19 වන ශත වර්ෂයේ හිරු කිරණ ඊජිත්තුවට උදාවත්ම ඒ හිරු කිරණ පරයා යුරෝපා ඇමරිකානු උණුසුම ඊජිප්තු පොලවේ සැගව හුන් මමීකෘත ආදිවැසියන්ටත් තදින් දැනුනි…දැනුනේ නයිල් නදී තෙරෙන් නික්ම නැව් නැගීමට වූ බැවිනි….
මෙතෙක් කල් ඊජිත්තුවට සාමාන්ය දෙයක්ව තිබූ නයිල් නදී තෙර විස්කම් පෑ තම ආදී මුතුන් මිත්තන්ගේ මමීකෘත සිරුරු යුරෝපීයන්ට හා ඇමරිකානුවන්ට අරුම පුදුම නිර්මාණයන් විය…ඔවුහූ සිය සංචාරයේ මතක සටහන් සපුරාගනු වස් මේ මමීකෘත සිරුරු මිලයට ගැනීමට උත්සුක වූහ.. සිරුරක් මිලයට ගැනීමට තරම් වත්කම් නොවූ සංචාරකයන් කලු වෙලද පොලෙන් මමීකෘත හිසක්,අතක් ,පයක් හෝ මිලයට ගත් හ ..
එයට සරිලන සේ මෙසේ ආ
ඇමරිකානු ,යුරෝපීයන්ට මෙතෙක් කල් පොලෝතලයේ සැතපී හුන් සිය ආදී මුතුන් මිත්තන්ගේ සිරුරු වීදි අයිනේ තබා විකුණන වෙලද පන්තියේ සීඝ්ර වර්ධනයක් විය…
නයිල් නදී තෙර පස සූරා දමමින් මමීකෘත සිය ආදි වැසියා හමු නොවූ කල ඔවූහූ යුරෝපියන්ට විකිණීමට මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන්,හිගන්නන්,මහල්ලන්,දිලින්දන් මරා හෝ ව්යාජව මමී සාදා සිය පසුම්බිය තර කරගත් හ….මේ මමීකෘත සිය මුතුන් මිත්තන් වීදී අයිනේ හිද විකුණන වෙලෙන්දෙක් වර්ෂ 1875 දී…
උපුටා ගැනීම:
shashika s bandara
