එංගලන්තයේ මිනිසුන් භය කෙරූ මදුරුවෙක් වගේ මීමැස්සෙක්…. මල් පැණි බොන අමුතු සතෙක්…. (පරිසරය හා ස්වභාධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
බීස්ක්විටෝස් beesquitoes කියා හැඳින්වෙන කෘමීන් විශේෂයක් ගැන එංගලන්තෙන් වාර්තා වෙනවා. මේ අමුතු කෘමීන් විශේෂය පෙනුමෙන් මීමැස්සකුට හෝ බඹරකුට සමානයි. ඒ වගේ ම මදුරුවාට වගේ දිග ශුණ්ඩාවක් තියෙනවා. බැලූ බැල්මට ම එයින් දෂ්ට කරයි කියල එංගලන්තයේ මිනිස්සු භය වෙලා තියෙනවා.
මේ මීමැස්සකු වගේ පෙනුනට මේ කෘමියාගේ පස්සා පැත්තේ දෂ්ට කරන්න උල් තුඩක් නෑ. මේ ඉදිරිපස ඇති ශුණ්ඩාව තියෙන්නෙ මල් පැණි උරා බොන්නයි. ඒ නිසා ඉතාම අහිංසක සතෙක්, මිනිසුන්ට දෂ්ට කරන්නෙ නෑ කියලා තමා විශේෂඥයින් කියන්නේ.
එහෙනම් ඇයි මේ විදියට පෙනුමක් අර ඇවිත් තියෙන්නේ? ඒ ආත්මාරක්ෂාවටයි. ඒ කියන්නේ තමන් ගොදුරු කර ගන්න එන සතුරන්ගෙන් බේරෙන්න. ඔවුන් මේ විදියට මේ කෘමියා දැක්කාම ඒ බඹරකු හරි මීමැස්සකු හරි කියලා අත් ඇරදාලා යනවා.
මේ සතා සත්ව විද්යාත්මකව හැඳින්වෙන්නේ බොම්බිලියස් මේජර් Bombylius major කියලයි. එක්සත් රාජධානියේ නැගෙනහිර ඇන්ග්ලියාවේ බටහිර මිඩිලන්ඩ්ස්වල ගෙවුයන්වලද මේ වගේ සත්තු දකීන්න පුලුවන්..
මේ කෘමි විශේෂය එක්සත් රාජධානියට ආවේණික වුනත් පසුගිය වසරවල උතුරු ඇමරිකාවේත් යුරෝපය පුරාමත් දක්නට ලැබුණා. වගුරු බිම් අසල පෙදෙස් හැර සෙසු පෙදෙස්වල රොන් උරා බොමින් සිටිනවා බොහෝ දෙනා දැකල තියෙනවා.
කෙසේ වෙතත් මෙවර උණුසුම් කාලගුණය එළඹෙත් ම මේ සතුන් ලන්ඩනයේ ගෙවුයන්වල ඉතා විශාල වශයෙන් දක්නට ලැබීම නිසයි, මිනිස්සු භය වෙලා තියෙන්නෙ.
මේ බොම්බිලිස් මේජර් මැස්සකු අඟලක් තරම් දිගට වැඩෙනවා. මුහුණෙහි ඇති දිග ශුණ්ඩාව හරියට මදුරුවෙක් වගෙයි. හයිසින්ත් හා පිරම්රෝස් මල්වල පැණි උරා බොන්න පහසුවෙන්නයි, මේ විදියෙ එකක් තියෙන්නෙ කියලා සත්ව විශේෂඥයෝ කියන්නේ.
මේ සතා බිත්තර දමන්නෙත් ගුල් හාරා මී වද බඳින මීමැසි විශේෂවල කැදලිවලයි. ඒ බිත්තර පුපුරා කීටයන් ආ විට ඔවුනුත් ඒ කැදලි වලම ඉන්නවලු. ඒත් ඉතින් මීමැස්සන් වගේ පැනි එකතු කරගෙන යන්නේ නෑලු. එහෙම බලද්දි මේ සතා කපුටු කූඩුවල බිත්තර දමන කොහා වගේ පරපුටුවෙක්. සමහර විට මේ වෙස්වළා ගැනීම අනුන්ගේ කැදලිවල බිත්තර දමලා උන් ලවා සිය පැටවුන් ඇතිදැඩි කරවා ගන්න කරන උපකරමයක් වෙන්නත් පුළුවන්..
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!