විභාගය ටිකක් ළං උණ ගමන් බොහෝ දෙනෙක් කියනවා “පාඩම් කරපු කිසිම දෙයක් මතක නැහැ, ඉස්සර වගේ නෙමෙයි දැන් මට දවස් දෙක තුනකට කළින් කියවපු කොටසක් වත් මතක නෑ,, exam ලියන්නත් බයයි” වගේ දේවල්.
බොහෝ දෙනෙක්ට ඇති වෙන මේ පොදු ප්‍රශ්නයට උත්තර හොයන්න ගියාම, පාඩම් කරන වෙලාවට මේ මේ විදිහට කරන්න කියන එක විනා හෙට අනිද්දා එන විභාගයට කළින් හිත සැහැල්ලු කරගන්න පුළුවන් විදිහේ සාර්ථක පිළිතුරක් හොයාගන්න ලැබුණේ නැහැ. ඒ නිසා අපි මේ ගැන විභාගයට සාර්ථකව මුහුණ දුන්න ශිෂ්‍යයන් කීප දෙනෙක් එක්ක සාකච්ඡා කළා. මේ ලිපිය ලියැවෙන්නේ ඔවුන්ගේ අදහස් සහ අත්දැකීම් එක්කයි.
මේක වෙන්නෙ මට විතරද?
ඔවුන්ගෙන් 95% ක ගේම පිළිතුර උණේ තමන්ටත් මේ තත්වය ඇති උණා කියන එකයි. ඉතින් මුලින්ම කියන්නේ, මේක තමන්ට විතරක් සිද්ධ වෙන දෙයක් කියලා කෙනෙක් හිතනවා නම් ඇත්තටම ඒක වැරදියි.
ඒ විදිහට හිතෙන්නේ මොන වගේ වෙලාවටද?
ගොඩක් වෙලාවට මේ වගේ සිතිවිලි එන්නේ, දැන් පාඩම් කරන කොටසට අදාළව, කළින් පාඩමක කොටසක් මතු උණාමයි. හරියටම කිව්වොත්, පාඩම් සම්බන්ධ වෙන, එකිනෙක යා කෙරෙන කොටස් bridges වලදියි. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන වෙලාවෙදිත් මේ දේ වෙන්න බැරි කමක් නැත්තේම නැහැ.
එහෙම වෙලාවට ගන්න සුදුසු ක්ෂණික පියවර මොකක්ද?
පාඩම් කරන වෙලාවකදි නම් වඩාත් ම හොඳ ඒ විෂය කොටස හැකි ඉක්මනින් නැවත කියවලා ගැටළු සහගත තැන නිරාකරණය කරගන්න එකයි. ඒකෙන් තමන්ගේ විෂය දැනුම ගැන විශ්වාසයක් ඇති වෙනවා.
මේ විදිහට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන වෙලාවෙදී විශේෂය වචනයක්, සමීකරණයක් වගේ දෙයක් අමතක වුණොත් ඒ කොටසට ඉඩ තියලා ඉදිරියට යන්න කියන එකයි ඔවුන්ගෙ යෝජනාව වුණේ. මොකද ප්‍රශ්නයට හරියටම එළැඹෙන මොහොතට වඩා ඉදිරියට ලියා ගෙන යද්දී, මනස තවදුරටත් ප්‍රශ්නයට focus (නාභිගත) වීමත් එක්ක ඒ වගේ සුළු කරුණු නිරායාසයෙන්ම මතකයට නැගෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. නමුත් මේ ක්‍රමය නම් විභාගයට යන්න කළින් තරමක් පුහුණු වෙන්න අවශ්‍යයි.)
විභාගය නිසා ඇති වෙන මානසික ආතතිය නිසා අපි නිරායාසයෙන්ම සෘණාත්මක වෙනවා. ඒ නිසා අමතක වුණේ ඉතාම පොඩි කොටසක් උණත් ඒක ගැන අපි ලොකුවට හිතන්න ගන්නවා. අපි දක්ෂ විදිහට මතක තියා ගත්ත, සාර්ථක විදිහට පිළිතුරු ලියන්න යොදා ගත්ත විශාල විෂය කොටසක් තියෙද්දිත්, කළින් කිව්ව සුළු අමතක වීම් ලොකු කරලා දකිනවා.
කොහොම උණත් පාඩම් කරන කාළයේ මේ විදිහට හිතුනත්, විභාගය ලියන අතරතුරදී ඒ විදිහේ ගැටලුවක් ආවෙ නැහැ කියන තමයි බොහෝ දෙනෙක් ගේ අදහස උණේ. අනිත් එක තමයි paper එක ලියන්න පටන් ගන්නෙම මේ විදිහට “මට මතක නැහැ” කියන සිතිවිල්ලෙන් නම්, හොඳින්ම දන්න විෂය කොටසක් උණත් මතකයට නගා ගන්න ඇත්තටම ලොකු ආයාසයක් දරන්න වෙනවා. මෙතනදී තමන් ගැන ආත්ම විශ්වාසයක් ඇති කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. අවුරුදු 2කට වැඩි කාලයක් තිස්සේ ඔබ ඉගෙන ගත්ත දේවල් මතකයේ කොහේ හෝ තැනක තැන්පත් වෙලා තිබුණත් සිහියට නගා ගැනීමේ පහසුව තීරණය වෙන්නේ නැවත නැවත ඒ කරුණු භාවිතයට ගැනීමත් එක්කයි. ඒ නිසා පුළුවන් තරම් පෙර පුහුණු ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දෙන අතරේම තරම් ධනාත්මක විදිහට හිතන්නත් පුරුදු වෙන්න.
එළැඹෙන උසස් පෙළ කඩයිම සාර්ථකව ජය ගන්න “A/L පන්තිය අපි” හදවතින්ම ශුභ ප්‍රාර්ථනා කරනවා.
ලිපිය සඳහා තොරතුරු සපයා ගැනීමට සහයෝගය ලබා දුන් තරින්ද විජේසිංහ සොයුරාටත්, හරිඳු දසනායක සොහොයුරාටත් විශේෂ ස්තූතිය.