ජීවයේ පැවැත්ම නැමති දායාදය පරපුරෙන් පරපුරට ගෙනියන අණුව. ඉතින් විද්‍යාව ඉගෙන ගන්න ආවට අපිට ඒක අමුතුම විජ්ජාවක්. විශේෂයෙන් උසස් පෙළට ගණිතය කරපු අපට බයෝ වලට බය වෙනවා ඇර වෙන මොනවා කරන්නද?. ඒත් ඉතින් රසායන විද්‍යාව කරන කොට ජීව විද්‍යාව නැතුව ඉගෙන ගන්නවා කියන්නේ පරිප්පු නැතුව හෝටලයකට ගිහින් බත් කනවා වගේ වැඩක්.
කරන්න තියන හොදම දේ තමයි දේශකයාගේ කටින් පිටවෙන හැම වචනයක්ම ලියා ගන්න එක පස්සේ ඕක කපලා කොටලා සමච්ජේදනය කරලා කපන මණ්ඩලයට දාලා සංස්කරණය කරලා නෝට් එක හදා ගන්නවා. කොහොමටත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වමාරා කෑම මුලික කරගත් අධ්යාපනයක්නේ ඕකේ ලොකු වෙනසක් නැහැ.
ඉතින් යටගිය දවස ලංකාපුර දිසාපාමොක් නෙමෙයි වෙන ඇදුරු උතුමෙක් ලග ශිල්ප හදාරණ සමයක සර් උගන්වනවා අපි පස්ස පැත්ත කැඩිච්ච කඩියෝ වගේ නෝට් ලියනවා. ඇස් පියවුනොත් කම්මැලි හිතුනොත් චෝක් කෑල්ලක් පියබලා එනවා. ඒකටත් හපන් අහනවා ප්‍රශ්නයක්. පාඩම තේරෙන්නෙත් නැතුව ප්‍රශ්න වලට උත්තර දෙන්න මොකද අපි මහෞෂධ පණ්ඩිතයන්ගේ නංගිලද? ඉතින් ඒ අවධානම් කලාපෙට යනවට වැඩිය හොදයි අවධි සිහියෙන් ඉන්න එක.
අපරාදේ ඉගෙන ගන්න කලින් ටයිපින් ෂෝට් හෑන්ඩ් පන්තියකට යන්න තිබ්බේ මොකද ඒ කියවන විට ලිවීම ලියන්න අපේ වේගය මදි. මම ඉතින් ආකිමෙඩිස් වගේ හොයා ගත්තා ඕකට ක්‍රමයක් සම්පූර්ණ වචනය නොලියා ඒක හදුනාගත හැනි පරිදි කෙටියෙන් ලියන්න. වැඩේ සාර්ථකයි.
කන ඔහු ලග
ඇස පොත ලග
පොත අත ලග
අපි ලියනවා .. මැල්ලුමක් නෙමෙයි , නෝට් එක
දවසක් මෙහෙම ලියාගෙන යනකොට අතපහු වෙච්ච තැනක් බලන්න මගේ සටහනට එබිච්ච එකීට එලොව පොල් පෙනිලා. එතැන් සිට සටහන ලිවීම අමතක කරලා කල්පනා කරනවලු මේ මොන ග්‍රහ ලෝකෙකින් ආපු එකියක්ද නියලා. විද්‍යාවේ අ, ආ බැරුව සංස්කෘත ඉගෙන ගන්න ආපු.
මොකද DNA ලියන සම්මත ක්‍රමය කැපිටල් අකුරෙන්, මම හදිසියේ නෝට් එක ලියාගෙන ගිහින් තියෙන්නේ dna කියලා. සම්මතයෙන් අසම්මතයට. ජීවවිද්යව කරපු මළ පොතේ අකුරුත් බැරි එකාත් දන්න DNA මම ලිව්වේ මගේ ක්‍රමේට.
ජීව විද්‍යාව එක්ක කරහා වෙලා රසායන විද්‍යාව ඉගෙන ගන්නවා කියන්නේ තරහට නහය කපාගෙන හුස්ම ගන්නවා වගේ වැඩක්.
ටියුෂන් බයෝ, ටියුෂන් පියෝ, කෙමිසිට්රි ෆිසික්ස් ඔය කොයි විද්‍යාව ඉගෙන ගත්තත් අන්තිමට පිහිටට එන්නේ ගෘහ විද්‍යාව විතරයි. දෙයියනේ ඒක නැති දාට බඩට බත් නැතුව හාමතේ මැරෙන්න වෙන්නේ. පවුල් සංස්තාවත් දෙදෙරලා යනවා හෑමිකම්පාවෙන් වගේ මොන රක්ෂණයටවත් බේර ගන්න බැරි පදමට.
අන්තිමට ශ්රීක් වගේ තිබ්බ BioChemistry ගොඩගියේ තිස්තුන් දාහක් දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් නෙමෙයි බහුතරයක් වුන ජීව විද්‍යාව කරපු යාලුවන්ගේ පිහිටෙන්. දෙවියන්ට පුද පූජා තිබ්බට අන්තිමට බලාගෙන යනකොට දෙවිගොල්ලන්ගෙන් වැඩි හරියක් කලා, වාණිජ්‍ය සහ ගණිතය කරපු කට්ටිය. මට උදව් කරනිනේ කොහොමද ඒ ප්‍රශ්ණ දැකලා උන්වහන්සේලාත් අඤ්ඤාකොරොස්. දස අතම බල බලා කල්පනා කරනවලු මට උදව්කරන විදිහක්.
උපුටා ගැනීම: කුමරිනී මලලසේකර