ඒයා ආදරනීය සෙල්ටන් මහත්තයා………….. (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සර් පන්තියට ඇවිත් එයා ආවම ලමයි නැගිටින්න ඔනි නෑ කියලා කළු ලෑල්ල එයාම මකලා වැඩ පටන් ගන්නවා.මම දෙන සටහන් අනිවාරයෙන් විභාගෙට එනවා ඒක නිසා නිශ්ශබ්දව අහගෙන ලියා ගන්න කියලා එයා කියනවා.ලමයි සර්ට් යට කරලද නැද්ද? බොත්තම් දාලද ? සෙන්ට් ගාලද? ජෙල් ගාලද?පොන් 1 කනේද ? ලියනවාද නැද්ද එයා කවදාවත් හොයන්නෙ බලන්නෙ නෑ.
තිසි දිනක ඔයි තමුසෙ උඹ බං කියලා නෑ දුවේ පුතේ කියලා පැනි ගාලත් නෑ..අපිට හිරි හැර නැති නිසා අපි එයාව බයිට් කරලා නෑ.එයාට කවුරුත් අනුවර්ත නම් දාලත් නෑ.අපි විහිළු කලත් එයාට ගානක් නෑ.සර් කියනවාට එයා කැමති නෑ. පාසලෙන් පිටදි එයා අපිව හදුනන්නෙත් නෑ.
.එයා කියනවා සර් ඉතින් විදුහල්පති එයත් ඔයගොල්ලන්ගෙ බොස් නෙවෙයි ගුරුවරුන්ගෙ බොස් කියලා.ස්ටාෆ එකට නංගී අක්කේ මල්ලීයෙ කියලා පැනි අයිසිං ගාලා කතා නැති හින්දා ගුරුවරු අතරෙ එයාට තැනක් නෑ.
ගුඩ් මොනින් කියුවත් එයා දෙන්නෙ හිනාවක් විතරයි.A/L කලා එයා උගන්නපුවා හරියටම ආවා. හරියට එයා පේපරය හැදුවා වගෙ.වෙන අවුරුදු වලත් එහෙමයි කියලා එයාගෙන් උගන ගත් අය කියනවා.ඉස්කොල වල ගුරුවරු ඕනියට එපාවට සිලබස් දෙන නිසා එයත් ඒ ගොඩේ වගේ කාටත් හිතෙන්නෙ’..
දිනක් නොවැම්බර්30 නිවාඩු දවසක අපි යාළුවො වතුර ගහ ගත්තා. පන්තිකාමරයක දොර ක් අබියස කෙනෙකු තවමිතුරකුට වතුර පහරක් ඒල්ල කලා ….සැනින් මිතුරා වතුර පහරට දිව ගිය අතර පන්තිකාමරයෙ දොරින්මතු වූ සෙල්ටන් මහත්තයා වතුර පහරෙන් නෑවී ගියා..අපි හැමොටම හරිම දුකයි ..
වතුර ගහගත්ත සැවොම ඔහු හමුවි සමාව අයද සිටියා..ඔහු කීවේ ඔයාලා පොඩි කාලයක් මෙතන ඉදලා අරං යන වටිනාම දේ මිතුරුසහෝදර කම කියලා..ඒක ඔයාලාගෙ ජීවිත වලට හරිම වැදගත්..මේ සිදුවීමත් ඒ සොදුරු මතක අතර තියෙවි..මගෙන් සමාව ගන්නවත් වදින්නවත් අවශ්ය නෑ..
ඔයාලා වරදක් කරලත් නෑ..ඔයලා ජීවිතෙ දිනලා ලොකු තැන්වලට ගිහින් අතිතය මතක් කරන විට මේ සිදුවීමත් අතීතාවර්ජනයෙ රසබර තැනක් වේවි…ඒදා ඒයා අපිට ඒහෙම කයලා ක්වාටස් 1ට ගිහින් වෙන අැදුමක් අැදගෙන අාවා….
ඒයා කේලම් කරුවෙක් කියලා වැරදි වැටහිමකින් වැඩිහිටි ශිෂ්යයෙ ඒයාගෙ කෙලරයෙන් අල්ලා තර්ජනය කල අවස්තාවකුත් කියවෙනවා…ඒත් ඒයා නිහඩව ඉදලා…දැන් ඒ ශිෂයා දක්ෂ ලෝය කෙනෙක්..සෙල්ටන් සර් බලන්න ඒ ලොය තාම ඒනවා .
.ඒයා කියන්නෙ ඒයාට ගොලයො නෑ කියලා…ඒයා රටේ තව වැටුප් ලබන ඒක් වෘත්තියක් කල කෙනෙක් විතරයිලු….තම වෘත්තීය ජීවිතයෙ කිසිම දරුවකුට නියපිටින් පහරක් ගසා නැති ඒක ගැන ඒයාට නිහඩ සටුක් තියන වග නම් අර ලෝය සමග දවසක් කියලා තිබුනාලු….
…ඒයා බලන්න ඒන අය ගෙන් කිසිවක් ඒයා බාර ගන් නෑ..කෙසෙල් අැවරියක් ගෙනිච්චොත් දොතින්ම ඒක අරගෙ ස්තූති කරලා අර ගොලයා ඒනකොට අාපසු දෙනවා…..
.අැත්තටම දෙවි වරු සුවද විදිනවා විතරයි කන්නේ නෑ…… කියන ඒක මට මතක් වෙනවා…
. ඒයා භාෂා 3-4ක්ම හොදට දන්නවා..කිසිම අාගමික නැබුරුතාවක් හෙම නැති ඒයා ලග..බුදු සරන දෙවි පිහිට සුබ පැතුම් මොකුත්ම නෑ..පුංචි සිහින් සිනාවක් වැඩි දෙයක් ඒයා ලග නෑ….අවිවාහක දිවියක් ගෙවන ඔහු සාමාන්යයෙන් අසාමාන්ය කෙනෙක්…
.ගුරුහොරු අතර එයා ආදරනීය මිනිසකු කියලා මට හිතිලා ගුරුවරුන්ට වදින්න කැමති නැති මම එයාට වැන්දා….අම්මට තාත්තට විතරක් වදින්න වෙන කිසි කෙනෙකුට කිසිදිනක වදින්න එපා………..හැබැයි ඔයා හැමදාම ඔයාට වදින්න කියලා ලෙන්ගතු ලෙස පිටට තට්ටු කලා……
…………බලෙන් වන්ද ගන්න පාසල්වල නීති දාගෙන වන්ද ගන්න අද කාලේ…..මම කැම්පස් ඇවිත් වසර2කට විතර පස්සෙ එයා කියපු තමන් හැමදාම තමන්ට වදින්න කියන දේ තියෙන ගැඹුරුම අරුත තේරම් ගන්නවා .
.ඒනම් .අසමසමව යුක්ති දහමින් ජීවත් වී රහසින් තමාගැන අාඩම්බර වන්න කියන ඒක..ඇත්තෙන්ම එයා ආදනීය මිනිසකු තමයි..
උපුටා ගැනීමක් නවාන් මුතලිෆ්ගේ බොලොග් පිට

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!