උඩරට රාජධානි සමයේ සුලබව පැවතුණු, එකගෙයි කෑම

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
උඩරට රාජධානි සමයේ සුලබව පැවතුණු, මෑත අතීතය වන තෙක්ම සමහර ගම් පළාත්වල දකින්න ලැබුණු “එකගෙයි කෑම” කියන්නේ එවකට පැවති සිරිත් අනුව තවත් සාමාන්‍ය විවාහ ක්‍රමයක්.

උඩරට රාජධානි සමයේ සුලබව පැවතුණු, මෑත අතීතය වන තෙක්ම සමහර ගම් පළාත්වල දකින්න ලැබුණු “එකගෙයි කෑම” කියන්නේ එවකට පැවති සිරිත් අනුව තවත් සාමාන්ය විවාහ ක්රමයක්.

පුරාන සිංහල විවාහයන් කිහිපයක්.

1. දිග විවාහය

2. බින්න විවාහය
3. බහු පුරුෂ විවාහය
4. බහු භාර්යා විවාහය
5. නෑනා මස්සිනා විවාහය
6. එකගෙයි කෑම

කසාද සහතික, උප්පැන්න සහතික ආදී ලේඛන පිරුණු ඉංග්රීසි යටත්විජිත සමාජයේ දී එය පිළිකුල්සහගත සිරිතක් වුණා. අනුරාධපුර, පොළොන්නරු වගේ පුරාණ යුගවලත් එකගෙයි කෑම තිබෙන්න ඇති. නමුත් ඒ ගැන සාධක අපට හමුවන්නේ නෑ. මහනුවර රාජධානි යුගයේ පැවති මේ විවාහ සිරිත ගැන ඉංග්රීසි ජාතිකයන් ලියපු පොත්වල සදහන් කර තිබෙනවා. 1950-60 කාලය දක්වාත් උඩරට වගේම, පහතරටත් එකගෙයි කෑම පැවතුණු බවට සාධක හමුවෙනවා. සමාජය නවීකරණය වූ අද නම් මේ සිරිත දැකගැනීමට නැහැ. ජැක්සන් ඇන්තනි අධ්යක්ෂණය කළ “එකගෙයි සොකරි” චිත්රපටයට තේමා වී තිබෙන්නෙත් බිබිල ඇකිරියන්කුඹුර ගමේ එකගෙයි කන, සොකරි නටන පවුලක් ගැන යි. බැද්දෙගෙදර ටෙලිනාට්යයත් මේ සිදුවීම පාදක කරගත් නිර්මාණයක්.

