මේ ඔබ දකින්නේ ඊජිප්තුවේ සෙහෙල් දූපතේ පිහිටා ඇති මීටර් 2.5 ක් උස සහ මීටර් 3 ක් පළල ගල් කුලක ඊජිප්තු හයිරොග්ලිෆික්ස් හි ලියා ඇති සෙල්ලිපියක්. පාරාවෝ ජොසර්ගේ පාලන සමයේ (ක්රි.පූ. 2686 – ක්රි.පූ. 2613) වසර හතක නියඟය හා සාගතය පිළිබඳ කථාවක් මෙහි කියවෙනවා.
එම කතාවට අනුව ජෝසර් රජුගේ පාලන සමයේදී අවුරුදු 7ක දැඩි නියගයක් පැමින සියලුම භෝග විනාශ වී නයිල් නදිය හිදී පරාවෝවරු අන්ත අසරන තත්වයට පත්ව කෑමබීම හිගවී බොහෝ දෙනා හාමතේ මියගොස් තියෙනවා.
මීට වසර 2200 කට පමණ පෙර ටොලමික් රජු (ක්රි.පූ. 205 – 180) ටොලමික් රාජධානියේදී මෙම ගල් පුවරුව කොටා ඇති බව විශ්වාස කරනවා. ඒ කියන්නේ ටොලමික් රජුගේ සමයේදී මේක කොටන්නේ ඊට අවුරුදු 2400 කට කලින් වූ සිදුවීමක්.. හිතන්න, තමන්ගේ පාලන කාලයට පෙර,අවුරුදු 2000කට එහා සිදු වූ සිදුවීමක් සදහන් කරලා තියන්න තරම් නියගයේ බලපෑම පිලිබදව අතීතාවර්ජන මතකයක් ඔවුන් පෙළපතින් පෙලපතට ගෙනියන්න ඇද්ද..
ගල් තට්ටුවේ ඉහළ කොටසේ ඊජිප්තු දෙවිවරුන් තිදෙනෙකු සිටින අතර ඔවුන් ඉදිරිපිට ජොසර් රජු පූජා රැගෙන රැගෙන යන අයුරු නිරූපණය වෙනවා. වසර හතක් තිස්සේ නියඟය හා සාගතය නිසා දේශය ග්රහණය වී ඇති බැවින් රජතුමා කලබල වී කනස්සල්ලට පත්වන ආකාරයත්, නියඟය හේතුවෙන් ඊජිප්තුවරුන් දුක් විඳින ආකාරයත්, ඔවුන් මංමුලා සහගතව නීති කඩ කරමින් සිටින බවත්,ලිපිය විස්තර කරනවා.
පළමු පරිවර්තනයේ දී, අවුරුදු හතක සාගතයක් පිළිබඳ කථාව උත්පත්ති 41 (යෝසෙප්) හි බයිබලානුකුල කතාවට සම්බන්ධ වී ඇතැයි සිතන්න පුලුවන්.. ඒ කියන්නේ බයිබලයේ උත්පත්ති 41 දී මේ ගැන සදහ්න් වෙනවා.. නමුත් සෙල්ලිපිය ඊටත් කලින් නිර්මාණය වුවක්..
ඒ කියන්නේ උත්පත්ති 41 සදහන් කරන්නේ මීට වෙනස් කතාවක් වෙන්න පුලුවන්.. රාම්වණා මේ ගැන සදහන් කලේ බයිබලයේ එම කොටස බෞද්ධයෙක් උනත් අවසන් වන තුරු කියවලා බැලුවා හින්දා. සමහර විට මේ දෙකම සමාන කතාවක් කියන්න හෙතුව, බොහෝ මෑත පරීක්ෂණවලින් හෙළි වී තියෙනවා අවුරුදු හතක සාගතය නැගෙනහිර සෑම සංස්කෘතියකටම පොදු දෙයක් බව. අනිත් අතට අපේ ආච්චිලා සීයලා පවා කියන්නේ අවුරුදු 7ක සාහතයක් ගැන…( කොහම හරි කිතුනු යාලුවො කියන්න වෙනසක් තියෙනවන්ම්)
මෙසපොතේමියානු පුරාවෘත්තයක් ද අවුරුදු හතක සාගතයක් ගැන කථා කරන අතර සුප්රසිද්ධ ගිල්ගමේෂ්-එපෝස් හි අනු දෙවියන් විසින් අවුරුදු හතක් තිස්සේ සාගතයක් ගැන අනාවැකි පලකල ආකාරය සදහන් වෙනවා.එහම බලද්දි අවුරුදු 7 සාගතය බොහෝකාල වලට පොදු බවක් පේනවා.
කොහොම නමුත් මේ සෙල්ලිපිය නම් ගොඩක් සිත් ඇදගන්නවා..

අපේ ලෝකයේ පුදුමාකාර ඉතිහාසය ගැන වැඩි වැඩියෙන් ලිපි කියවන්න page එකට like කරලා එකතු වෙන්න.
උපුටා ගැනීම: රාම්වණා…