තම රටේ නායකයා ඍජු චන්දයෙන් තෝරා පත් කර ගන්නා ප්රජාතන්ත්රවාදී රාජ්යයකට එවන් නායකයෙක් චන්දයෙන් තේරී පත් වූ අවස්ථාවකි .ඊලගට මුළු රටේම අවධානය යොමු වූයේ නව පාලක විසින් පත් කර ගන්නා තමාගේ උපනායක කවුද කියන කරුනටයි.
ඒ සදහා පමණක් නොව රටේ නායකත්වයට පවා සුදුසු කීප දෙනෙකු කෙරේම රටේ අවදානය යොමුව තිබුණි.නව නායකතුමා පිලිවෙලට වැඩක් කරන කෙනෙකු බැවින් තනතුර සදහා සම්මුඛ පරීක්ෂණයක් කැදවන ලදී .පලමු ව කැදවන ලද්දේ පසුගිය වකවානුවේ සංවර්ධන ව්යාපෘතියක් භාරව කටයුතු කල අයෙකි.පරීක්ෂණයේ ආරම්භය වුයේ නායකතුමා විසින් අසන ලද මේ පැනයෙනි.
“එකයි එකයි කීයද?’
“එකයි එකයි දෙකයිනෙ නායකතුමා “
නායකතුමා සෑහීමකට පත් නොවූ ලෙස
“ඔය තරම් සරලව ප්රශ්න දිහා බලන කෙනෙකු මේ වැඩේට හරි යන්නේ නෑ”
පරීක්ෂණය අවසන් වූ අතර පළමු වෙනියා අසමත්ය.ඔහු එලියට පැමිනෙන විටම දෙවෙනියට යාමට සිටි කෙනා ඔහුට ලංවී විස්තර අසද්දී
“මේකා එකයි එකයි කීයද කියල ඇහුවා .මම දෙකයි කිව්වම වැරදියිලු”
දෙවෙනියට කැදවූ පුද්ගලයා ජාත්යන්තර මට්ටමේ උසස් අධ්යාපනයක් ලැබූ කතාවේ දක්ශයකු විය.ඔහුට ද ලැබුනේ පලමු පැණයමය.පළමු වෙනියාගේ විස්තර සිතේ තබා ගත් දෙවෙනියා
“මේකයි නායකතුමා .හුග දෙනෙක් හිතනවා එකයි එකයි දෙකයි කියල .එහෙම නෙවෙයි ඇත්ත වශයෙන්ම එකයි එකයි එකොළහයි.”
නායකතුමා ඒත් සෑහීමකට පත් වූයේ නැත.
“අයිශෙ තමුසෙලා ප්රශ්නයක් දිහා ඕනෑවට වඩා හිතනවානෙ.එහෙම අයට මාත් එක්ක වැඩ කරන්න බෑ” දෙවෙනියාද අසමත් ය.
ඊලගට කැදවූයේ කවුරුන් බලා පොරොත්තු නොවූ එහෙත් නායකතුමා ගැන හොඳට වැටහීමක් තිබුණු අයෙකි .නායකතුමාටද ඔහු ගැන යම් පැහැදීමක් තිබුණද එය පෙන්වන්නට ගියේ නැත.
තෙවෙනියා කැදවූ නායක තැන
‘තමුන් කියමු බලන්න එකයි එකයි කීයද කියල ‘
වට පිට බැලූ තෙවෙනියා පුටුවෙන් මදක් ඉස්සී
නායකතුමා දෙසට ම යොමු වී
“සර් කියන්නේ කීයයි කියලද”
පැනයෙන් කේන්තී ගන්නවා වෙනුවට නායකතුමා මදක් ඉවසිලිවන්තව ඔහු දෙස බලා තම අසුනේ හරි බැරි ගැසී
“හොදයි මම කිව්වොත් එකයි එකයි දහයයි කියල “
“හරි සර් සර් කියනවා නම් දහයයි කියලා මාත් කියන්නම් දහයයි කියල” තෙවෙනියා බොහොම උද්යෝගිමත්ව පිළිතුරු දුන්නා .
මුහුනට සිනහවක් නගා ගත් නායකතුමා
“මම හොය හොයා හිටියේ ඔයා වගේ කෙනෙක්ව තමයි .දිවුරුම් ද්රෙන්න නැකතක් බලල මට කියන්න.ඔයා තමයි මගෙ උපනායක “
උපුටා ගැනීම: බන්දුල පෙරේරා