ෆාස්ට් ෆුඩ් කෑවා ම වෙන්නේ මොකද? (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ආහාර ගැන කථා කිරීමේ දී ක්ෂණික ආහාර ගැන අපට කථා නො කරම බැහැ. ඒ තරමට අද අප ක්ෂණික ආහාර මත යැපෙන්නට පටන් ගෙන තිබේ. කාර්ය බහුල දිවි ජීවිතයක් ගත කරන අප බඩ කට පුරවා ගැනීම සඳහා ඉක්මනින් හා ලෙහෙසියෙන් සකස් කර ගත හැකි ආහාර වර්ග වෙත නැඹුරු වී ඇත. ඒත් ඒ ආහාර වර්ග අපගේ ශරීරයට කොතරම් හිතකර වන්නේ ද යන්න පිළිබඳ අප එතරම් අවධානයක් යොමු කරන්නේ නැත. අපගේ ආහාරයේ ගුණ අගුණ පිළිබඳ සොයා බැලීමට පවා අද අපට කාලයක් නොමැති තරම්ය. ඒ නිසා අප දැන හෝ නොදැන දරුවන්ට වස කවමින් අපි ද වස කන්නෙමු.
ක්ෂණික ආහාරවල සඳහා රසකාරක බොහෝමයක් එකතු කරනුයේ ඒවායේ කල් පැවැත්ම සඳහාය. මෙසේ කල් පැවැත්ම සඳහා යොදා ගන්නා රස කාරකවල අඩංගු රසායනික ද්රව්මිනිසාට බොහෝ සේ හානිකරය. විශේෂයෙන්ම අපගේ ආහාර මාර්ගයේ පවතින හිතකර බැක්ටීරියා වර්ග මෙම ක්ෂණික ආහාර තුළ පවතින විස රසායනික හේතුවෙන් විනාශයට පත්වේ. ආහාර මාර්ගයේ පවතින හිතකර බැක්ටීරියා විනාශ වූ පසුව අපගේ ආහාර මාර්ගයේ ඉතිරි වන්නේ ශරීරයට අහිතකර බැක්ටීරියා වර්ග පමණි. එම අහිතකර බැක්ටීරියා වර්ග ආහාර මාර්ගයේ වැටි වැඩියෙන් බෝ වී අප ලෙඩ රෝග කරා ගමන් ඉක්මනින් තල්ලු කරයි.
එපමණක් නොව රසකාරක අඩංගු කරන ලද ක්ෂණික ආහාර ගැනීමෙන් එහි රසායනික ද්රව්ය අපගේ ශරීරයේ අභ්යන්තර අවයවවල තැන්පත් වී එම අවයව අඩපණ කරවයි. මෙසේ අඩපණ කරනු ලබන අවයව නිසි පරිදි ක්රියාත්මක නොවන අතර එයින් අපගේ පරිවෘත්තීය ක්රියා පද්ධතිය පවා අඩපණ කරවයි. විශේෂයෙන්ම මේ වන විට වකුගඩු රෝග, අක්ෂි රෝග, හෘදයාබාධ, අස්ථි රෝග, රුධිරගත සීනි මට්ටම ඉහළ යාම, කොලෙස්ටරොල් මට්ටම ඉහළ යාම පමණක් නොව ස්නායු පද්ධතියේ යම් යම් රෝගී තත්ත්ව බහුල වීමට මෙය හේතු වී තිබේ.
එසේම මේ වන විට කුඩා දරුවන් ගත් කල ඉතාමත් වේගයෙන් බෝ නොවන රෝගවලට ගොදුරු වෙමින් පවතියි. බොහෝ විට අපගේ දරුවන් තෙල්, සීනි, පිටි අධික ක්ෂණික ආහාරවලට හුරු වීම හේතුවෙන් හා නිසි ව්යායාම නොමැති වීම හේතුවෙන් ස්ථූල භාවයට හා අධි බරට ළඟා වීම වේගයෙන් සිදු වෙමින් පවතියි.
අද බොහෝ දරුවන් පිපාසයට පිරිසිදු ඇල් දිය වෙනුවට ක්ෂණික පැණි බීම වර්ගවලට නැඹුරු වීම සුලබ ලෙස දැකිය හැකිය. මෙයින් දරුවන්ගේ රුධිරය රෝගී කරවමින් සදාකාලික රෝගීන් බවට පත් කරන බව රහසක් නොවේ.
වැඩිහිටියන් වන අපට දරුවන්ට ක්ෂණික ආහාර වෙනුවට කොළ කැඳ, නැවුම් එළවළු, පළතුරු, ස්වාභාවික පාන වර්ග ලබා දීමට කටයුතු කළ හැකි නම් දරුවන්ගේ ආයු කාලය කෙටි කරන ක්ෂණික ආහාර රැල්ලෙන් ඔවුන් මුදවා ගත හැකිය.
විශේෂයෙන්ම මේ වන විට වෙළෙඳපොළේ පවතින ආහාර පිළිබඳ ව නිසි සොයා බැලීමක් හෝ පරික්ෂණයක් කිරමට සෞඛ්ය අමාත්යංශයේ ආහාර කමිටුව ක්රියා නොකිරීම බරපතළ තත්ත්වයකි. එහි පවතින අකර්මන්යතාව බොහෝ කූට ව්යාපාරිකයින් අවස්ථාවක් කර ගෙන තිබේ.
එසේම ක්ෂණික ආහාර මෙන් ම රතු පැහැති මස් වර්ග ආහාරයට ගැනීමත් කිසි සේත් ම සුදුසු නොවන බව ලෝක සෞඛ්ය සංවිධානය මගින් පවා ප්රකාශයට පත් කර ඇත. රත් පැහැති මස්වල පිළිකා සෛල වර්ධනය කිරීමේ හැකියාවක් පවතින බව හෙළිදරව් වී ඇත.
එසේම සත්ව හා ශාක ආහාරවලට රස කාරක ඇතුළත් කර ඒවා මිනිස් ආහාර ලෙස පරිභෝජනයට ලබා දීම මගින් ද අපගේ ශරීරයට විස කාරක ඇතුළු වෙයි. එපමණක් නොව කුකුළන්ට ලබාදෙන ආහාරවලට රසකාරක ඇතුළත් කිරීමෙන් අනතුරුව එම ආහාර කුකුළන් අනුභව කළ විට ඒවා සතාගේ අක්මාවේ හා ශරීරයේ අනෙකුත් ස්ථානවල තැන්පත් වන අතර එම මස් අනුභව කළ විට එම රසායන මිනිස් සිරුරට ඇතුළු වේ. මෙවැනි ආහාර ද ක්ෂණික ආහාරය මෙන් ම මිනිස් සිරුරට හානිකරය.
අපගේ ජීවිත කාලය දැන් බොහෝ දුරට ගෙවී ගොසිනි. එහෙයින් අප අගේ දරුවන්ගේ ජීවිත හෝ මේ ක්ෂණික ආහාර ව්යසනයෙන් රැක ගැනීමට උත්සහ කරමු.
උපදෙස්
ළමා රෝග විශේෂඥ වෛද්ය අනුරුද්ධ පාදෙනිය
ජ්වේ ආර්යා ළමා රෝහල
උපුටා ගැනීම: Suwa arana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!