ෆ්‍රිජ් එක (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම ජීවත් වෙන්නෙ සවුදියේනේ. නිර්මලයි, පැටව් දෙන්නයි ලන්කාවට ගියේ 2014දී. එදා සිට තනිකඩ ජීවිතේ. ඔය තනිකඩ ජීවිතේ අමාරුම තැන් කීපයක් තියනවා. ඒකෙන් එකක් තමා ෆ්රිජ් එක අස් කරන එක.
මගේ ගෙදර සුද්ද කරන්න මිනිහෙක් – ගෑනියෙක් නෙවෙයි බන් වයසක බන්ගාලි මිනිහෙක් – එනවා. ඔය මනුස්සයා ෆ්රිජ් එක අස් කරන් නෑ. ඉතින් ඒ මහා භාරදූර කර්තව්ය පැවරිලා තියෙන්නේ මටමයි ආයුබෝවන්ට. මම ඒ තරන් ඔය අස් පස් කිරිල්ලට දක්ෂ කෙනෙකුත් නෙවෙයි. ඇත්තටම ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කිව්වට මම මොන රෙද්දකටවත් සමත් නෑ කියල තමා මට හිතෙන්නේ. නිර්මලානන් කියනවා මම බොරු කියන්නයි, ගෑනු දිහා මාලෙ කඩා ගන්න වගේ බලන්නයි සමත් කියලා. ඒක ඉතින් හැම වයිෆ්ම කියන දෙයක්නේ.
‘අප්පච්චි ගොඩ කාලකින් ෆ්රිජ් එක අස් කරේ නෑ නේද ඔයා?’ කියලා ඕන් මේ ලඟදි දවසක ඇහුවා හරියට ආන්ඩුවේ ඔඩිටර් ජෙනරාල් වගේ. ‘අපෝ මම ඒක මේ ලඟදිත් අස් කරා’ කියලා පලවෙනි පන්ච් එකෙන්ම ගැලවෙන්න හැදුවා. ම්හ්.. මොන සෙල්ලන්ඳ අපේ මායියත් එක්ක. ‘කෝ වීඩියෝ එකෙන් පෙන්නන්න ෆ්රිජ් එක ඇරලා’ කියලා ඕන් බැලුවා. මට හිතෙන විදියට ගෑනිට කලන්තෙ ඇල්ලුවා පුතා. සද්දයක් නෑ. ෆෝන් එක හරවලා බලද්දි එක අතින් කට වහන් අනිත් අතින් ඔලුව අල්ලන් ඉන්නවා හරියට මෝරයි මෝරියි කොටු පනිනවා දැක්ක ඉස්ස වාගේ. ‘අනේ..හ් දැම්මම ඕක අස් කරන්න.. දැම්මම..’ කිය කියා බෙරිහන් දුන්නා. මාත් ඉතින් පුදුම විදියට කීකරු සැමියෙක් හින්ඳා ෆෝන් එකත් ඕෆ් කරලා ගත්තා කලු ගාබේජ් බෑග් එකක්. ඇරිය ෆ්රිජ් එක. අම්මට උඩු!! මුදා නොගත් ප්රදේශ හෙන ගොඩයි මිත්ර වරුනි!!
