ආකිමිඩිස් තම පර්යේශණ කටයුතු අතරතුර ඇතිවූ දැඩි තෙහෙට්ටුව නිසා තම දුබල ශරීරයට මඳක් විවේක දීම සඳහා නිඳා ගැනීමට තීරණය කළේය,
නමුත් ඔහු සිතුවේ හොඳින් ස්නානය කරාම නිදා ගත්තොත් හොඳයි කියාය,
“ආයා,
මට පොඩි හෙම්බිරිස්සා ගතියක් තියනවා,
වතුර ටිකක් උණු කරලා මාගේ නාන කාමරයේ තියන්න”
“හොඳමයි ආකිමිඩිස් මහත්තයා”
ආයා යනු තනිව ජීවත් වූ ආකිමිඩිස්ගේ නිවසේ අතුපතු ගෑම්,
අස් කිරීම් වැඩ කිරීමට මාසෙකට යූරෝ 120ක් ගෙවා වැඩට ගත් ගැහැනියයි,
ඇය වයස අවුරුදු 50ක් පමණ වූ කෙසඟ වැහැරී ගිය ශරීරයකින් හෙබි අවිවාහක කාන්තාවකි,
ඇය තම නිවසේ සිට ආකිමිඩිස්ගේ නිවසට සෑම දිනම උදෑසන පැමිණ සවස තම නිවස කරා යයි.
ආකිමිඩිස්ගේ හෙම්බිරිස්සා ගතිය නිසා ඇය රත් කළ වතුර හැලිය නිවසේ මෙහෙකාර කොළුවා සමඟ අස් රෙදි කඩකින් අල්ලාගෙන නාන කාමරය වෙත ගෙන ගියාය,
“පීටර්,
මහත්තයා කීවා උණු වතුර එකක් තියන්න කියලා”
“එහෙනම් මේ හැලියෙන් වතුර ලොකු නාන බේසමට එකට දාලා යමු ආයා,
දැන් වෙලාව 4.30 අපි යන්නත් එපායැ නේද ගෙවල් වල,
මොකෝ වැඩියෙන් හිටියා කියලා ආකි මහත්තයා අතිකාල ගෙවනවායැ”
“දන්නවනේ මහත්තා එනවා කීවාට එන වෙලාව,
වතුර එක නිවෙයිද දන්නේ නෑ පීටර්”
“එහෙනම් අපි උණුවතුර ටික බේසමට දාල තියලා යමු,
මහත්තයා ඇවිත් සීතල වතුර ලොකු නාන බේසමට ටිකක් පුරවලා උණු වතුර ටික දාගන්නේ නැතෑ ආයා”
ආකිමිඩිස් තම පර්යේශණ කටයුතු සිදු කරගෙන යද්දී කිසිම විටෙකත් එයට භාදා නොකරන ලෙස තම සේවකයන්ට තරයේ දන්වා ඇත,
දිනක් ආකිමිඩිස් සේවකයන් දෙදෙනා ගෙන්වා බෙල්ලේ ශිරා ඉලිප්පෙන ලෙස,
“තමුසෙලා එදා වහලෙට අත්තක් කඩා වැටුණා කියලා මට හදිස්සියේ මේ කාමරේට කඩාපැනලා කිව්ව එකෙන් තමුසෙලා දන්නවාද මට කොච්චර පාඩුවක් වුණාද කියලා,
මගේ ගණනය කිරීම් ඔක්කෝම වැරදුණා,
උඹලාගේ ඒ සද්දේට මම වැටිලා අතත් හම ගියා,
මම ඒ සද්දේට වැරදිලා විකර්ණේ වර්ගමූලයට තමයි සමාන කරලා තියෙන්නේ ලම්භ පාද දෙකේ වර්ග එලය,
අන්තිමට පයිතගරසයා ටයිල් කැට ටිකක් දිහා බලන් ඉඳලා ඌ හොයා ගත්තා
“ලම්භ පාද දෙකේ වර්ගවල එකතුව විකර්ණයේ වර්ග වල එකතුවට සමාන වේ කියලා”
යකෝ,
බලපල්ලා උඹල හින්දා ඌගේ නම යනවා,
මගේ හම යනවා”
මේ සිදුවීම ආයාට හා පීටර්ට හොඳින් මතකය,
