උසස් පෙළ සිසුන්ට ඉතාමත් වැදගත් දෙයක් තමයි ‘ මතක ශක්තිය ‘. ඉස්කෝලෙදි, අමතර පන්ති වලදි කියලා දෙන දේවල් හොදින් මතක හිටිනවනම්, අපි පාඩම් කරන ,කියවන වැදගත් කරුණු මතක හිටිනවනම්, විභාගයට හොදම රිසල්ට් එකක් ලේසියෙන්ම ගන්න පුලුවන්.ඔන්න මම අද කියලා දෙන්න යන්නෙ මතක ශක්තිය දියුණු කරගන්න ඔයා විසින් කරන්න ඕන දේවල් කිහිපයක්.
(1) අංක එක ඉහල අවධානය.

ඔයා ගොඩාක් උනන්දුවෙන් අවධානය යොමුකරගෙන ඉන්න දෙයක් ගොඩක් හොදට මතක හිටිනවා. ඉස්කෝලේදී, ක්ලාස් වලදි කියලා දෙන දේවල් හොද අවධානයෙන් අහගෙන ඉන්න.නොතේරුනු තැන් ඒ වෙලාවෙදිම පැහැදිලි කරගන්න.මතකය දියුණු කරගන්න නම් ඉස්සෙල්ලම හොද අවධානයක් දීම තමයි සිදුකරන්න ඕන. පාඩම් කරනකොටත් ෆෝන් පැත්තකින් තියලා හොද අවධානයෙන් කරන්න.
(2) වැදගත් දේවල් වලට මුල්තැන දෙන්න.
ඉගෙනගන්න විභාග කරන ගොඩාක් අයගෙ තව මැසිවිල්ලක් තමයි වැදගත් කරුණු මතක හිටින්නෑ කියන එක. ඒකට ඉතින් හොදම විසදුම තමයි කෙටි සටහන් ක්‍රමය.පාඩමක් නිකම්ම කියවගෙන යන්නෙ නැතිව වැදගත්, විභාගයට ප්‍රශ්න අහයි කියලා හිතෙන කරුණු ටික වෙනම චූටි පොතක / කටුකොල වල සටහන් කරගන්න.මේ කරුණු යලි යලිත් ආවර්ජනය කරන්න. යම්කිසි දෙයක් දිගුකාලීන මතකයට යන්න ආවර්ජනය කරන්න ඕනෙ මෙන්න මේ විදියට.
- එකපාරක් කියෙව්වම ඒක මතක තියෙන්නෙ දවසක් වගේ. ආය ඒ දේ සතියකින් ආවර්ජනය කරන්න. තව පාරක් සති දෙකකින් වගෙ ආවර්ජනය කරන්න.
(3) හයියෙන් කියවන්න. ලියන්න. කියලා දෙන්න.

කියවීම,ලිවීම,කියලාදීම කියන මේ තුන ඔයා හරියට කරනවනම් අත්‍යවශ්‍යම දේවල් හොදටම මතක තියාගන්න පුලුවන්.වැදගත් කරුණු හයියෙන් කියවන්න.දැන් මේ වැදගත් කරුණු කෙටි සටහන් කරගන්න.ඉස්සෙල්ලා කිව්ව විදියට තව සතියකින් විතර කරුණු ආවර්ජනය කරනකොට තව කෙනෙක්ට කියලා දෙන විදියට ආවර්ජනය කරන්න.මේ ක්‍රමය නම් අති සාර්ථකයි කියලා මම වගකීමෙන් ඔයාලට කියනවා.
(4) සතිමත් වෙන්න.
අපේ හිතට තොඅපේ හිතට තොරතුරු වේගයෙන් ලැබෙන්න ලැබෙන්න ඊට කලින් අපි ලබාගත් තොරතුරු ක්‍රමයෙන් යටපත් වෙලා යනවා. සතිමත් වීම කියන්නෙ මේ මොහොතෙ සිදු කරමින් ඉන්න දෙයට හිත යොමුකිරීම.මේ සිතුවිලි එක දෙයකට යොමු කරන ක්‍රියාවක් තමයි භාවනාව කියන්නෙ. අපෙ හිතට අවශ්‍ය , අනවශ්‍ය සිතුවිලි ඉතා විශාල ප්‍රමාණයක් එනවා.මෙතනින් අනවශ්‍ය සිතුවිලි ෆිල්ටර් කරලා ඉවත් කරන එක තමයි පලවෙනිම දේ. ඔයා අද ඉදන් පටන් ගන්න මේ මොහොතෙ කරමින් ඉන්න දෙයට හිත යොමුකරන්න. එතකොට හිතට එන අනවශ්‍ය දේවල් පාලනය වෙලා චිත්ත ඒකාග්‍රතාවය දියුණු වෙනවා.මතක ශක්තිය දියුණු වෙනවා.
(5) හොද නින්දක් ලබාගන්න.

දවස තිස්සෙම වැඩකරන මොලයට විවේකයක් ලැබෙන්නෙ අපි නිදාගත්තට පස්සෙයි.මේ නින්ද අතරතුර මොලයට ලබාදෙන විවේකය නිසා නිසි ලෙස තොරතුරු ගබඩා කරගන්න, ධාරණ ශක්තිය ඇතිකරන්න උදව් වෙන්නෙ. ඉතින් මේ නින්ද ඔයා හරියට ගන්නෙ නැතිව නිදි මරනවනම් ඒ වැඩටික හරියට වෙන්නෙ නැතිව අඩාල වෙනවා. මම අහලා තියන විදියට ඔයා කාලයක් තිස්සෙ නිදි මරන්න ගත්තොත් මතක ශක්තිය ක්‍රමයෙන් හීන වෙනවා. ඉතින් පාඩම් වැඩටික කරලා රෑ 11ට කලින්වත් නිදාගන්න පුරුදුවෙන්න. පැය 7-8ක නින්දක් හරිම වැදගත්.
(6) රාත්‍රි නින්දට කලින් සහ නින්දෙන් පසුව ආවර්ජනය වැදගත්.
යම්කිසි දෙයක් හොදින්ම මතක තියෙන්න ආවර්ජනය කරන්න ඕන සුපිරිම වෙලාවන් තමයි රාත්‍රි නින්දට පෙර සහ නින්දෙන් අවදි වූ මුල් වෙලාව. මේ වෙලාවට අපෙ මොලය තියෙන්නෙ ඇල්ෆා මට්ටමෙ නිසා ඉතා හොදින් කරුණු ධාරණය වෙලා මතකය දියුණු වෙනවා.
ඉගෙනගන්න ලමයෙක්ට මතක ශක්තිය ගොඩාක් වැදගත්. මම අද කියලා දීපු කරුණු ටික කල් යවන්නෙ නැතිව ක්‍රියාත්මක කරලා පේපර්ස් වලින් හොදට ලකුණු ගන්න වැඩ කරන්න.