“ඊළඟ…” (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“ඊළඟ…”
“අය කවුරුත් නෑ ඩොක්ටර්..”
කාර්යබහුල අඩ හෝරාවකින් පසු ඉවසා ගත නොහැකි හිසේ අමාරුවත් එක්කම මම පුටුවෙන් නැගිට්ටෙ ගෙදර යන්න…මොනවා උනත් අද මම ඉන්න තැන ගැන මගෙ හිතෙ තියෙන්නෙ සියුම් ආඩම්බරයක්. පෙනඩෝල් පෙත්තට හොද වෙන පොඩි ලෙඩේටත් ෆාමසියෙන් ගන්න බෙහෙත් ලියලා දෙන යුගයක මගේම දැනුමෙන් මේ මිනිස්සුන්ට නොමිලේම බෙහෙත් පෙත්තක් හරි දෙන්න පුලුවන් උන එකට නම් හිතේ තියෙන්නෙ පුදුමාකාර සතුටක්.
“එළියෙ හොදටම වහිනවා ඩොක්ටර්.දැන් නම් යන්න බැරිවෙයි”
“කමක් නෑ පියදාස..”
වැස්ස බාධාවක් කරගත්තොත් අද මෙහෙටම වෙලා තමා ඉන්න වෙන්නෙ.ඒක නිසාම මම වාහනයත් අරන් වැස්සෙම යන්න පිටත් උණා.
මොකක් හරි අමුත්තක් උදේ ඉදන්ම හිතට දැනෙද්දි වාහනයත් වැස්සෙම ඉදිරියට ඇදුණේ ආසම සිංදුවකුත් වාදනය කරන ගහන්මයි.
“කියා දෙන්න මට මා හැර ගිය හැටි තාමත් ඒ ගැන දන්නැ මං….”
එහෙම අහන්නෙ මගෙන්මදෝ කියලයි මට නම් හිතුණේ.ඒත් මගේ හැර යාමට මං කොහොම උත්තර බදින්නද.වාහනය පාර අයිනකට කරලා නවත්තලා මම සීට් එකේම හාන්සි උනේ දරාගන්න බැරි හිසේ කැක්කුමක් දැනුණු නිසයි.
“මහත්තයා…මහත්තයා..”
වාහනේ ජනේලය පාත් කරලා ඔලුව දාපු මට දකින්න ලැබුණේ සරමක් ඇදගෙන කුඩයක් අතින් ගත්ත මනුස්සයෙක්.
“හරි වැඩේනේ උනේ මහත්තයා.අපේ දානේ ගෙයක් තිබුණා.මේ අරලිය සෙවණෙ මෙහෙණින් වහන්සේලා දෙනමක් තමා වැඩමෙව්වා.උන්වහන්සේලාව ආපහු වඩම්මවන් යද්දිනෙ මේ වැස්ස කඩාපාත් උනේ.අනේ මහත්තයා තරහ නැතුව ඔබතුමාගේ වාහනෙන් උන්වහන්සේලාව ආරාමෙට ගිහින් ඇරලවනවද.ත්රීවීල් එකේ ගියොත් තෙමෙනවා හොදටම”
“ආ ඒකට කමක් නැ.මම ආරාමෙට වඩම්මාන යන්නම්”
ඒත් එක්කම තෙරණින් වහන්සේලා දෙනම වාහනයට වැඩම කලා.මං වාහනය පණ ගන්වද්දි තෙරණින් වහන්සේලා දෙසට හැරුනේ ආරමයට යන පාර හරියටම අහගන්න හිතාන.ඒත් එක පාරම දැකපු දසුනෙන් මට උන්හිටි තැන් අමතක උනා.
ඔව්.. ඒ ඇයයි.බාහිර ස්වරූපය කෙතරම් වෙනස් උනත් ඒ ඇස් වලට බෑ මට බොරු කරන්න.
“ස..ස..සඳුනි”
මට එකපාරටම කියැවුණා.
