මට පොඩි කාලයේ සිටම චිත්ර ඇඳීමට හැකියාවක් නැත. එය දියුනු කර ගන්නට හිතුනේත් නැත. මගේ සේරම යහලුවන් ල්වෝව් වලදී සිවිල් ඉංජිනේරු විද්යාව කිරීමට යන බව දැන ගත්තත්, මා තනි වූවත් මම සිවිල් ඉංජිනේරු විද්යාව කිරීමට නොගොස් ඉලෙක්ට්රොනික් සහ කොම්පියුටර් ඉංජිනේරුවෙක් වුනේ Engineering Drawing බැරි කමත්, ගොඩක් වෙලා එකතැන හිඳීමත්, පැන්සල් උල් කරමින් (ඒ කාලයේ දැන් මෙන් කොම්පියුටර් ඇප්ලිකේෂන්වත්, එක එක ප්රමානයේ උල් ඇති පැන්සල්වත් තිබුනේ නැත) ඒවා කිරීමටවත් ඉවසීමක් තිබුනේ නැති නිසයි. නිම්මියි මායි එකට පාඩම් කරන විට, එයා ෆුල් සිරා පාඩමේ ඉන්න විට මම විනාඩි පහලොවෙන් පහලොවට වගේ බ්රේක්ස් ගන්න කොට තරහ ගොස් එයා සමග පාඩම් කිරීම මට තහනම් කලා ය.
මට හරියට කිසිවක් අඳින්නට නොහැකි බවට උදාහරනක් දෙන්නම්. ඩැනී පොඩි කාලයේ මගේ ලඟට කොලයක් සහ පාට පාට ෆෙල්ට් පෑන් අරන් ඇවිල්ලා
‘ඩැඩී, මට කොටියෙක් ඇඳල දෙන්න’
කිව්ව.
ඉතින් කෙල්ල කියපු නිසා මම පුලුවන් තරම් හොඳට ඇඳල දුන්නා. ඒත් කෙල්ල හූ තිය තියා අඬනවා
‘මම ඉල්ලුවෙ කොටියෙක් අඳින්න. ඔයා බල්ලෙක්නේ ඇඳල තියෙන්නේ’
කිය කියා.
මට හරි අප්සෙට්. එකක් කෙල්ල අඬන නිසා, අනික මගේ drawing skills ගැන දුවගෙ අවතක්සේරුව නිසා. ඒ සේරටම වඩා නිම්මිගේ උපහාසාත්මක හිනාව නිසා.
පොඩි උන් බොරු කියන්නෙ නැහැ නේ. කෙල්ලට ඇත්තටම පේන්න ඇත්තේ ඌ බල්ලෙක් වගේ වෙන්නැති.
උපුටා ගැනීම: Devapriya Siriwardena