රහස් පරීක්ෂක තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වුණා. අයදුම්කරුගේ පෙනුම, අධ්යාපන සුදුසුකම් සහ වෙනත් සාධක සලකා බලා අවසාන පරීක්ෂණය සඳහා යොමු කර තිබුණේ අයදුම්කරුවන් දෙදෙනෙක් සහ අයදුම්කාරියක් පමණ යි.
පරීක්ෂකවරයා පළමු අයදුම්කරුට පින්තූරයක් පෙන්නුවා. මොහොතකට පමණයි.
‘‘මේ පින්තූරයේ ඉන්න තැනැත්තා ගැන ඔබට කියන්න පුළුවන් මොනවාද?‘‘
‘‘එයාට තියෙන්නෙ එක ඇහැයි.‘‘
‘‘වැරැදියි. මං පෙන්නුවෙ පැත්තට ගත්ත පින්තූරයක්. ඒ නිසා තමයි එක ඇහැක් විතරක් පෙනෙන්නේ. රහස් පරීක්ෂකයෙක් වෙන්න නම් මීට වඩා කල්පනාකාරී වෙන්න ඕන.‘‘
පරීක්ෂකවරයා දෙවන අයදුම්කරුටත් ඒ පින්තූරය පෙන්නුවා. මොහොතකට පමණයි.
‘‘ඔබේ අදහස මොකක්ද?‘‘
‘‘එයාට එක කනක් නෑ.‘‘
පරීක්ෂකවරයා දෙවැන්නා දෙස ද නුරුස්නා බැල්මක් හෙළුවා.
දැන් ඉන්නෙ අයදුම්කාරිය, සිල්වියා. ඔහු ඇයටත් පින්තූරය පෙන්නුවා.
අදහස විමසුවා.
‘‘මේ පින්තූරෙ ඉන්න තැනැත්තා අක්ෂි කාච (Contact Lenses) පාවිච්චි කරන කෙනෙක්.‘‘ ඇය පිළිතුරු දුන්නා.
පරීක්ෂකවරයාගේ ඇස් උඩ ගියා. ‘ඒක කොහොමද කිව්වේ?‘ ඔහුට පුදුමයි. ඒත් පින්තූරයට අදාළ පුද්ගලයා අක්ෂි බද්ධ කළ අයෙක් ද කියා ඔහු දන්නෙත් නෑ. වහාම කාර්යාලයට ගිය ඔහු ඒ පිළිබඳව විමසුවා ම පින්තූරය අයත් පුද්ගලයා අක්ෂි කාච පාවිච්චි කරන්නෙක් බව දැනගන්නට ලැබුණා.
දැන් ඔහු සිල්වියා පත් කරගන්නයි හදන්නේ. ඒත් ඇය ඒක දැන ගත්තේ කොහොමද කියලා අහගන්න තුරු ඔහුට ඉවසිල්ලක් නෑ.
‘‘ඇත්තෙන් ම සිල්වියා. රහස් පරීක්ෂක නිලධාරිනියන් තමයි අපට අඩු. අපේ දෙපාර්තමේන්තුවට ඔයා වගේ අති දක්ෂ තරුණියන් බඳවා ගන්න පුළුවන් නම්, මේ රටේ අපරාධ රැල්ල ඉතාම ඉක්මනින් සම්පූර්ණයෙන් ම මර්දනය කරන්න හැකි වනවා නො අනුමානයි.‘‘
‘‘බොහොම ස්තුතියි සර්.‘‘
‘‘ඇත්තට ම, ඔයා කොහොමද එක පාරට ම ඒ වගේ දෙයක් නිගමනය කළේ?‘‘
‘‘ඇයි සර්. ඒක කොච්චර සුළු දෙයක්ද?‘‘
‘‘සුුළු දෙයක්. ඒ කෙහොමද?‘‘
‘‘මොකක්ද සර්. ඒක තේරෙන්නෙ නැද්ද? එක කනකුයි, ඇහැකුයි තියාගෙන කන්නාඩි කූට්ටමක් පළඳීන්න බෑනෙ.‘‘ සිල්වියා ජයග්රාහී ලෙස උත්තර දුන්නා.
උපුටා ගැනීම: මහින්ද ගුණවර්ධන.