එම නිසා වතුර උණුකර තබා ඇත කියා කීවේ නැත,
ඔවුන් ගානට වෙලාව්ටා 4.30ට නිවසෙන් පිටවී ගියෝය…
කෙසේ හෝ ආකිමිඩිස් ශරීරයට නැවුම් බවක් ගෙන ඒමට කියා නාකියා ගැනීමට තම වෙව්ලන දකුණතින් රට අඹ ලීයෙන් සාදා වුඩ් ප්රිසවේටිව ගා, ස්ටේන් කෝට් දෙකක් හා ටොප් කෝට් එකක් ගා වෝටර් බේස් කළ හැරමිටිය බාතෲම් එකේ දොර ලඟ තබා,
දොර ඇරියේය,
බාතෲම් එකේ තනිකර දුම් වලින් පිරිලාය
දුම් අතරින් ළාවට ආකි බේසම දුටුවේය,
“අද මුන් වතුර දාලා තියෙනේ ටග් එකට නෙවෙයි,
බේසමේම තමයි නාගන්න වෙන්නේ”
කියා තම කබාය හා කලිසම ගලවා හැඟර් එකේ එල්වා,
දැතට් වාරුගෙන උණුවතුර බේසමේ හිඳගත්තේය,
නැගිටීම්ටද වාරු නැත,
දුම් ගහන,
ගිනිගහන වතුරට පිළිවෙලින් ඔහුගේ සියළු අවයවයන් පිළිස්සෙන්ට විය,
ඔහුට ඔරායන්ගේ බඳපටිය මහ වළසාගේ ගෙලට දමා ඇදගෙන යන ජුපිටර් ඇස් පනා පිට පේන්නට විය,
“හික්”
ගෑවුණි,
ඔහු ඒ ගැම්මෙන්ම නැඟිටින්නට විය,
අත ලිස්සා ගොස් නැවතත් ගිනි ගහනා උණුවතුරේ වැටිණි,
“ආවුච්….
ටෞකන්න ආයා…
වෙට්ට පා$….
තොපිට හතරයි තිහට ගෙදර දුවන්න ඕනේ වුණා”
නැවත දඟලා බේසම පෙරළා බිම බඩගා නැඟිටගත් ඔහු ගිනි කැක්කුම සහ බොයිල්ඩ් හයි සිකියුරිටි සෝන්හි වේදනාව සමඟ පිස්සුවෙන් මෙන් දිවීමට පටන් ගත්තේය,
ඔහු දුටු තරල බේසමෙන් ගලා යාමක් නැත,
ඔහුගේ ඉනෙන් පහල සියළු අත්යාවශ්ය ඉන්ද්රියන් උණුවතුර ප්රහාරයට ලක්වීඇත,
හැරමිටියෙන් ගිය ඔහු ග්රීසිය පුරා
“යුරේකා…
යුරේකා…”
කියමින් දිව්වේය…
වේදනාවත් සමඟම ඒ මහළු දෙපා අතිශය ක්රියාකාරී විය,
ග්රීසියේ යුරේකා වල සැබෑ අරුත පිච්චුණා කියන එකයි…
නමුත් තම රටට හාල්පොත මෙන සිටි ආකිමිඩිස් මේ ගැසු බුල වැසීමට එරට ග්රීක වැසියෝ කටයුතු කළහ,
බලන්න ඒ මිනිසුන් ආකිමිඩිස්ට අසරණවීමට නොදී
“යුරේකා ” = “සොයාගත්තා”
කියා ඔවුනගේ ශබ්දකෝශයේ වෙස් කරපු හැටි…
බලන්න ඒ මිනිස්සුන්ගේ තියෙන හැදියාව…
ඔන්න ඕකයි කතාව…
ඒකට අනුකම්පා කිරීමක් ලෙස ආකිමිඩිස් නියමය ගෙන එන්නට විය…
උදේ ගෙදර ඉන්න ගමන් හිතුණේ…
නෑ ඇත්තටම ඔච්චර වැදගත් දාර්ශණිකයෙක්නම් ඇඳුම් නැතිව දුවන්ඩ තරම් පිස්සුද,
පිලිගන්ඩ බෑ සාන්ත.
සෙයා පාරක් දාන්න ප්රෙන්ස් අන් අයටත් දැන ගන්ට
උපුටා ගැනීම: Tharu Rajapaksha