මෙම ඡායාරූපයේ සිටින්නේ ඊශ්‍රායලයේ තෙලවිව් නගරයේ ගණිකා කලාපයේ වීදියක සේවාදායකයන් අපේක්ෂාවෙන් සිටිණ තරුණියන් පිරිසකි. මෙහි ගණිකා නිවාස සඳහා විවිධ රවල තරුණියන් බලහත්කාරයෙන් පැහැරගෙන ඒම සහ විවිධ රැුකියා ඇබෑර්තු හා උසස් අධ්යාපන දැන්වීම් පළකර වංචනික ලෙස රවටාගෙන ඒම සිදුවෙයි.
තෙලවීව් ගණිකා නිවාස පාලිකාවන්, ගණිකාවන් හා බේරාගත් ගණිකාවන් ගේ සුභ සාධක මධ්යස්ථානයක පාලිකාව මෙන්ම ගිණිකා ජාවාරම්කරුවෙකු සමග රහස් පරීක්ෂක අරි බෙන්රෝයි විසින් කරනු ලබන දීර්ග සම්මුඛ සාකච්ඡුා හා විස්තර ‘ඔසිරිස්ගේ රන් ආකරය’ පොතේ සඳහන්ය. පැහැරගෙන ආ තරුණියන් කරනු ලබන පාපෝච්චාරණ බෙහෙවින් සිත් කම්පාකරවන සුළුය. මාධ්යවේදිනි රිව්කා ක්ලයින්බර්ග්ගේ ඝාතනයට බලපෑවේ ද ඇය මෙවැනි ගණිකා මඩම් සඳහා තරුණියක් පැහැරගෙන ඒම හා මිනිස් ජාවාරම් පිළිබඳව පිළිබඳව කරන ලද ගවේෂණාත්මක වාර්තාකරණයයි.
ශ්රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ක්රියාත්මක වෙන මිනිස් ජාවාරම්කරුවන්ගේ ඊළඟ ගොදුර සමහරවිට ඔබේ සොහොයුරිය, දියණිය හෝ තරුණ බිරිඳ විය හැකිය. එවැන්නකින් බේරී සිටීම සඳහා වැදගත් වන සාධක බොහොමයක් ‘ඔසිරිස්ගේ රන් ආකරය’ පොතේ විස්තරාත්මකව පැහැදිලි කර ඇත.
මෙය මීරිගම ආශිර්වාද ප්රකාශනයකි.

උපුටා ගැනීම: NP Wijerathna