“උත්තරා තෙරණිය”
සන්සුන්ව පැවසු තෙරණින් වහන්සෙ මට මතක් කලා. සඳුනි කියන ගිහි චරිතය දැන් උන්වහන්සේට කැප නැති බව. සියල්ල දරාන මම හෙමින් වාහනය පැදෙව්වෙ මගේ හිත අතීතයට දිව යද්දි
“සඳුනි මට ඔයාගේ බයෝ නෝට් එක ටිකක් දෙන්න පුලුවන්ද “
“ඇයි ගිම්හාන ඔයා ක්ලාස් ආවනේ දිගටම”
“නැ මේකයි.පොත ඉල්ලුවෙ මට ඔයාව මතක් වෙන්න තියාගන්න”
එහෙම කියද්දි ඒ රෝස පාට කම්මුල රතු උනේ බලාන ඉද්දි.මේ වගේ කතා කිය කිය මම කොහොම හරි මගෙ හිතේ සඳුනි ගැන ආදරයක් තියෙනවා කියලා එයාටම ඒත්තු ගැන්නුවා.
“සඳු.. මං ඔයාට ආදරෙයි.මං දන්නවා ඔයත් මට ආදරෙයි කියලා. දැන් මේ හැංඟි හොර ආදරේ කලා ඇති.කියන්නකො ආදරෙයි කියලා”
“අනේ යන්න”
ඒකට උත්තරයක් නොදීම සඳුනි පන්තියට දුවගෙන ගියෙ ඇස් කොනින් මං දිහා බලානමයි.
කොහොම හරි අ⁣පි ආදරේ කරන්න පටන් ගත්තා.ක්ලාස් එකේ අපේ ආදර කතාව නොදන්න කෙනෙක් හිටියෙ නැ.ඒත් අපේ දෛවය එච්චර සුන්දර උනේ නෑ.
“ගිම්හාන තමුන් ඔය සම්බන්දෙ වාහම නවත්තන්න ඕන.”
ගෙදරින් කිව්වෙ එච්චරයි.එතනින් එහා දෙයක් කතා කරන්න මට එදා හයියක් තිබුණේ නැ.සඳු අපිට වඩා අඩු කුලේලු.රෑ වෙලා අම්මා ඇවිත් කිව්වෙ එහෙම.
“ඒත් අම්මා….”
“ඇති ඇති ඕක ඔතනින්ම නවත්තනවා”
ඒ කතාවෙන් පස්සෙ මම ගෙදරටම කොටු උනා.සඳුනි ගැන ආරංචියක්වත් නෑ.මගෙ හිතේ සඳුනිට තිබ්බ තැන ගන්න කාටවත්ම බැරි උණා.එයාව අමතක කරන්නත් එක්කම මම මැරීගෙන පාඩම් කලා.අවසානෙට නතර උනේ වෛද්ය විද්යාලයේ..
“ඔතනින් නවත්තන්න මහත්මයා”
එදා තිබුණු මියුරු හඬේ ⁣කිසි වෙනසක් වෙලා නෑ.මම වාහනය නතර කරලා ඒ දෙපා ළඟ වැඳ වැටුණේ නොකියාම ගියාට සමාව ඉල්ලන්නත් එක්කමයි.
වෙන්වීම කටුක උනත් අද ඇය ජීවිතේ යතාර්ථය තේරුම් අරන් උතුම් දහමට ඇතුළත් වෙලා.පිනට ලැදි වෙලා.මමත් ගිහි ජීවිතේ උන්නත් බැදීම් වලින් ඈත්.වෙලා ගිලනුන්ට උපකාර කරනවා.
ඉතිං මේ සංසාරේ මෙහෙමම ගෙවුණාවේ.
“තෙරුවන් සරණයි”
මෙහෙණින් වහන්සෙ පවසද්දි අවුරුදු ගානක් හිතේ තිබුණු දුක කඳුලුත් එක්ක දියවෙලාම ගියා.
නිමි ✍️
උපුටා ගැනීම: Hirusha Wijerathna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!