අපේ තාත්තාගේ නැන්දාගේ නිවස අසල රජයේ පාසලක විදුහල්පතිවරයෙක් ජිවත් විය .ඔහුගේ විවාහක බිරිදද ඔහු හැර ගොස් සිටි අතර දරු මල්ලන්ද නොවුයෙන් ඔහු මහා විශාලයට හැදු සිය නිවෙසේ හුදකලා දිවියක් ගත කරන ලදි.
ඔහු සිය විවේක කාලයෙන් වැඩි කාලයක් පාසලේ ගත කල අතර නිවසට පැමිණි මොහොතේ සිට සිය අක්කර එකහාමාරක් වු ඉඩමේ වගා කටයුතු සිදු කරන ලදි .අසල්වාසීන් සමගත් වැඩි සබදතාවක් නොපැවැත්වු මේ විදුහල්පතිවරයා යම් ආශ්රයක් කලේ නම් ඒ අපේ තාත්තාගේ නැන්දාගේ පවුලේ අය සමග පමණි.
දවස තිස්සේ දැඩි සේ මහන්සි වන මොහුගේ බොහෝ විට රාත්රි ආහරය වන්නේ පොල් රොටීය.අපේ තාත්තාගේ නැන්දාගේ නිවසෙහි ව්ශේශ යමක් හෝ වැඩිපුර හොද්දක් බතක් සෑදුවහොත් මාමා ඉන් ටිකක් අර විදුහල්පතිවරයාටද ලබාදේ.දෙන දෙය ඉතාමත් සාදරයෙන් පිලිගන්නා ඔහු පසුදින ආහාරයේ රසවත් බව අගය කරමින් ආහාර ලබාදුන් බදුන සමග බිස්කට් පෙට්ටියක් නොවරදවාම ලබාදේ .ඒ ඔහුට පාසලේ දරුවන්ගෙන් නිතිපතා ලැබෙන බිස්කට් පෙට්ටි නිවසේ එකතුකර තබනා බිස්කට් ස0චිතයෙනි.
දිනක් සවස් වරුවේ නිවසේ සිටිය විදුහල්පතිවරයා අදුර වැටීමත් සමග නිවසේ සිටිනා බවක් නොපෙනුණ නිසත් ඔහුගේ කාරය සාලයේ තිබෙන නිසාත් ඔහුට යම් අසනීපයක්වත් සෑදී ඇත්දැයි සිතු මාමා වැට අසලට ගොස් කතා කර හෝඩුවාවක් නොවු තැන ගෙදරට ගොස් නිවසේ ප්රදාන දොරටුවට ටික වේලාවක් වැරෙන් තඩිබාන විට කෙදිරිගාමින් පැමිණි විදුහල්පතිවරයා අනේ මහත්තයා මට ඔලුව රදේ ඉවසගන්න බැහැ යනුවෙන් බොහෝ දුක්බර ලෙස පවසන ලදි .
ඉන්නකෝ සර් ඕකට හොද බේතක් අපේ ගෙදර තියනවා ,මම ඉක්මනින් අරගෙන එන්නම් යැයි පැවසු මාමා නැන්දාටත් නොකියා මේසේ උඩ තිබු බෝතලයක් රැගෙන විදුහල්පතිවරයාගේ නිවසට දුවගොස් එහි තිබු තෙල් විදුහල්පතිවරයාගේ හිසට දමා හිස අතගා තෙල් බෝතලයත් රැගෙන සිය නිවසට පැමිණ තෙල් බෝතලය මේසය මත තබන විට හිසරදයට ගල්වන තෙල් කුප්පිය මේසය මත තිබෙනු දැක විදුහල්පතිවරයාගේ හිසට ගල්වා ඇත්තේ කුමන තෙල්දැයි විමසිල්ලෙන් බලන ලදි .අහෝ ඒ මාමාගේ වෑන් එකේ එන්ජිමේ ඔයිල් මාරු කිරීමෙන් අනතුරුව ඉතිරි වූ තෙල් සහිත බෝතලයයි.
උපුටා ගැනීම: Nimanthi Dilrukshi