දැම්ම අතට අහු වෙන අහු වෙන හැම ලබ්බම ගාබේජ් එකට. ඔහොම දාන් යද්දී අහු වුනා ක්රිස්ටෝපර් කොලොම්බස් තෑගි දීපු තක්කාලි. එතනින් ගියාම කහ වර්නෙන් පටන් ගෙන ලා අලු පාටක් දක්වා වර්න මාරු කරමින් සතුටින් ඉන්න චීස්. ආයෙ තිබ්බ මිදි වගයක් මේ ලෝකෙ එකෙක්වත් දැකල නැති හැඩයක් ගත්ත. පාර්සලයක් තිබුනා. මාස්ක් එකක් දාන් ගලවලා බැලුවා. සති තුනකට කලින් ගෙනාපු දුන් තෙල් බත් එකක්! අපරාදෙ කියන්න බෑ වැඩි ගඳක් දැනුන් නෑ මාස්ක් එක හින්ඳා. ඒකෙ හිටපු චිකන් එකා ඉපදිලා මෙලහට ඉස්කෝලෙත් යනව ඇති බන්. ඒ තරන් පරනයි ඌ. යටම අර එලවලු දාන සී තෲ බාස්කට් එකෙත් ගොඩ දේවල් තියනවා දැක්කා. වට්ටක්කා බෑයක් තමා කලින්ම එලියට ආවේ. පුස් අල්ලලා ඉතාම අලන්කාර වෙලා. කහ එකේ සුදු පුස් හිතල බලපල්ලකෝ. ඊට පස්සෙ අත දානකොට නිකන් සෙවලෙට වගේ ගෙඩි වගයක්. ඇරන් බැලුවා. ඔව් ඔව් ඔව්.. සති හතක් පරන හතූ.. ආයෙ බල බල හිටියේ නෑ තියන ඔක්කොම ඇරන් එබුවා බෑග් එකේ. දැන් ෆ්රිජ් එකේ දොර. යටම කෑල්ලේ මුන් ඇට හැලිලා අමුතුම මෝස්තරයක්. ඒ ඇට උඩ හිටන් ඉන්නේ එදා මෙදාතුර හදපු හොඳම අන්නාසි ජෑම් බෝතලේ. ජෑම් එක්ස්පයර් වෙනවද දන් නැති හින්ඳා ඒකත් බෝතලේ පිටින් දැම්මා ගාබේජ්. ඉන් පස්සේ දොරේ උඩම තියන බිත්තර. ඒව දාපු කිකිලියොන්ගේ පුකත් හා වෙලා ඇති මේ වෙනකොට. ඒ තරන් පරනයි ඒවා. ඔක්කොමත් හරි බිත්තර උඩ හරහට දාල තිබ්බ කල්කිරි බෝතලයක් හැලිලා, මිදිලා! අපූරුයි මාමේ. බිත්තර එන්නෙම නෑ කොච්චර ඇද්දත්. ඇයි හයි වෙලානේ. බිත්තර නරක් වෙනවද කියන එකත් මම දන් නෑ. ගූගල් කරන්නත් වෙලාවක් නැති හින්ඳා ෆුල් ඩම් එක දාලා ඇද්ද බිත්තර. ගොඩක් ඒවා ආවා. අන්තිම එකට ඉස්සෙල්ල එක අතේ පිපිරුවා පින්වතුනි. හම්මා සුවඳ! දැන් දන්නවා බිත්තර වලට මොකද වෙන්නෙ කියල ගොඩ කල් ගියාම. ඒ කැඩිච්ච බිත්තරේ අර බිත්තර වලවල් වලින් ගන්න තිබ්බ අමාරුව මේකෙ මම විස්තර කරන්න යන් නෑ පාඨකයනි. කිසි කෙනෙක් විශ්වාස කරන් නෑ ඒක..
ඉන් පස්සෙ උඩම තට්ටුවට නොහොත් ඩීප් ෆ්රීසර් එක ඇරියා. හම්ම සාන්ත. එකේක පැකට් වල එකේක මස් මාලු ජාති! උන් සහයෝගෙන් ඕමි ගහනවා. මේව ගෙනාපු කාල වකවානු මට මහතකත් නෑ අදාලත් නෑ. ‘බැහැපියව් ඔක්කොම එලියට’ කියල ඇදල දැම්මා ඒ පැකට් වල හිටපු චිකන්, වටුවො, තෝරු, හරක් ඔක්කොම. ඔක්කොම උන් වගේ ගල් වෙලා අයිස් වලට. හරියට උත්තරද්රැවයෙ අගමැතිගෙ මොකක්ද දෙක වගේ. දැන් ගාබේජ් බෑග් එක උස්සන්න බෑ! ෆ්රිජ් එක හිස් වුනාට වයිවාර්න පාට ඒකෙ ඇතුලෙ. ‘දැන් හෝදන්න’ කියපි නිර්මලා! අනේහ් මේ.. බම්බුවක් කියනවා. ඕක හෝදන්න මම දන් නෑ. අනික ඒකෙ අර තට්ටු ගලවලා ඕක කරන්න තව පැය තුනක්වත් යයි. හෙමීන් වහල දැම්ම දොර. ෆෝන් එක ඕෆ් කරලා ටී වී බැලුවා..
උපුටා ගැනීම: Susantha Pethiyagoda

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!