලේ දුල්හානියා කියලයි.
දැන් ඔබට සාධාරණ සැකයක් දැනෙනවා ඇති, චිත්‍රපටි මේ විදිහට තිරගත කලත් දිනපතා එය නරඹන්න, නරඹන්නන් ඇත්තටම එනවද කියලා. ඔව්! සතියේ දිනවල 85 කට ආසන්න ප්‍රමාණයකුත්, සති අන්තයේ සහ නිවාඩු දින වල 350-400 අතර ප්‍රමාණයකුත් දිල්වාලේ දුල්හානියා දැකබලා ගන්නට මරාතා මන්දිර් කරා ඇදී එනවා.
මේ තරම් කාලයක් තිස්සේ, මේ තරම් පිරිසක්, මේ චිත්‍රපටයට ඇලුම් කරන්න ඇත්තටම හේතුව මොකක්ද? අපි මුලින්ම බලමු කතාවේ අන්තර්ගතය..
චිත්‍රපටයේ ශාරුක් ඛාන් සහ කාජල් මුලින්ම හමු වෙන්නෙ දුම්රිය මැදිරියකදී. ස්විස්ටලන්තයේ දී නැවත හමු වෙන ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වෙනවා. කාජල් ට ඉන්දියාවේ ඇගේ දෙමව්පියන් සූදානම් කර තිබුණු යෝජිත විවාහය ඔවුන්ගේ ආදර කතාවට බාධාවක් වෙනවා. නැවත ඉන්දියාවට ආවායින් පස්සේ ඇතිවුණු විශාල ගැටලු රාශියකට අනතුරුව, අවසානයේ කාජල් ගේ පියා ඔවුන්ගේ ප්‍රේමයට අවසර දෙනවා. බැලූ බැල්මට සාම්ප්‍රදායික, බොළඳ ආදර කතාවක් වුණ දිල්වාලේ දුල්හානියා චිත්‍රපටයේ රඟපෑම්, චිත්‍රපට ගීත මීට අමතරව සැඟවුණු තව එක අපූරු මායාවක් තිබුණා.
ඒ, චිත්‍රපටියෙන් උකහා දක්වන්න උත්සාහ කරන බටහිර සංස්කෘතියට වඩා නැඹුරු, අලුත් ඉන්දීය සංස්කෘතියයි. 1995 , ඉන්දියාව විවෘත ආර්ථිකයට නිරාවරණය වන මුල්ම කාලයයි. ඉතින් චිත්‍රපටයේ එන බටහිර ආරයේ ඇඳුම් පැළඳුම්, මිශ්‍ර සංස්කෘතිය, සදාචාරාත්මකව තිබුණු සැහැල්ලු බව, ඉතා ඉක්මනින් ඉන්දියානුවන් තුළට කා වදින්නට ඇති බවත්, දිල්වාලේ දුල්හානියා ‘ඉන්දියානු චිත්‍රපට ඉතිහාසයේ’ වගේම, ඉන්දියානු සමාජ සංස්කෘතියේ ත් හැරවුම් ලක්ෂයක් නිර්මාණය කරන්නට සමත් වුණු බව විචාරකයින් විශ්වාස කරනවා.
…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………
#Whatsapp group එකට join වෙන අයට ඊළඟ article එක එනකම් ඉවසලා ඉන්න වෙනවා (පළකරන්නේ articles 2-4 අතර ප්‍රමාණයක් පමණයි), ඒ නිසා පරණ articles බලන්නත් ඕනේ නම් telegram group එකට join වෙන්න.
නැත්නම්
Sri Online Readers (ශ්‍රී Online කියවන්නෝ) Facebook Page
කියන facebook pages වලට එකතු වෙන්න.😀🙏