“ඔවුන්ගේ විවාහය අද සමාජ ආකල්ප වලට අනුව නම් හාස්යජනක කරුණක්. ගැහැණු ළමයෙක් තම කුලයේ පුරුෂයකු සමග විවාහයට එළඹෙයි. පහුවෙනිදාට ස්වාමිපුරුෂයාගේ සහෝදරයකු ඔහුගේ ස්ථානය හිමිකර ගනී. සොහොයුරන් හත් දෙනකු සිටින්නේ නම් රාත්රියෙන් රාත්රියට මාරුවෙන් මාරුවට බෙදාගනිමින් එක්කෙනාගෙන් එක්කෙනාට වැඩි අයිතිවාසිකම් නොමැති වන ලෙස ඇය හැම දෙනාගේම බිරිය බවට පත්වෙයි. දහවල් කාලයේ දී ඇයගේ කුටිය ප්රයෝජනයට ගෙන නොමැති බව ඔවුන්ගෙන් කිසිවකු දුටුවේ නම් ඒ අවස්ථාවේ හැටියට ඔහුට ඇය සමග අඹුසැමියන් ලෙස හැසිරිය හැකිය. ඔහු එහි සිටින තුරු වෙනත් කිසිවකුට එහි ඇතුළු විය නොහැක. විවාහ ගිවිස ගත් පුද්ගලයා කවුරු වුවත් ඇයට අනෙක් සහෝදරයන් ප්රතික්ෂේෂ කළ නොහැකි ය. ඇය ඒ සියලු දෙනාගේම බිරිය යි. බාල සොහොයුරා විවාහ වුවහොත් පමණක් ඔහුගේ බිරිඳ පිළිබඳව අනෙක් සොයුරන්ට අයිතිවාසිකම් කිව නොහැක. නමුත් ඔහුට අනෙක් සොයුරන්ගේ බිරින්දෑවරුන් පිළිබද අයිතිය ඇත.”
(රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය,පරි. ටි. කේ. රුබේරු, 126 පිට)
අසම්මත සම්මත තාවය වෙන්නේ ඒ දවස් වල සමාජයේ පිළිගැනීම අනුව ..
ඒ දවස් වල හැටියට අනිවාර්යෙන් එය සම්මතයි.
ඉතිහාසය කියවිය යුත්තේ කාලයට සමගාමීවයි. අදින් වසර තිහකට පෙර දකුණු අප්රිකාවේ කළු හමක් ඇත්තා වහලෙක්. පනහකට පෙර ඕස්ට්රේලියාවේ උරුමකරුවන් වන ස්වදේශික අබෝරිජින් වරු සැලකුනේ සත්ව කොට්ටාශයක් හැටියට. කොන්ගෝවේ සිට ගෙනාව ලමයි බෙල්ජියමේ සුරතල් සතුන් ලෙස ඇති කරලා තියෙනව කූඩු කරා.. ලොකු වුනාම වහල් මෙහෙයට අරගෙන නැත්නම් මරා දාලා. “අද” නීති දිහා බලලා “එදා” සමාජයට හිනාවෙන්නේ මේ බව නොතේරෙන මිනිස්සු.
එම කාර්යය මනා සංයමයක් ඇතුව කල කාර්යයක් බව පැරණි විස්තර අඩංගු පොත් පත්වල සඳහන්. අව්ශ්යනම් සොයාගන කියවන්න. අමුඩෙ පේ කරනවා , කුල්ල පේ කරනවා කියන්නෙ බිරිඳ සමග යහන්ගතවන විට අදාල පිරිමියා විසින් අමුඩෙ දොර උඩින් දැමීම හෝ, කුල්ල කාමරය ඉදිරිපිටින් තැබීමෙන් සංඥාවක් දීමයි.
බොහෝ දුරට එකගෙයි පවුල් කන්නේ ඉස්සර පැවති කෘෂිකාර්මික අර්ත රටාවත් සමග දරුවන් විශාල ප්රමානයක් සෑදීමත්,ඔවුන්ගේ බඩවල් පිරවීමට ගොවිතැන් කිරීමට අවශ්ය බිම් ප්රමාන රැකගැනීමත් වැනි කාරනා උඩ. වලව් වලනම් ඉඩකඩම් බෙදී ගොස් පවුලේ වංශවත් බවට හානිවේයැයි සිතා. ගොඩක් වෙලාවට ඇවැස්ස නෑනා තමයි මේ විදිහට කැන්දන් එන්නෙ.

එක් සොයුරෙක් නිවසේ රැය ගත් කරද්දී,අමුඩ ලේන්සුවෙන් කුල්ලෙන් ඒ බව දැන්නුව.. ඒ දවසට අනෙකා පැල් රැකීමට,හේන් රැකීමට යනට සිදුවුණා..ඒ හා බැදි සංස්කෘතියක් පැල් කවි ඇසුරෙන් බිහි වුනා.. රෑට පැල් රකින සහෝදරය කියපු ඉතාමත්ම රසවත් කවි තියනව කියවන්න වටිනව ඒ කාලෙ සමාජ ආකල්ප තේරුම් ගන්න.

රොබට් නොක්ස් පවා මේ පිලිබද පැහැදිලි කර තියනව..

හැබැයි සමහර මත පවතිනව මෙය හෙළ සිරිතක් ලෙස අර්ථ ගැන්වීම වැරදි බවට, මෙය පසුකාලීනව මහනුවර යුගයේදී දකුණු ඉන්දියානු අභාෂය සහිතව මෙරට ස්ථාපිත වූවක් බවයි සමහරුන්ගේ අදහස.

මේ ගැන ඔබේ අදහස මොකක්ද,..?

ඔබෙත් පරම්පරාවෙ මේ ගැන තොරතුරු තියනවනම් කියන්නකො,…

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!