අපේ එකෙක් හිටියා ඉංග්රීසි වචන දාල කතා කරන්න පුරුදු වෙලා..මිනිහා කොළඹ ක්ලබ් එකක වැඩ කරපු එකෙක්..අපි ඒ දවස් වල කොළඹ තියා ගාල්ලෙන් එහාට තනියම ගිහින් නෑ…ඉතින් අරූ මාසෙකට දෙකකට සැරයක් ගමේ ඇවිත් දෙසන කෙබර කට ඇරං අහං ඉන්න අපිත් පුරුදු වෙලා හිටියා වගේම ඒවා ඇත්තම කියල විශ්වාසත් කලා..පස්සෙ කාලෙක තේරුම් ගියා බාගෙට බාගයක් උගේ ඔලුවෙ මැවිච්ච් දේවල් කියල..
දවසක් පාරෙ කයිය ගහගෙන ඉන්නකොට ක්ලබ් ගිය මෑන් කියනව සුද්දො ගැන..උන් වියදම් කරන හැටි බොන හැටි අරක මේක..අපිත් ඉතින් මැජික් වගේ අහං ඉන්නව..
බොලේ එතකොට බැක්පැක් එකක් කරේ ගහගත්ත සුද්දෙක් ජපන් බයිසිකල් එකක් පැදගෙන එනව පොඩි මැප් එකකුත් දිග ඇරගෙන..
සුද්ද අපි දැකල විදල ආව අපේ පැත්තට හෙලෝ මේට්ස් ගාගෙන..
අපිත් ඉතින් අපේ ක්ලබ් මෑන්ව දැම්ම ඉස්සරහට..
අරූ බය වෙලා වගේ සුද්ද ගාවට ගියා..
සුද්ද මොනාද මොනාද කියනව මැප් එක පෙන්නල..ඊට පස්සෙ අත දික්කරල පාර පෙන්නවා..
අපේ මෑන් බය වෙලා වගේ ටිකක් ඉදලා මෙහෙම කිව්වා..
” දිස් ජන්සන් නොට් ජන්සන්..සෙකන්ඩ් ජන්සන් ජන්සන්”
සුද්දා ටිකක් වෙලා බලං ඉදල අපිට චොකොලට් එකක් දීලා බයිසිකලේ පැදගෙන ගියා..
අරූ එදායින් පස්සෙ ඉංග්රීසි වදන් දෙන්න ආවේ නෑ…
උපුටා ගැනීම: Mahesh Neranjan Palliyaguru